ඔස්මන්ගේ තුවක්කුව CCD යේ පල්ල ගලවයි
ශාන්ත විජේසුරිය විසිනි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාශය (CCD) මගින් විජේරත්න ආරච්චිගේ ජෝර්ජ් ඔස්මන් මෙදොන්සා ගුණසේකර නොහාත් ගම්පහ ඔස්මන් යන අය සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව ඝාතනය කිරීමට කුමන්ත්රණය කළා යැයි සහ ගිනි අවිය ලබා දුන්නා යැයි අත්තනෝමතිකව ලෙස අත්අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රඳවාගෙන ඇත .
ඔස්මන්ගේ මඟ වෙනස් කරන වවුල් කැලේ ඝාතකයෝ
ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන්ගේ නම කරලියට පැමිනෙන්නේ 1991 නොවැම්බර් 25 වනදා අත්තනගල්ල උසාවියේ පරිශ්රයේ සිදු වු ද්විත්ව ඝාතනයත් සමඟය. 1988 -89 යේ ආර් . ප්රේමදාසගේ ධනපති ආණ්ඩු කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව දැවැන්ත භිෂණයක් මුදා හැරීයේය. එම වකවානුවේ රජයේ මැර හමුදා , පොලිසිය සහ විවිධ නම් වලින් පෙනී සිටි කල්ලි කණ්ඩායම් විසින් තරුණ ,තරුණියන් පැහැරගෙන ගොස් වධබන්ධයන්ට ලක්කර මරා දමා ලදි. නැතහොත් පනපිටින් ටයර් දමා පුළුස්සා දමන ලදී. නැතිනම් පෑහැරගෙන ගොස් අතුරුදන් කෙරිණ. එම භිෂණ සමයේ ගම්පහ විරගුල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ඔස්මන්ගේ බලා සොහොයුර , නංගිලා දෙදනෙකු සමඟ විවාහ වී සිටි මස්සිනාලා දෙන්නා සහ ඔහුගේ යාළුවන් දෙදනෙකු ඇතුළු පස් දෙනෙකු වාහනයකින් ගමන්කරමින් සිටියදී පැහැරගෙන ගොස් වඳබන්ධනයන්ට ලක් කර වවුල් කැලේ එල්ලක්කල ප්රදේශයේදී ටයර් දමා පුළුස්සා ඇත. මේ සිද්ධිය වන විට ඔස්මන් ජපානයේ රැකියාවක් කරමින් සිටියේය.පසුව ඔහු ජාපානයේ සිට පැමින අත්තනගල්ල උසාවියේ නඩු තීන්දුව දීමට නියමිත තිබු 1991 නොවැම්බර් 25 වන දින වීරගුල පොලිසියේ හිටපු ස්ථානාධිපති බී.ඒ.ධම්මික චන්ද්රසේන සහ ඔහුගේ මාමණ්ඩි වන බැලුම්මහර ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල් විජේසේකර නොහොත් සුරම්ය මුදලාලිව වෙඩි තබා ඝාතනය කළා යැයි ඔස්මන්ට චෝදනාව එල්ල විය. අත්තනගල්ල ද්විත්ව ඝාතනයේ මහාමොළකරු ලෙස හැදින් ඔස්මන් ජාපානයට ගොස් සිටියදී මෙරට රැගෙන එන ලදී. පසු ඔහුට එරෙහිව පවරා තිබු එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරිණ.
ඔස්මන්ගේ ජිවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ අත්තනගල්ල උසාවියේ ද්විත්ව ඝාතනයයි. ඊට එවකට පැවති ප්රේමදාසගේ ආණ්ඩුවත් ,නීතිය ,නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය මෙන්ම ධනපති ක්රමය වගකිව යුතුය.
වීරයෙකුට පෙම්බැදි කතක්
ඔස්මන් හමුදාවට බැදීමට සිටි පෙර දිනයේ ගම්පහ ජනතාවට එවකට හිස රදයක්ව පැවති කුමාරසිංහ නැමැත්තා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වන්නේය.. ඔස්මන්ගේ පලමු සිරගත විම සිද්ධ වන්නේ ඒ අයුරින්ය. එම මිනී මැරුමට සිරගත වන විට ඔහුගේ වයස අවුරුදු 19 කි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉන් නිදහස් වි ඇත. ඔස්මන් අපො . උස්ස පෙළ දක්වා අධ්යාපනය ලබා ඇත. පවුලේ පලමු වැනියා ඔහුය.ඔස්මන්ට නංගිලා තිදෙනෙකු සහ මල්ලීයෙකු සිටි. තාත්තා සමුපාකාරයක කළමනාකරුවෙකු වශයෙන් රැකියාව කොට ඇත.
කුමාරසිංහ ඝාතනය කර නිදහස් වී පැමින පසු ඔස්මන් අනුරාධපුර කලා වැව ප්රදේශයේ ගොවිතැන් කටයුතු වල මෙන්ම ව්යාපාර කටයුතු වල නියැලි අත. ඔහුට ජාපානය යන්නේ වාහන මෙරටට ආනයනාය කර ව්යාපාරයක් පටන් ගැනීමටය.ඔහු පසු කාලයේ බෙල්රුස් වලින් වාහන වල කොටස් ගෙන්වා අලෙවි කර තිබිණ.

ජාපානයේ ඔහු වැඩ කළ ආයතනයේ හම්පුතු සමඟ.
ඔස්මන් තිදරු පියෙක් වන අතර ඔහුට පුතෙක් සහ ගැහැනු දරුවන් දෙදනෙකු සිටි. ඔස්මන්ගේ බිරිඳ උදේනි ධම්මික කුමාරි ගුණසේකරය. හැට සහ හැතෑව දශක වල ගම්පහ කියන්නේ ගැහැනියෙකුට පාරේ බැහැ යන්න බැරි , චන්ඩින්ගෙන් පිරුණු නගරයක් ස්ත්රී දුෂකයන්ට සහ ජනතාවගේ දේපල කොල්ල කන අයට එරෙහිව ඔස්මන් අයිය නැගී සිටිම නිසා ඔහු ඇගේ වීරයෙකු වු බව ඇය අප සමඟ පැවසුවාය.
ඔස්මන්ගේ තුවක්කුව CCD යේ පල්ල ගලවයි

සී.සී.ඩි. මගින් අත්අඩංගුවට ගත් රිිිිිපීටර් තුවක්කුවේ බලපත්රය.
පැය දෙකකට ආසන්න කාලයක් (2025මැයි 13) කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඔස්මන්ගේ නිවස පරික්ෂා කළ ද නීති විරෝධී කිසිවක් අත්අඩංගුවට ගෙන නැත. අංක -24 -SL GZ-0071G2 PRO තුර්කියේ නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක් හා එම ගිනි අවියට යොදන මැගසින් දෙකාක් සහ උණ්ඩ දහයක් ඔස්මන් සන්තකයේ තිබි අත්අඩංගුවට ගෙන තිබුණි. එම ගිනි අවිය ඔස්මන්ගේ බිරිඳගේ සහෝදරයෙකුගේ නමට නිකුත් කර තිබු අතර ඊට ආදාළ නිත්යානුකුල බලපත්රය එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හට ලබාදුන් ද කෙසේ හෝ ඔස්මන්ව අත්අඩංගුවට ගැනීමෙ අවශ්යතාවය මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගිනි අවිය ඔවුන් භාරයට ගෙන ඇත.


ඔස්මන්ගේ නිවස පරික්ෂා කළ සී.සී.ඩි. නිලධාරීන් ලක්ෂ ගණන් වටිනා දේපල හානිකර ඇති අයුරු.
ඔස්මන්ගේ නිවසේ තිබි අත්අඩංගුවට ගත් ගිනි අවියට බල පත්රයක් තිබෙන බව දැන දැනත් , බී වාර්තාවට එය ඇතුළත් කර ,සැකකරුගේ නිවස පරික්ෂා කරද්දී, නීති විරෝධී ගිනි අවියක් අත්අඩංගුවට ගත්තා යැයි මාධ්ය නිවේදනයක් ද නිකුත් කරන ලදී. එතැනින් නොනැවතුනු කොළඹ අපරාධ කොට්ඨාශය පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ ද එම මාධ්ය නිවේදනය පලකර තිබිණ. එම මාධ්ය නිවේදනය මගින් නිර්දෝෂිභාවයේ පුර්වනිගමනයේ සංකල්පය සී.සී.ඩි. සහ පොලිසිය මගින් අමු අමුවේ උල්ලංඝණය කර තිබේ.
පසුව කොළඹ ප්රධාන මහේස්ත්රාත්ගේ නියෝග ප්රකාරව 2026 ජුනි 08 වන දින නඩු අංක GM/MCI/PC/03863/26/B යටෙත් ගම්පහ මහේස්ත්රාත් අධිකරණය මගින් ගිනි අවියේ නිත්යානුකුලභාවය පරික්ෂා කර එම ගිනි අවිය බලපත්රලාභීයාට නැවත ලබා දි නඩුව අවසන් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් බලපත්ර සහිත ගිනි අවියක් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන බල පත්ර රහිත ගිනි අවියක් සැකකරුගේ නිවසෙන් අත්අඩංගුවට ගත්තා යැයි අසත්ය ප්රචාරය කිරීම මගින් නීතිය ගණිකා වෘත්තීය යොදවා ඇත. ඒවැනි අසත්ය ප්රචාර මගින් ඔහුගේ පවුලේ අය බරපතළ අපහසුතාවයට පත්කර ඇතුවා පමනක් නොව ගිනි අවි සිද්ධියෙන් ගම්ය වන්නේ අපරාධ කොට්ඨාශය අපක්ෂපාතිව කටයුතු කරනවා වෙනුවට ඔස්මන් වැනසීමට කොන්ත්රාතුවක් භාරගෙන ඇති බවයි. ඔස්මන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය පිටුපස සිට මෙහෙවන බලවේගය කොතරම් බලවත් යත්, ඔහු සම්බන්ධව අසත්ය ප්රවෘත්තී නිර්මානය කරමින් ආණ්ඩුවත් ,පොලිස් දෙපාර්මේන්තුවත් -මහජනතාවත් නොමඟ යවා ඇත.
බලය අපයෝජනය කිරීම
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් 2026 මැයි 13 වනදා ඔස්මන්ව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය හදුන් වන සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජිව 2025 පෙබරවාරි 16 වන දින කොළඹ අලුත් කඩේ අංක 05 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සැලසුම් කිරීම ,කුමන්ත්රණය කිරීම සහ ඝාතනය කළ ගිනි අවිය ලබා දුන්නැයි යන චෝදනාවන් සම්බන්ධයෙනි. ගනේමුල්ල සංජිව ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් පනවා ඇති නඩුවේ ඔස්මන් 44 වන සැකකරු ලෙස නම් කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අලුත් කඩේ ප්රධාන මහේස්ත්රාත් හමුවට 2026 ජුනි 26 වනදා ඉදිරිපත් කරන ලද වාර්තාවේ සදහන් වන ආකාරයට මෙම නඩුවේ 18වන සැකකරු වන කෙහෙල්බද්දර පද්මේගේ ඉල්ලීම මත 32 වන සැකකරු වන ලියනගේ මනෝජ් සුරංඟ විසින් දැනට විදේශගතව සැගව සිටින 45වන සැකකරු වන ජුඩ් ප්රියන්ත දැනුම්දීම මත 43වන සැකකරු වන රාජා විසින් 44 වන සැකකරු වන ඔස්මන්ගෙන් ගිනි අවිය ලබාගෙන කඩවත ප්රදේශයේ පුද්ගලයෙකුට ලබා දී ඇත. සමගාමී සාක්ෂිකරුවෙකු විසින් කරන ලද සංකීර්ණ සහ වියහැකිභාවයේ සම්භාවිතාව අඩු වෙනත් ස්වාධින සාක්ෂියකින් තහවුරු නොකළ ප්රකාශයක් මත පමනක් සැකකරු අත්අඩංගුවට ගෙන රඳවාතබා ගැනීමෙන් ඔහුගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය වි ඇති බවත් “සාධාරණ සැකය “ නීතියෙන් පිළිගත නොහැකි අතර ඒ වැනි තත්ත්වයක් පිළිගනු ලැබුහොත් , ආණ්ඩු ක්රම ව්යවස්ථාවෙ13 (1) වගන්තියේ සහතික කර ඇති ආරක්ෂාව අර්ථශුන්ය වන අතර ඒ මගින් අත්අඩංගුවට ගැනිමේ බලය බරපතළ ලෙස අපයෝජනය කිරිම සඳහා ඉඩ සැලසේන බව ඔස්මන්ගේ නීතිඥයෝ පෙන්වා දෙති.
කොළඹ අපරාධ කොට්ඨාශය එක් සැකකරුවෙකු කළ ප්රකාශයක් මත සැකකරුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 180 ක් රදවාගෙන ප්රශ්න කර ඇත.
ජයසුන්දරගේ සහ පත්මේගේ පෙම් හබය

නියෝජ්ය පොලිස්පති වරුණ ජයසුන්දර.

කෝරළගේ මන්දුනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ.
කෙහෙල්බද්දර පත්මේ සමඟ සමිප සම්බන්ධතා පැවැත් වු බවට පොලිස් විශේෂ බලකායේ හිටපු අණදෙන ලද නිලධාරි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී හා නීතිඥ වරුණ ජයසුන්දරට චෝදනා එල්ල විය.ඔහු කෙසෙල්බද්දර පත්මේ සමඟ ජංගම දුරකතනයෙන් අවස්ථා සීයකදි සබඳතා පවත්වා ඇතැයි චෝදනා කොට ජයසුන්දරව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැඳවා ප්රශ්න කරන ලදී. ගනේමුල් සංජීව ඝාතනය කළ දවසේත් කෙහෙල්බද්දර පත්මේ ඔහුට දුරකතන ඇමතුමක් ලබාගෙන තිබු බව මාධ්ය වාර්තා කර තිබුණි.
ගනේමුල්ල සංජිවට ජිවිත තර්ජන තිබු නිසා ඔහුව උසාවි රැගෙන යෑමේදී ආරක්ෂාව සැප වුයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනි. සංජිව ඝාතනය කළ බවට චෝදනා එල්ල වි ඇත්තේ පත්මේ ඇතුළු කණ්ඩායමටය. ජයසුන්දර පත්මේ සමඟ සමීප සබඳ පැවැත්වු බවට එල්ල වන චෝදනා මත ,සංජිවගේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැලසුම් සහගතව එම ඝාතන කුමන්ත්රණයට හවුල් වුවා දැයි බරපතළ සැකයක් පැන නැගිණ. මේ තරම් බරපතළ චෝදනාව ජයසුන්දරට එල්ල වෙද්දීත් ඔහුව නැගෙනහිරීන් ගලවා ළමා හා කාන්තා කාර්යංශයට මාරු කර යවා ඇත. එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂියක් මත පදනම්ව ඔස්මන්ව අත්අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රඳවා ගෙන සිටිම මගින් නීතිය ඉදිරියේ සමානත්වතාවය ඔ්නෑවටත් වඩා පෙන්නා තිබේ.
ජයසුන්දරට පමනක් නොව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව ද පාතාලය සමඟ සබඳා පැවැත් වු බවට බරපතළ චෝදනා එල්ල වී තිබුන ද ඔවුන්ට නීතිය ක්රියාත්මක නොවුයේ ඔවුන් නීතියේ රැකවලුන් නිසාවෙනි.
ත්රස්ත පනත පලි ගැනීමේ අවියක් කර ගැනීම
මිනී මැරීම , කුමන්ත්රණය කිරීම , මිනී මැරීමට අනුබල දීම සහ ගිනි අවියක් ලබාදීම යන වරද වල් වැටෙන්නේ දණ්ඩ නීති සංග්රය සහ ගිනි අවි ආඥා පනත යටතටය. නමුත් කිසිදු ආදාළත්වයක් නැති ත්රස්තවාදය වැළැක්වීමේ පනත ඔස්මන්ට එරෙහිව යොදාගෙන ඇත්තේ එම පනතේ 9 වන වගන්තිය යටතේ ,රැදවියාට විරුද්ධව රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගේ නිදහස අහිමි කොට නිසි අධිකරණ ක්රියාවලියකට මුහුණ දීමට ඇති අයිතිය වළක්වා අත්තනෝමතිකව සහ අසාධාරණ ලෙස රඳවාගෙන පීඩාවට පත් කිරීම සඳහාය.
ධනපති රාජ්ය මහජනයාගෙන් රැක ගැනීම
ජාජබ /ජවිපෙ ආණ්ඩුව ත්රස්තවාද වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ධනපති රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ (PSTA) නමින් පනතක් ගෙන ඒමට පිඹුරුපත් සකසමින් සිටි. ආණ්ඩු වලට පෙර පරිදි මහජනයා පාලනය කිරීමට නොහැකි වන විට සහ කම්කරු -පීඩිත ජනතාවට පෙර පරිදි ජිවත් වීමට නොහැකි තත්ත්වයක් නිර්මානය වන විට පාලකයින් හට මර්දන නීති ගෙනඑමින් මර්දනය කිරීම හැර වෙනත් විකල්පයක් නැත.
ඔස්මන්ව දින 180 ක් රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම අසාධාරණ , අත්තනෝමතික සහ අනීතික ක්රියාවක් වන අතර කිසිදු අධිකරණයකින් වරදකරු බවට තීරණය කර නොමැති අවස්ථාවක මෙසේ රඳවා තබා ගැනිම රැඳවියාට දඩුවම් පැමිනවීමකි. ඒ බැවින් 1978 නවජන ව්යවස්ථාවේ 03 වන පරිජේදයේ 11 වන වගන්තිය මගින් ආරක්ෂා කරනු ලබන කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලට ලක් විමෙන් ආරක්ෂා විමේ නිදහස සහ 13(5) වන වගන්තිය ආරක්ෂා කරනු බලන ,නීතියේ නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකුලව මිස කිසිම තැනැත්තෙකු අත්තනෝමතිකව ලෙස සිරභාරයට ගැනීම ,රඳවා තබා ගැනීම ,දඩුවම් කිරීමට ලක් විමෙන් ආරක්ෂා විමේ නිදහස උල්ලංඝණය වී ඇතැයි ඔහුගේ නීතිඥයෝ මානව හිමිකම් කොම්සන් සභාව වෙත ලිඛිතව පෙන්වා දි ඇත. මේ වන විට එම පැමිනිල්ල විභාග වෙමින් පවති.
සමාන – අසමානව සැලකීම
සංජිව ඝාතන නඩුවේ සැකකරුවන් වන 3,5,6,7,9,13,14,16,17,26,34,41,සහ 42 යන සැකකරුවන් 14දෙනෙකුට මහාධිකරණය මගින් ඇප ලබා දී ඇත. ඔස්මන්ට මෙන්ම එම ඇප මත නිදහස් වු සැකකරුවන්ට ඇත්තේ මනුෂ්ය ඝාතනයට ආධාර අනුබල දිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි අය වෙති. කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සමහර සැකකරුවන් ත්රස්තවාදය පනත යටතේ පැය 72 ක් රඳවා තබාගෙන සමාන්ය නීතිය යටතේ බන්ධනාගාරගත කර ඇත. ඔස්මන්ව දින 180 කට වැඩි කාලයක් රදවා ගැනීමෙන් ඔහුගේ පෞද්ගලික නිදහස බරපතළ ලෙස උල්ලංඝණය කර ඇතුවා පමනක් නොව නීතිය ඉදිරියේ සාධාරණත්ව අයිතිවාසිකම ද උල්ලංඝණය වි ඇත.
වවුල් කැලේ සමුහ ඝාතන වලට වගකිව යුත්තන් අත්තනගල්ල උසාවි භුමියේ මරා දැම්මෙන් පසු ගම්පහ පමනක් නොව රට තුළ ජනප්රිය චරිතයක් බවට ඔස්මන් පත්විය.වීරගුල පොලිසිය පමනක් 261 දෙනෙකු පැහැරගෙන ගොස් ටයර් වල දමා පුළුස්සා තිබිණ.රටපුරා දහස් ගණනක් තරුණ තරුණියන් පැහැරගෙන ගොස් තිබු අතර දෙමව්පියන් ඔවුන් සොයා පාරක් පාරක්ගනේ කඳවුරක් කඳවුරක්ගනේ ඇවිද ගියහ. ඒ වැනි තත්වයක් ඇතුලේ වීරගුල පොලිසියේ ස්ථානාධිපති සහ දේශපාලනඥයෙකු වු රම්ය මුදලාලි මරා දැමීම සමාජ අනුමත කළා පමනක් නොව ඔවුන් මරා දැමුවන් සමාජයේ වීරයන් බවට නිතැතින් පත් විය.
අත්තනගල්ල සිද්ධියෙන් පසු ගම්පහ සමාජ තුළ ඔස්මන් කෙරෙහි ගෞවරයක් මෙන්ම භායක් වර්ධනය වන්නට පටන් ගත්තේය. ඔහු සමඟ හැපෙනවා නම් දෙවරක් සිතන්නට ඔනෑම අයෙක් පෙළඹුණි. ඔස්මන් ජනතාව තමන් කෙරෙහි ඇති භය සහ ගෞරවය යන දෙකකම පාවිච්චි කර තම බල ප්රදේශය තුළ ව්යාපාරිකයන්ගෙන් කප්පම් ගැනිමට , මත් ද්රව්ය ජාවාරමට සහ පස් කැපීමට එරෙහිව වැට බැන්දේය. මේ වැනි ජනප්රිය වැඩ සඳහා මධ්යම පාන්තිකයන්ගෙන් සහ සමාන්ය ජනතවගෙන් ඔස්මන්ට විශාල සහායක් ලැබිණ. ඔස්මන් නිසා කප්පම් ගැනීම් සහ මත්ද්රව්ය ජාවාරම් අත හැරීමට සිදු වු ගනේමුල් සංජිව , කෙහෙල්බද්දර පද්මේ ,පස් දේවා , හිටපු ඇමතිවරයෙකු සරණ ගුණවර්ධන සහ තවත් අය ඔහු මරා දැමීමට කුමන්ත්රණය කළහ. නම වතාවක් ඔස්මන්ව මරා දැමීම මොහුන් උත්සහ කර බැරි තැන පොලිස් පාතාලය හරහා ඔහු කොටු කර මරා දැමීමේ සැලැස්මක් ක්රියාත්මක වන බවට වාර්තාවේ.
ඔස්මන් කෝට්පති ව්යාපාරකයෙකි. ඔහුට නට්ටඹුව ආසන්යේ අක්කර විසිපහක ගොවි පොලක් ඇත . ඊට අතරව ඔස්මන්ට ගම්පහ දිස්ත්රික්යේ තවත් තැන් වල ඉඩම් ඇත. ඔහු ඉඩම් හිමි වැවිලිකරුවෙකි.

ඔස්මන් ගොවිපලේ වැඩ කරන අයුරු.



ඔස්මන්ට අයත් ෂිහාන් අග්රෝ ෆාම්.
ධනපති ක්රමය ලෝක පරිමාන කුණු වි අවසන් අදියර දක්වා පැමින ඇත. ධනවාදයේ ඉහළම අවධිය අධිරාජ්යවාදය බව වි.අයි. ලෙනින් පෙන්වා දුන්නේය. ධනපති පද්ධතිය කුණුවිමත් සමඟ එහි පරස්පරතා තියුනු වනු ඇත. ධනපති ක්රමයේ කුණු විමත් සමඟ මතු වන සංවිධානාත්මක අපරාධ ,මත්ද්රව්ය ජාවාරම් සහ මිනිස් වෙළදාම වැනි මානව විරෝධී ක්රියාවන් පුද්ගල මැදිහත්විම් මගින් පරාජය කළ හැකි යැයි සිතීම මධ්යම පාන්තිකයන්ගේ අමු මුලාවකි. ධනපති ක්රමය පෙරලීමේ සක්යතාවය ඇති එකම ඓතිහාසික පන්තිය වන්නේ කම්කරු පන්තිය පමණි. ධනපති ක්රමය ඇතුලේ පුද්ගල අරගල යනු ස්ව්යං විනාශයක් කරා යෑමකි.
ඔස්මන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතින් ශ්රී මානව හිමිකම් කොමිසන් සභාවට සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පැමිනිලි කර ඇත.
හතුරන් කුලප්පු කළ පාදර්
ඔස්මන්ගේ චරිතය අලලා “පාදර් “ නමින් සිනමා කෘතියක් තිරගත විය. එම සිනමා කෘතිය අධ්යක්ෂකවරයා වන්නේ චමින්ද ජයසුරිය වන අතර නිෂ්පාදකයා වන්නේ ශාන්ත ශීතදේවය. හැට , හැතෑව.අසුව සහ අණූව දශක වල ධනවාදය සහ එහි උපකරණ වන පොලිසිය සහ නීතිය දේශපාලකයාගේ අවශ්යතාවය මත කම්කරු-පීඩිත මහජනයාට එරෙහිව ක්රියා කළ නරුම ආකාරය ඔස්මන්ගේ චරිතය හරහා සමාජයට කාන්දු කිරීම සඳහා දරපු ප්රයත්නයක් විධියට පාදර් සිනමා කෘතිය හැදින්විය හැකිය. ඔස්මන් සමාජ නිෂ්පාදිතයක් විධිවටත් සමාජ ප්රතිවිරෝධතා වලට මුහුණ දෙන ආකාරය අධ්යක්ෂකවරයා ඔහුගේ විෂය බවට පත් කරගෙන ඇත. ඔස්මන් පමනක් නොව අප සියලු දෙනා පවතින සමාජ ක්රමයේ නිෂ්පාදිතයෝය. ඔස්මන් ගැන කතා කරන විට, ඔහු බිහි කළ සමාජ ,ආරථික , දේශපාලන සංස්කෘතියෙන් වියුක්ත කර කතා කළ නොහැකිය. කාල් මාක්ස් පවසන්නේ තත්වයන් (Condition) විසින් මිනිස්සු නිර්මානය කරන බවයි. මෙම සිනමා කෘතිය සමඟ නැවතත් ඔස්මන් රාජ්ය ත්රස්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇත.
ඔස්මනට බොරු චෝදනා එල්ල කර අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හෙළා දකිමින්, සාධාරණයක් ඉටු කර දෙන්නැයි ගම්පහ ප්රදේශයේ ව්යාපාරික ප්රජාව ,සියනෑ එක්සත් වෙළද සංගමය,නිට්ටඹුව නව එක්සත් වෙළඳ සහ සුභ සාධක සමිතිය , යක්කල වෙළද ව්යාපාරිකයන්ගේ සංගමය , ගම්පහ නාගරික එක්සත් වෙළද සංගමය සහ පුජ්ය මදෙල්ගමුවේ දීපානන්ද ,පුජ්ය තුම්මෝදර සමිතසෝම ,පුජ්ය අමිතිරිගල සිරිරතන සහ පුජ්ය කුට්ටිවිල අනුරුද්ධ යන නායක හිමිවරු ජනාධිපති අනුර දිසානාකයක වෙත ලිපි යෙමෙු කරමින් ඉල්ලා ඇත.
පුජ්ය තුම්මෝදර සමිතසෝම – සිරි සුනන්දාරාම ධර්මදුත පිරිවෙනේ විහාරාධිපති

ඔස්මන් මහත්තයා විහරස්ථාන වලට සහ පල්ලි වලට ආධාර උපකාර කර කෙනෙක්. වෙළඳ සංගමයේ කටයුතු උපාකාර කරනවා. සමාජ මෙහෙවරට උපකාර කරන කෙනෙක්.අපි ඒතුමාව දන්නේ පෞර්ෂත්වය තුළ. ඔස්මන් මහත්තයා කප්පම් ගන්න දෙන්නේ නැහැ. ඒතුම මම දන්න විදියට වැරැදි වැඩ කරන්න දෙන්නේ නැහැ . බලවතුන් හෝ ධනවතුන් දුප්පත් අයගේ ඉඩම් අල්ලාගෙන සිටිය හොත් ඒ අය ගෙනැල්ල සාකච්ජා කරලා සාධාරණය ඉටු කරපු කෙනෙක්. ඔස්මන් මහතයා මම දන්න විධියට නම් මත්ද්රව්ය ජාවාරම්කාරයෙක් නොවෙයි. මත් ද්රව්ය විකුණ කෙනෙකුත් නොවෙයි.කප්පම් කාරයේකුත් නොවෙයි. ඒ මනුෂ්ය කළේ සමාජයට යහපතක්. ඔස්මන් මහත්තයා නොහිටින්න මේ ගම්පහ නගරය කප්පම් කරායන් නිසා කඩා වැටෙනවා. මගෙන් කප්පම් ගන්න ආවේ නැහැ. වෙළඳ ව්යාපාරිකයෝම තමයි කියන්නේ.පුද්ගලයෙක් වශයෙන් ගම්පහට අවශ්යවය පුද්ගලයෙක්.
ජේ .ඩි. ජනත් ජයසිංහ – ගම්පහ නගරයේ ව්යාපාරිකයෙක්
අපේ සීයයි ඔස්මන් අයියාගේ තාත්තයි හොදම යාළුවෝ. ඔස්මන් අයියා වගේම ඔහුගේ තාත්තාත් හොද ගොවියෙක්. කුඩු ,කප්පම් වලට එරෙහිව ඔස්මන් අයියා කටයුතු කළා .කුඩුකාරයේ ගම්පහ වල්පොල දී වෙඩි තැබුවා . ගම්පහ මිනිස්සුන්ට ඔස්මන් කියන්නේ දෙවියෙක්.