රනිල් කාපුටාගේ ආරක්ෂකයෙක්

A bodyguard of Ranil Kaputa

ආණ්ඩුව ත්‍රස්තවාදී පනත යොදා ගෙන විරුද්ධවාදීන්ට එරෙහි මර්දනයක් ගෙන යන ගමන්ම, රාජපක්ෂ රේජීමයයේ වංචා, දුෂණ දේශපාලන ඝාතන යට ගැසීමට ජානාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසයි.

2009 වර්ෂයේ හිටපු අමාත්‍ය ජෙයරජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධියට සැකපිට ගම්පහ හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්ම කුරේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ බවත් අවුරුදු 13 කට පස්සේ සැප්තැම්බර් (01) නිදොස් කොට නිදහස් වන කුරේ අතුළු පිරිස නැවත බන්ධනාගාර ගත කර ඇතැයි කී සිල්වා අධිකරණ නියෝගයක් නොමැතිව කුරේ ඇතුළු පිරිස රඳවා ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය .

පොලිස් අධිකාරී කුරේ ඇතුළු පිරිස රඳවාගෙන ඇත්තේ, ත්‍රස්තවාදී පනත යොදා ගෙන බවත් ත්‍රස්තවාදී පනතට එරෙහිව නැගි සිටින්නැයි නන්දිමාල් සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොලිස් අධිකාරී කුරේ ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කර තිබියදීත් නැවත නඩුවක් පවරා බන්ධනාගාර ගත කර ඇතැයි කී සිල්වා එම නඩුවෙන් පසුව තවත් නඩුවක් පවරනවා දැයි ඔහු බලධාරීන් ප්‍රශ්න කර සිටියේය.

ත්‍රස්තවාදී තත්වයක් නැති තත්වයක් ඇතුලේ වසන්ත මුදලි ගේ පිරිස ත්‍රස්තවාදය වැළැක්විම පනත යටතේ රඳවාගෙන සිටින බවත් ත්‍රස්තවාදී පනතට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කළ යුතු බව සිල්වා පෙන්වාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *