විදුලි බලාගාර බිඳ වැටිමේ අවදානමක්

Risk of collapse of power plants

ආණ්ඩුව මුණ දී ඇති විනිමය අර්බුදය හේතුවෙන් අවශ්‍ය ගල් අගුරු ආනයනය ඇනහිටීම නිසා නොරෝච්චෝල් තාප විදුලි බලාගාරය ඉදිරි කාලය තුල බිද වැටිමේ අවදානමක් උද්ගතව ඇත.

මෙම විනිමය අර්බුදය වෙනත් තාප බලාගාර සඳහා ද බලපා තිබේ.

වික්ටෝරියා , රන්දෙනිගල සහා රන්ටැඹේ යන ප්‍රධාන විදුලි බලාගාර සඳහා අත්‍යාවශ්‍ය අලුත් වැඩියා සිදු කිරීමට අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට ඩෝලර් නොමැති විමෙන් එම බලාගාර ද හිටි හැටියේ බිද වැටිමේ අවදානමක් මතුව ඇත.

උපයෝගිතා කොමිසම මගින් පසුගිය 28 වෙනිදා කොළඹ බණ්ඩාරනයක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා අදහස් ලබා ගැනීමේ රැස්විමක් සංවිධානය කර තිබු අතර එහි දී ලාංකා විදුලි බල මණ්ඩය මගින් ඉහත තොරතුරු හෙළි කර ඇතැයි ද සදහන්.

විදුලි පද්ධතියේ කඩා වැටිමක් සිදු වුවහොත් දිනකට පැය 15ක් පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීමට බව ද එහි දී විදුලි බල මණ්ඩලය පෙන්වා දුන්හ.

1 thought on “විදුලි බලාගාර බිඳ වැටිමේ අවදානමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *