සිපෙට්කෝ – සිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි

සියලුම ඉන්ධන වර්ග වල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමු බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි .

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින් වැඩි වි ඇති අතර එහි නව මිල රුපියල් 365 කි. ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 03 කින් වැඩ් වි ඇති අතර එහි නව මිල රුපියල් 420 කි .ඩිසල් ලීටරයක් මිල රුපියල් 10 කින් වැඩි වි ඇති අතර නව මිල රුපියල් 351 කි .සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 62 කින් වැඩි වි ඇති අතර නව මිල රුපියල් 421 කි . භුමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් වැඩි වි ඇති අතර එහි නව මිල රුපියල් 242 කින් ඉහළ දැමු බව සදහන් කළේය .

සිනොපෙක් සමාගම ද තෙල් මිල ඉහල දමා ඇත.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 61 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417 කි .ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 10 කින් ඉහල දමා ඇති අතර නව මිල රුපියල් 348 කි .95 ඔක්ටෙන් ලීටරයක් රුපියල් 06 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 420 කි . 92 ශක්ටෙන් මිල ඉහළ දමා නැති අතර එහි දැනට පවතින මිල රුපියල් 358 බව සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *