යුද්ධය ඉක්මනින් අවසන් කරනවා – ජනාධිපති පුටින්

The war will end soon - President Putin

යුක්ක්‍රෙනයට එරෙහිව ගත් යුද ක්‍රියා මාර්ග ඉක්මනින් අවසන් කරන බව ජනාධිපති විලැවිදිමිර් පුටින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පවසා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දා උස්බෙකිස්තාන සමර්හවිද් අගනුවර පැවැති ෂැංග්හයි ආර්ථික සමුළුවේදි ජනාදිපති පුටින් සහ ඇගමැති මෝදි හමුවි ඇති අතර එහි දී මේ බව පවසා ඇත.

රුසියන් හමුදාව යුක්ක්‍රෙනය ආක්‍රමණය කළේ පෙබරවාරි මාසයේදීය .රුසියන් හමුදා යුක්ක්‍රෙනය ආක්‍රමණය කළ පසු පුටින් සහ මෝදි හමු වු පලමු අවස්ථාව මෙය විය.

මෙම හමුවේදී අගමැති මෝදි , යුක්ක්‍රෙනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අගමැති මෝදි ජනාධිපති පුටින්ට විරෝධය පල කිරීම ගැන ඇමරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය මෝදිවට ප්‍රශංසාවපල කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *