ප්‍රති ත්‍රස්ත පනත සහ මාර්ගගත පනත වහා හකුළා ගන්නැයි නීතිඥ සංගමය ආණ්ඩුවට බල කරයි

ප්‍රති ත්‍රස්ත පනත සහ ඔන්ලයින් (මර්ගගත) ආරක්ෂණ කෙටුම් පනත යන පනත් දෙක ප්‍රජාත්‍රවාදයට , භාෂණයේ හා ප්‍රකාශනයේ සහ නීතියේ අධිපත්‍යයට අයිතියට බරපතළ තර්ජනයක් වන බැවින් වහාම හකුළා ගන්නැයි නීතිඥ සංගමය ආණ්ඩුවට දැනුම් දිමට තිරණයක් ගෙන ඇත.

මෙම තිරණය ගෙන ඇත්තේ ශ්‍රී ලකා නීතිඥ සංගම් කාර්යාලයේ ඊයේ (24) පැවති සභා රැස්විමකදීය .

ආදාළ කෙටුම් පනත් දෙක සම්මත කර නොගන්නැයි ආණ්ඩුවට බල කර යැවීමටත් එම පනත් කෙටුම් පත් දෙක ආණ්ඩුව හකුළා නොගන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමටත් මෙහි දී තිරණය කර තිබෙි .

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෝ ඊට ආදාල කිසිදු පාර්ශවයකින් හෝ කිසිදු විමසීමකින් තොරව එම කෙටුම් පනත් සකස් කර ඇතැයි එම සංමගමය පෙන්වා දෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *