රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැර පොලිසීය උද්ඝෝෂකයන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටත් පහර දෙයි

හිටපු ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ නිවස ඉදිරිපිට 2022 වර්ෂයේ මාර්තු 31 වෙනිදා පැවැති විරෝධතා උද්ඝෝෂණයට වසරක් පිරීම නිමිත්තෙන් අද (31) පැවැති උද්ඝෝෂණයේ විරෝධතාකරුවන්ට පොලිසිිය අමානුෂික ලෙස පහර දී විසුරුවා හැරියේය .

මෙම උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය ලංකා ස්කයි නිව්ස් ප්‍රධාන කර්තෘ ශාන්ත විජේසුරිය පොලිසියේ රාජකාරීයට බාධා කළා යැයි වටකර ගෙන පහරදුන් අතර සිරස මාධ්‍යවේදී වින්ධන ප්‍රසාද් කරුණාරත්නට ද බැණ තර්ජනය කරන ලදී .

මිිරිහාන මංසදියේ සිට නුගේගොඩ දෙසට විරෝධතාකරුවන් පසු පස හඹාගෙන ආ පොලිසීය ධානීස් , අනුරුද්ධ බණ්ඩාර සහ සුධාර යන අරගලකරුවන්ට පහර දි පොලිස් ජිප් රථයක නංවාගෙන රැගෙන යන ලදි . පසු ඔවුන්ව පොලිස් ඇප මත මුද්‍රා හැර තිබේ .

පොලිසිය අරගලකරුවන්ව හයිලේවල් පාර දක්වා එළවාගෙන ආ අතර නුගේගොඩ පොලිසීය ඉදිරිපිට දී තාරුණයට හෙටක් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකරව බිම පෙරළාගෙන අමානුෂික ලෙස පහර දුන් අතර එම අවස්ථාව ආවරණය කළ ලංකා ස්කයි නිවිස් ප්‍රධාන කර්තෘ විජේසුරියට පෙරළා පහරදී තිබේ .

ආණ්ඩුව මොන යම් හෝ මහජන විරෝධතාවයකට ඉදිරියේදී ඉඩ නොබන බව අද මිරිහාන උද්ඝෝෂණයට සහ මාධ්‍යවේදීන් හට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයෙන් පෙන්නුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *