ධනපති පක්ෂ ,වාමාංශීක පක්ෂ සහ වෘත්තීය සමිති ලෝක මැයි දිනය සමරයි

ධනපති පක්ෂ , වාමාංශීක පක්ෂ සහ වෘත්තීය හා බහුජන සංවිධාන අද (01 ) කොළඹ දී ලෝක කම්කරු දිනය සමරයි

සමගි ජන බලවේගයේ මැයි පෙළ පාලිය මාලිගාවත්ත පී .ඩි . සිරිසේන ක්‍රීඩංගණයේ ඉදිරිපිටින් සවස 02 කට ආරම්භ කර කොළඹ කෙසෙල් වත්ත ඒ .ඊ .ගුණසිංහ ක්‍රීඩාංගණය දක්වා පෙළපාලිකරුවෝ ගමන් කළහ .

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ඒ . ඊ .ගුණසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වේ .

වැඩකරන ජනතාව‌ගේ එකාබද්ධ මැයි පෙළපාලිය කොළඹ ටෙක්නිකල් මංසන්දියෙන් සවස 2.30 ට පමණ ආරම්භ කර මාලිගාවත්ත පී.ඩි. සිරිසේන ක්‍රීඩංගණය දක්වා පෙළපාලිකරුවෝ ගමන් කළහ .

වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය පී.ඩි .සිරිසේන ක්‍රීඩංගණයේදී පවත්වන ලදී .

බැංකු සේවක සංගමය , ලංකා ගුරු සංගමය , වානිජ හා කාර්මික සේවක සංගමය, නිදහස් වෙළද කලාප සේවක සංගමය ටෙලිකොම් සෙවක සංගමය සහ සෞඛ්‍ය සේවක සංගම් ඇතුළු වෘත්තීය සමිති වැඩ කරන ජනතාවගේ එකාබද්ධ පෙළපාලියට ඒක්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *