ඇමති කංචන ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයි

ඛනිජ තෙල් ගෙන්වීම,බෙදා හැරීම හා විකිණීම සම්බන්ධයෙන් වු වෙළදපොල විවෘත කිරීමේදී එම කටයුතු නියාමානය සදහා ආයතනයක් ඇති කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය කරන ලද නිර්දේශ විෂයභාර ඇමති කංචන විජේසේකර මෙතෙක් ක්‍රියාත්මක නැති බව හ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් අරුණ නිශාන්ත රණවීර පවසයි .

ඛනිජ තෙල් සංශෝධිත පනත අභියෝගයට ලක්කරමින් හ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා එහි නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ 51/2022 පෙත්සම තීන්දුව තුල ඛනිජ තෙල් ක්ෂේත්‍රය නියාමනය සදහා ආයතනයක් ඇති කළ යුතු බවට වු එම නිර්දේශ ඇතුළත් බවපවසන නිහාන්ත වැඩිදුරටත් පවසන්නේ එම නිර්දෙශ ක්‍රියාත්මක කොකරමින් ඛනිජ තෙල් වෙළදපොල විදේශ සමාගම්වලට විවෘත කරමින් පවතින බවයි .

ඔහු පවසන්නේ මේ වනවිටත් ඛනිජ තෙල් මිල හා ප්‍රමිතිය දම්බන්ධයෙන් නියාමනය කිරීමට ආයතනයක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථා මිල සම්බන්ධයෙන් තිරණය ගනු ලබන්නේ ඇමතිවරයා ඇතුළු කිහිප දෙනෙකු බවය . එහෙත් වෙළදපොල විවෘත කිරීමෙන් පසු ඉදිරියේදී විදේශ සමාගම් සම්බන්ධයෙන් එසේ මිල තීරණය කිරීමේ අවස්තාවක් ඇමතිවරයා ඇතුව කණ්ඩායමට නෙලැබෙන බවත් ,දැනටමත් අයිඔිසී සමාගමේ ඉන්දන වීකිණීම සම්බන්ධයෙන් මිල තිරණය කිරීමේ හැකියාවක් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට නැති බවයි .

ඔහු අවධාරණය කරන්නේ දැනට ඛනිජ තෙල් ප්‍රම්තිය සම්බන්ධයෙන් පරික්ෂා කරන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාාවර පමණක් බවත් ඒ සදහා රාසායනාගාර පහසුකම් ඇත්තේ සංස්ථාවට පමනක් බවත් සල්ෆර් ප්‍රතීශතය වැඩි අඩුමිල ඉන්ධන ඒ අනුව විදේශ සමාගම්වලට වෙළදපොල නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඇි කරනු ලැබුයේ විදුලිය ,ජලය හා ඛනිජ තෙල් ක්ෂත්‍රය නියාමනයට වන අතර එම කොමාසම යටතට මේ වන විට පත්කර ඇත්තේ විදුලි බල ක්ෂත්‍රය පමණය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *