ඔබත් ත්‍රස්තවාදියෙක් !
ත්‍රස්තවාදී පනත ඉරා දමන ලෙසට ආණ්ඩුවට බල කර ඊයේ (04) උදේ බත්තරමුල්ල පොල්දුව පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත විරෝධතායක් පැවැත්විණ .
එම විරෝධතාවය ජන අරගල ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකයින් හිතවතුන් ,වෘත්තීය සමිති ,ගාලුමුවදොර අරගලයේ ක්රියාධයන් සහ සමාන්‍ය ජනයා දහසක පමන පිරිසක් ඊටසහභාගි වි සිටියහ.
පාරිලිමේන්තු වටරවුම ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් සටන්පාඨ කියමින් සහ ඔබත් ත්‍රස්තවාදියෙකු විය හැකිය යන සටන් පාඨ ලියන ලද පුවරු ඔසවා ගත් උද්ඝෝෂකයෝ විරෝධතාවයේ නිරත වුහ.
පසුව විරෝධතාකරුවන් පාගමින් පාර්ලිමේන්තුව දෙසට සටන් පාඨ කියමින් ගමන් කළහ. පාර්ලිමේන්තුවට ඇතුල් වන ගේට්ටුව අසල නතර වු විරෝධතාකරුවෝ පාර අයිනේ තිබු මාර්ග බාධකයක් පාරට ඇඳ ගෙනවිත් ඒ මත නැග ගත් වසන්ත මුදලි ඇතුළු කථීකයන් කිප දෙනෙකු පා ගමන්කරුවන් අමතා කතා කළහ.
පොලිසියේ මහත්වරු කලබල වෙන්න එපා අද අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ . මේ කරන්නේ අත්හදාබැලීමක් . අපි ඊ ලඟට එන්නේ පාර්ලිමේන්තුව අතුලුට යන්නැයි කියමින් නායකයෝ පල්ලන් බැස , නැවතත් පා ගමනින් පොල්දුව මංසන්දිය දක්වා විරෝධතාකරුවේ ගමන් කළහ.















