ත්රස්ත පනත ඉරා දමන්නැයි මහජනයා ආණ්ඩුව බල කරයි !
රාජ්ය ත්රස්තවාදය තවත් එපා !පුරවැසියන්ගේ නිදහස හකුළන පී.එස්.ටී ඒ. පනත ඉරා දමන්නැයි ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බල කරමින් අද(13) පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.
වෘත්තීය සමිති , බහු ජන සංවිධාන, සහ වාමාංශික පක්ෂ මගින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණී.
දැඩි වැසි හමුවේ විරෝධතාකරුවෝ නොසැලි විරෝධතාවයේ නියැලුනහ.
ජනතාවනි -එකතු වෙන්න
මර්දනය -එරෙහි වෙන්න
NPP – ආණ්ඩුව
ත්රස්ත පනත -ගෙනත් මෙන්න
දමව් දමව් -ඉරා දමව්
PTA -ඉරා දමව්
ජන්ද කාළේ -දුන් පොරොන්දු
අයේ මතක් -කර ගනිව් යනුවෙන් සටන් පාඨ හඬ තලමින් වැස්ස නොතකා පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලුනහ.










