ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් ,වෘත්තීය සමිති නායකයින්,මානවවාදීන් සහ ව්‍යාජ වම්මු නිරුවත් කරන ඥානසාර සංසිද්ධිය

0
DSC_6373

ශාන්ත විජේසුරිය විසිනි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ කැමැත්ත ලබා ගැනීමේ ලේඛණයකට අත්සන් ලබාගත් පසු එම ලේඛනය ලබා දීමට නම් එහි අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අධිකරණ  අමාත්‍යංශයට යොමු කළ යුතු බව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජෙලර්වරයා ඔහුට දැනුම්දුන් බව නීතිඥ දනුෂ්ක ද සිල්වා මාධ්‍ය අමතමින් පැවසීය.

ඥානසාර භික්ෂුව සිරභාරයට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කිරීම සඳහා එම භික්ෂුවගෙන් විරෝධයක්  නැති බවට ලේඛනයකට අත්සනක් ලබා ගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා නීතිඥ දනුෂ්ක ද සිල්වාට එසේ පවසා ඇත.  නීතිඥවරයා එම ප්‍රකාශයට අත්සන් ලබාගෙන ඇත්තේ කලාපයේ අරියමග්ග හමුදුරුවන්ගේ අවශ්‍යතාවය පරිදිය.

එම නීතිඥවරයාම එදිනම තවත් සිරකරුවෙකුගෙන් ප්‍රකාශයකට අත්සන් ලබා ගත් බවත් එම ප්‍රකාශයේ අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශයට යැවිය යුතු යැයි වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඔහුට දැනුම් නොදුන් බවත් නීතිඥ දනුෂ්ක ද සිල්වා මාධ්‍යයට පැවසිය.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් ,වෘත්තීය සමිති නායකයින්,මානවවාදීන් සහ ව්‍යාජ වම්මු නිරුවත් කරන ඥානසාර සංසිද්ධිය

සිරකරුවෙකු ගෙන් හෝ රැදවියකුගෙන් ලබා ගන්නා ලබා ගන්නා දිවුරුම් ප්‍රකාශයක් හෝ ලිඛිතව ලබා න්නා ප්‍රකාශයක් බාහිර පාශ්වයකට ලබා ගැනීමට හෝ පරික්ෂා කිරිමට කිසිදු අයිතියක් නැති බවත් එසේ  කිරීමෙන් නීතිඥ වෘත්තීය පවා කරගෙන යෑමට නොහැකි තත්වයක් ‍උද්ගත වන බවත් එම නීතිඥයා වැඩිදුරටත් කීය.

ඥානසාර යනු  සිරකරුවෙකි. නමුත් ඥානසාර සිය කැමැත්තෙන් අත්සන් කර ලබාදුන් ප්‍රකාශ ලබා දීමට නම් අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු  බව පැවසිමෙන් ඥානසාරගේ අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කර ඇතුවා පමනක් නොව දේශපාලනිකව පලිගෙන ඇත.

ඥානසාර සිංහල ස්වොත්තමවාදියෙකු මෙන්ම බෙෘද්ධ අන්තවාදියෙකි. සිංහල බෙෘද්ධ ජනතාව අතර දෙමළ සහ මුස්ලිම් ජනයාට එරෙහිව වර්වාදය අවුලමින් ඔවුන් වැනසීමට කටයුතු කළ අවර ගණයේ භික්ෂුවකි.අපට එම භික්ෂුව දරණ දේශපාලන අදහස් සමඟ මොනයම් හෝ සම්බන්ධතාවයක් නැති අතර  ඊට එරෙහිව අප සටන් වැද ඇත්තේමු . එම අදහස් දැරීම නිසා පාලකයන්ගේ හෝ වෙනත් කණ්ඩායමකගේ තාඩනයට හෝ හිංසාවට හෝ පලි ගැනීමට ලක් වනවා නම්  එය භාෂණයේ ,ප්‍රකාශනයේ සහ ප්‍රජාත්නත්‍රවාදයට එල්ල කරන ප්‍රහාරයක් සේ සලකා ධනපති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ තරම හෙළිදරව් කිරීම කොමියුනිස්ට්වාදින්ගේ වගකිමකි.

දෙමළ , සිංහල සහ මුස්ලිම් කම්කරු – පීඩිත ජනයා වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන් කරන සිංහල ස්වෝත්තමවාදයට එරෙහිව සටන් වැදිය යුත්තේ ප්‍රජාත්‍රන්වාදීවය. ආණ්ඩුව ඥානසාර භික්ෂුව නිදහස් කර ගැනීම සඳහා අන්තවාදී සහ වර්ගවාදි නඩ ගෙන ගිය විරෝධතා මර්දනය කිරීමට පියවර ගත්තේය. කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ වාඩිලාගෙන සිටි පිරිස් වලට පහර දී පන්නා දැමීමට පොලිසිය කටයුතු කළේය. අනුරාධපුරයේදී  පොලිසියේ සහාය ඇතිව ජවිපෙ මැරයෙකු භික්ෂුන්ට පහර දෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය.

ආණ්ඩුව මුස්ලිම් , දෙමළ සහ සිංහල මධ්‍ය පන්තියේ, සහයයෝගය ඇතිව ඥානසාර ඇතුළු නඩය තලා දැමිමට උත්සුක වුවද ඒ සඳහා ආණ්ඩුව බලපොරොත්තු වු සහයෝගය එම පිරිස් වලින් නොලැබිණ.

ඥානසාරගේ අයිතිවාසිකම් කප්පාදුව එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ සංවිධානය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිනිලි කිරීම සම්බන්ධව ධනපති ක්‍රමයේ රැකවලුන් බවට පත්ව සිටින වෘත්තීය සමිති නායකයින් සහ ව්‍යජා වාම තරුණයන්ගේ බලවත් විරෝධයක් එල්ල වී ඇත. ඥානසාර සම්බන්ධයෙන් මොනම යම් හෝ හේතුවක් මත පෙනී නොසිටිය යුතු යැයි පවසන ඔවුන් ආණ්ඩුව ඔහුට කුමන දඩුවමක් දුන්නත් කම් නැතැයි පවසති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් සහ මානවවාදීන් ලෙස පෙනී සිටින මොහුන් අන්තප්‍රතිගාමිහු පමනක් නොව ධනපති පන්තියේ බත් බැලයෝ වෙති.

එස්.බී.දිසානයක සහ සරත් ෆොන්සේකා දඬුකදේ ගසද්දී , අප ඊට එරෙහිව වුයේ ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට වඩා චන්ද්‍රිකා -එස්.බීටත් ,මහින්ද -ෆොන්සේකාටත් අත පෙවිම හරහා සමස්ත ප්‍රජාතන්ත්‍රවාදවයට ප්‍රහාර එල්ල වන නිසාය.

වසන්ත මුදලිට ත්‍රස්තවාදය වැළැක්විමේ පනතෙන් දඬුවම් කිරීමට එරෙහි වු  පිරිස් සුරේෂ් සලේට එම පනතෙන් දඬුවම් කරද්දී නිහඬ සිටිති. සලේට , දුෂිතයන්ට , සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යොද ගැනීම මගින්  ආණ්ඩුව එම පනත සමාජය ගලවා ගැනීමේ ගැලවුම්කරුවෙකු ලෙස ජනතාව තුළ බවුතිස්ම කළේය. 

ඥානසාර සම්බන්ධයෙන් ව්‍යාජ වම්මුන්ට සහ වෘත්තීය සමිති නායකයින්ට ඇත්තේ පුද්ගලික වෛරයකි. අපට ඥානසාර සමඟ පුද්ගලික ප්‍රශ්න නැත. ඥානසාර යනු සමාජ ප්‍රපංචයකි. ආණ්ඩුව සහ ඥානසාර අතර දේශපාලන වශයෙන් පරස්පරතාවයක් නැත. නමුත් ඥානසාර නිදහස් කරන්නැයි ඔහුට පක්ෂ භික්ෂුන් සහ ගිහියන් ගෙන යන විරෝධතා විසුරුවා හැරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ විපක්ෂයේ ධනපති පක්ෂ එම විරෝධතා පිටු පස සිටින බැවිනි.

ආණ්ඩුව මහජනයාට එරෙහිව මර්දන අණ පනත් ගෙන ඒම සම්බන්ධයෙන් ඥානසාර නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කරන වර්ගවාදී නඩ නිහඬ අතර ඔවුන් එම ප්‍රශ්නයේදී ආණ්ඩුව සමඟ සිට ගනිති. ඥානසර නිදහස් කරන්නැයි සහ අනුරාධපුරයේ ශ්‍රී මාහා බෝධිය පල්ලේ කෝවිලක් සැදීමට එරෙහිව පැනනැගී ඇති විරෝධතා අස්සේ  ආණ්ඩුව ලහි ලහියේ මර්දන අන පනත් රැගෙන ඒමත් අතර සම්බන්ධතාවයක් ඇද්දැයි බරපතළ සැකයක් පවති.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් ,වෘත්තීය සමිති නායකයින්,මානවවාදීන් සහ ව්‍යාජ වම්මු නිරුවත් කරන ඥානසාර සංසිද්ධිය

ලංකාවේ කම්කරු පන්තියේ ප්‍රධාන කොටසක් වන ඉන්දියානු සම්භවයකින් යුත් වතු කම්කරුවන් කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ දැක් වුයේ නරුම වර්ගවාදී විද්ධත්වයකි. වතු කම්කරුවන් කල්ලතෝනි ලෙස හංවඩුගැසු ජවිපෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ එජන්තයන් පිරිසක් බව කියා නොනැවතුනු ඔවුන් සංස්කෘතික ආක්‍රමනය හරහා මව්බිම ආක්‍රමණය කිරීම සඳහා පැමිනි ඉන්දියන් ව්‍යාප්තවාදීන් යැයි කියා වතුකම්කරුවන්ට එරෙහිව සිංහල ජනයා උසිගැන්විය.

ධනපති අනුප්‍රාප්තික ආණ්ඩු දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය තිස් පස්වසරක වාර්ගික යුද්ධයට ජනතා විමුක්ති පෙරමුණ කරබඳු දුන්නා පමනක් නොව ජවිපෙ කේඩරය රටපුරා සිටි දෙමළ තරුණයන්ව අල්ලා හමුදා කඳවුරු වලට භාර දීමට උත්සක වුහ. සමහර තැන්වල දී එල්. ටී.ටී.ඊ. සමාජිකයින් ( ත්‍රිකුණාමලේ) ඝාතනය කළ බවට ද සිදුවිම් වාර්තාවේ.   83 නේ කළු ජුලියේ දුම්රෝඩු අතර ජවිපෙ ද සැගව සිටින බවට තොරතුරු අනාවරනය වි තිබේ.

ජවිපෙ කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කර, පදනම් වන්නේ සිංහල බෞද්ධ ගැමි සුළු ධනේශ්වරය මතය.  සුළු ධනේෂ්වරය ජාතිකවාදී සහ අන්ත පසුගාමී පන්තියකි. ජවිපෙ උපතින්ම ජාතිකවාදී සහ සිංහල ස්වෝත්තමවාදී පක්ෂයකි.

ජවිපෙ නිර්මෘත රෝහණ විජේවීර 1989 නෙැවම්බර් 12 වන දා හමුදා අත්අඩංගුවට පත් වන අතර ඔහුව රැගෙන යෑමට පෙර දරුවන්ගේ ආගම වෙනස් නොකරන්නැයි බිරිඳගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමත් සමඟ විජේවීරට  සහ ජවිපෙට බෞද්ධාගම සමඟ පැවැති ඓන්ද්‍රිය සම්බන්ධතාවය හෙළි වේ.

ජවිපෙ සමාජවාදී සටන් පාඨ සහ සළුපිළි මුවා වී සිංහල දෙමළ සහ මුස්ලිම් කම්කරුවන් සහ පීඩිත ජනයා භේදබින්න කළා පමනක් නොව ධනේශ්වර ක්‍රමය මගින් මං මුලා වු තරුණ ශිෂ්‍ය කොටස් ධනපති දංගෙඩියට දක්කන ලදී.

ජවිපෙ /ජාජබ ආණ්ඩුවට බලයට ආවොත් බුද්ධාගම කපෝති බවත් ජාජබ ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ 1917 රුසියාවේ පාලනතන්ත්‍රය දෙසට බවත් විපක්ෂයේ දක්ෂිණාංශීක පක්ෂ සමාජවාදය කෙරෙහි කම්කරු-පීඩිත ජනයා තුළ භිතිය වපුරයි. ජවිපෙට මාක්ස්වාදය හෝ සමාජවාදය සමඟ මොලෝ සම්බන්ධයක් නැත. ජවිපෙ අද සුළු ධනේශ්වර පක්ෂයක සිට අධිරාජ්‍ය ගැති ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.

 දුෂිත පවුලක් යැයි හදුන්වන  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 යේ බලයට ගෙන එම සඳහා ජවිපෙ මුළු වැර යොදා වැඩ කළේය. 2005 වන විටත් මහින්දට සුනාමි ආධාර ගසා කෑවා යැයි චෝදනා එල්ල වී තිබුණි. චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට ගෙන එම සඳහා 1994 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කරන පොරොන්දුව පිට ජවිපෙ සිය ජනාධිපති අපේක්ෂකය ඉවත් කර ගත්තේය. රාජපක්ෂට එරෙහිව 2015 යේ ජවිපෙ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා මුක්කු ගැසුවා පමනක් නොව දින සීය වැඩ සටහනේ අනුර කුමාර ප්‍රමුඛ නායකයේකු විය. දුෂිතයන් සමඟ ලැගපු දුෂිතයන්ට ඔටුනු පැළදු ජවිපෙ වර්තමානයේ දුෂිතයන්ට එරෙහිව ගෙන යන ඊනියා ඝෝෂාව පිටු පස ඇත්තේ වර්ධනය වෙමින් පවතින පංති සටනට මුහුණදීම සඳහා දුෂණය පිනුම් පිත්තක් කර ගෙන ඇති බවයි.

ජවිපෙ සිංහල බෞද්ධ විරෝධී සහ දෙමළ ඩයස් පෝරාවට ගැට ගැසීම වැනි බොරු ප්‍රචාර මගින් විපක්ෂයේ ධනපති පක්ෂ කැසකවන්නේ ජවිපෙ /ජාජබ ආණ්ඩුවේ ජන්ද කොල්ලකෑමටය.ජවිපෙ විසින් කාලාන්ත්‍රයක් සිට නඩත්තු කරන ලද සිංහල බෞද්ධ ස්වොත්තමවාදී නඩ ,ජවිපෙට එරෙහිව පාරට කැඳවා ඇතැයි විපක්ෂයේ ධනපති පක්ෂ වලට චෝදනා එල්ල වී ඇත.

ආණ්ඩුව ජාතයන්තර මුල්‍ය අරමුලේ අවශ්‍යතාවය මත කම්කරු -පිඩිත මහජනයා මත සිදු කරන කප්පාදු වැඩ පිළිවෙල නිසාත් ඉන්ධන මිල ඉහළ යෑම නිසා දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසාත් ජාජබ/ජවිපෙ  ආණ්ඩුව කෙරෙහි කම්කරු -පීඩිත මහජනයාගේ බරපතළ විරෝධයක් එළිමහනට පැමිනමින් ඇත. ආණ්ඩුව ඊට මුහුණදීම සඳහා හොරු අල්ලනවා සහ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬලන මුවෙන්  රාජ්‍ය ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ සහ සංවිධානාත්මක අපරාධ පනත් ගෙන එමට කැසකවයි.

ආණ්ඩුව ගෙන ඒමට පිඹුරුපත් සකසන මර්දන අණ පනත් ඇතුළු මහජනයා විනාශ මුඛ්‍ය ඇද දමන ධනපති පිළිවෙත් හුදු විරෝධතා වලින් නතර කළ නොහැකි අතර එම පිළිවෙත් පරාජය කළ හැක්කේ විද්‍යාත්මක දෘෂ්ටිවාදයක් මත පදනම් වු කම්කරු පන්ති නායකත්වයකට පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *