රුසියාන් හමුදා ග්‍රහණයෙන් ලංකීක සිසුන් හතක් බේරා ගනී

Seven Sri Lankan students are rescued from Russian military capture

යුක්ක්‍රෙන හමුදාව විසින් රුසියානු හමුදා ග්‍රහණයෙන් මුදවාගත් යුක්ක්‍රෙනයේ කර්කිව් පළාතේ, රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් බේරා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය.

බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු හමුදා ඔවුන් අල්ලාගෙන කර්කිව් පළාතේ ගොඩනැගිල්ලක බිම් මහලක රඳවා ගෙන සිට ඇති බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී ප්‍රකාශ කර ඇත.

බේරාගත් සිසුන් හත් දෙනා පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *