ජනාධිපති මාධ්‍ය ප්‍රධානීගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂකවරයෙකු ඔහුගේ නිල වාහනය ඇගළුම් කම්හලකට දිලා

0
jnaadhipti_kaaryaaly_0

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂකවරයෙකුට එම මාධ්‍ය අංශය මගින් ලබා දී තිබු නිල වාහනය (PJ 0795) අංකය දරණ කැබ්රථය කුලී පදනම මත හෝ ‌ දේශපාලන සම්බන්ධතාවයක් මත හෝ ලක්ෂිත ඇගළුම් කර්මාන්තායතනයට ලබා දී ඇතැයි අනාවරණය වී ඇත.

මෙම කැබ් රථය ජනාධිපති මාධ්‍ය අංශයෙන් ලබා දි ඇත්තේ එම මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු වන සුගත් බෙන්තරටය. බෙන්තර තමන්ගේ නිල වාහනය පාවිච්චි නොකර ජනාධිපති ලේකම් කාර්යාලයේ අනෙකුත් සේවකයන් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම නිසා සැකයක් ඇති වී සොයා බලද්දී , ලක්ෂිත ඇගළුම් කම්හලට එම කැබ්රථය අවුරුද්දක පමණ කාලයක සිට ලබා දී ඇතැයි ‌හෙළි වි තිබේ .

ඔහු ‌මෙම කැබ්රථය ලක්ෂිත ඇගළුම් කම්හලට ලබා දී ඇත්තේ , ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ධනුෂ්ක රාමානායකගේ උපදෙස් මත බව ද වාර්තාවේ .

ජනාධිපති මාධ්‍ය ප්‍රධානීගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂකවරයෙකු ඔහුගේ නිල වාහනය ඇගළුම් කම්හලකට දිලා

ජනාධිපති මාධ්‍ය අංශයෙන් බෙන්තරට මාසිකව ගෙවන රුපියල් 80.000ක වැටුපට අමතරව වාහනයක් රියදුරෙක්, වහානයට අවශ්‍ය ඉන්ධන සහ නඩත්තු කටයුතු ද සිදු කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින්ය .

ලක්ෂිත ඇගළුම් කම්හලට වාහනය ලබා දී ඇත්තේ රියදුරු ධනුෂ්ක සමගය . ධනුෂ්ක බෙන්තරගේ ිරියදුරා වන අතර ඔහු ඇගළුම් කම්හලට සේවය කරද්දී වැටුප් සහ අත්තිකාල දීමා ලබාගෙන ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. ඊට අමතරව වාහනයට හිමි මාසික ඉන්ධන දිමනාව ද අඛණ්ඩව ලබාගෛන ඇත.

බෙන්තරගේ මෙන්ම රියදුරු ධනුෂ්ක ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ධනුෂ්ක රාමනායකගේ සමිපතයෝ වෙති .

ලක්ෂිත ඇගළුඹ් කම්හලේ අයිතිකරු වන අසේල වීරක්කොඩි , බෙන්තරගේ සහ රියදුරු ධනුෂ්ක හතලිස් තුන්වන සේනාන්කයේ ප්‍රබලයන් බවට ජනාධිපති ලේකම් කාර්යාලය හෙළි කරගෙන ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ධනුෂ්ක රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ලේකම් ලෙස ද කටයූතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *