බරපතළම ඖෂධ හිගයට ලංකාව මුහුණ දෙයි

බරපතළම ඖෂධ හිගයට ලංකාව මුහුණ දෙයි

ඹෟෂධ හිගය තව තවත් උග්‍රවනු මිස අඩු විමක් ‌නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයේ මාධ්‍ය ප්‍රකාශක් වෛද්‍ය චමිල් විජේසිංහ අප කළ විමසුමක දී පැවැසීය .

මිට පෙර ඖෂධ වල යම් හිගයක් පැවැතුන ද නමුත් මේවැන් තත්ත්වයක් ඉතිහාසයේ කවදාවත් උද්ගත වෙලා තිබුණේ නැහැ .මේ නිසා බාහිර‌ ‌රෝගී අංශවල බෙහෙත් පිටින් ගන්න කියලා ‌ රෝගීනට කියන්න වෙලා. නිර්වින්ද ඖෂධ නොමැති නිසා ශල්‍යකර්ම සීමා කරන්න වෙලා .

අක්ෂි රෝහලේ ශල්‍යකර්මය බොහෝ සීමා වෙලා .දැනට තියෙන ඖෂධ වලින් ජිවිතාරක්ෂාක ඖෂධ 14 ක්ම පැවතුනත් අත්‍යාවශ්‍ය ඖෂධ 150 ක් රොහල් වල ඇත්තේම නෑ යනුවෙන් මාධ්‍ය ප්‍රකාහකවරයා අනිද්දා වෙත පැවැසීය .

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු හිග මුදල බිලියන 23 ක වන බවත් විකල්ප සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිමේ දි විශාල අවහිරතා හා බාධාවන් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශක වැඩිදුරටත් කීය .

සදලි කණ්ඩම්බි – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *