ඩයනා උසාවියට අපහාස කරලා -අභියාචනාධිකරණයට දන්වයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණ සභාපති විනිසුරු වෙත ඉල්ලීමක් යොමුකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ජුනි 22 දින නියෝග කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඇයගේ පුරවැසිභාවයට ආදාල නඩුවේ පැමිණිලිකරු වන ඔිෂල හේරත්ගේ නීතිඥයින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. එම නඩුවට ආදාළ නියෝගයක් අප්‍රේල් 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අල්විස් විසින් ප්‍රකාශයට පත් කර තිබු අතර ඩයනා ගමගේ මැයි 29 වෙනිදා රූපවාහිනී නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් පවසා ඇත්තේ එම තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර ප්‍රසිද්ධ පත් කර ඇති බවයි . ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව අධිකරණයට කරුණු වාර්තාකරමින් කියා ඇත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අප්‍රේල් 24 දිනට ප්‍රථම කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ප්‍රකාහයට පත්වී නැති බවයි .

ඉදුවර බණ්ඩාර -අනිද්දා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *