රනිල් ගේ ආණ්ඩුවට විසදුම් නැහැ ! පාසැල් ළමුන් හාමතේ  | ජෝශප් ස්ටාලින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩු ඉතිරි අවුරුදු දෙක බලයේ සිටියොත් අධ්‍යාපනය පමණක් නොව මුළු රටම විනාශ වන බවත් ඒ නිසා අපි ආණ්ඩුවට ගෙදර යන්නැයි අපි බල කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

ස්ටාලින් එසේ පැවැසුවේ කොටුව ච්ත්තම්පලම් ගාඩන්හි ලංකා ගුරු සංගම් කාර්යාලයේ අද (26) සවස පැවැති ප්‍රවෘත්ති සාකාච්ජාවේදීය .

පාසැල් වාර විභාගය පැවැත්විමට රජය තිරණය කර ඇති බවත් ස්ටාලින් පලමු වාර විභාගය පාසැලෙන් ද දෙවන වාර විභාගය දිස්‍ත්‍රික් මට්ටමෙන් ද තුවන වාර විභාගය පළාත් මට්ටමෙන් පැවැත්වෙන බවත් කීය .

ඩිමයි කොල ඉහල යැම නිසා විභාග පැවත්විම බරපතළ අර්බුදයක් නිර්මාණය වි ඇතැයි කී ස්ටාලින් රුපියල් 6350 ට තිබු බාලම කොල රුපියල් 14,000 ඉහල ගොස් ඇති බවත් රුපියල් 3500 යට තිබු පහේ තීන්ත පැක් එක රුපියල් 15,000 වැඩි වී ඇති බවත් පැවැසීය.

රුපියල් 2000 ට තිබු සපත්තු කුට්ටම රුපියල් 4000 සිට 8000 දක්වා වැඩි වි ඇති බවත් ආහාර නොමැති කම නිසා පාසැල් ළමුන් ක්ලන්තය දා වැටෙන බව කී ස්ටාලින් ළමුන් ගේ පෝෂණ ප්‍රශ්නය විසදීමට පවා ආණ්ඩුව අසමත් වී ඇතැයි ද පෙන්වාදුන්නේය .

1 thought on “රනිල් ගේ ආණ්ඩුවට විසදුම් නැහැ ! පාසැල් ළමුන් හාමතේ  | ජෝශප් ස්ටාලින්

  1. රනිල් ගේ ආණ්ඩුවට විසදුම් නැහැ ! පාසැල් ළමුන් හාමතේ | ජෝශප් ස්ටාලින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *