ප්‍රභාත් ඉන්දික ඝාතනය කළ පොලිස් පරික්ෂක එල් .එ . ඩි කොළඹගේ නඩු විභාගයකින් තොරව නිදහස් කෙරේ !

0
IMG-20240714-WA0122

ශාන්ත විජේසුරිය විසිනි.

බලපිටිය මහාධිකරණය හමුවේ ගොනු කළ ආර්.ඒ . 1112/25 ප්‍රතිශෝධන මගින් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු විනිසූරු ඩි.ආර්. ජානක පෙරේරා විසින් ඒ . ආර්. 2049/22 නඩුව වසා දැමීමට කළ නියෝගය නිෂ්ප්‍රභා කරමින් පැ.සා . 02 අයි .ප‍ි. කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විනිසුරු පෙරේරා 2024 ජුලි 09 වෙනිදා දුන් නියෝගය ක්‍රියාත්මක කර නඩුව පවත්වාගෙන යන්නැයි කළ නියෝගය නොතකා බලපිටිය මහේස්ත්‍රාත්වරිය එම නඩුව අවසන් කර ඇත.

ප්‍රභාත් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ ඉන්දිකව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කොට්ටේගොඩ බිරිඳ නිවසේදී අත්අඩංගුවට ගෙන අමානුෂික පහරදි ආයුධ පෙන්වන්නැයි අහුන්ගල්ලට රැගෙන ගිය අවස්ථාවේ මරණකරු ආයුධයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ අත්මාරක්ෂාව සඳහා ඔහුට වෙඩි තැබු බව පොලිසිය පවසයි. ප්‍රභාත් ඉන්දික වෙඩි තබා ඇත්තේ අයි.පී. කොළඹගේ විසිනි.

අධිකරණ වෛද්‍ය වාර්තාව , රස පරික්ෂණ වාර්තා සහ සාක්ෂි මත පදනම්ව එවකට බලපිටිය අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් ජානක පෙරේරා විසින් මෙය ආත්මාරක්ෂාව සඳහා සිදු කළ වෙඩි තැබීමක් නොව චේතාන්විතව සිදු කළ මිනිමැරුමක්  බව තීරණය කර කොළඹගේ අත්අඩංගුවට ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇල්පිටියට නියෝග කළේය. විනිසුරුවරය එම නියෝගය කරන ලද්දේ 2024 ජුලි 09 වනදාය. පසුව නිතිපතිගේ බලපෑම මත නඩුව ගෙන යෑමට තරම් ප්‍රමානවත් සාක්ෂි නැතැයි කියා 2024 දෙසැම්බර් 10 වෙනි එම නඩු අවසන් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. එම නියෝගයට එරෙහිව ප්‍රභාත් ඉන්දිකගේ බිරිඳ වන පියුමි වත්සලා මහාධිකරණයට ප්‍රතිශෝධන පත්‍රයක් ගොනු කළාය.

බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත එම ප්‍රතිශෝධන පත්‍රය විභාග කර මහේස්ත්‍රාත් පෙරේරා 2024 දෙසැම්බර් 10 වෙනිදා නඩුව අවසන් කිරිම සඳහා දුන් තීන්දුව නිෂ්ප්‍රභා කර අයි.පී.කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට 2024 ජුලි 09 වනදා දුන් නියෝගය ක්‍රියාත්මක කර නඩු පවත්වාගෙන යන්නැයි නියෝග කළේය.  බලපිටිය මහේස්ත්‍රාත්වරිය මහාධිකරණ නියෝගයට නොසලකා හරිමින් එම නඩුව නැවත අවසන් කරන්නැයි‌ විනිසුරුවරිය 2026 ඔක්තෝම්බර් 13 රෙජිස්ටාර්වරයාට  නියෝග කළාය.

කොළඹගේ විසින් තැබු වෙඩි උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය පසාරු කරගෙන ගොස් උදර කුහරය තුළ තිබි සොයාගෙන ඇත. තවද වෛද්‍ය වාර්තාවට අනුව පිටවිමේ තුවාලයක් ද නැති බව තහවුරු වී තිබේ. ස්ව්‍යං ක‍්‍රීය පිස්තෝලයක් නළලට සමීප කර වෙඩි තැබිම නිසා නළලේ හම සහ කෙස් පිච්චි ඇති බව ද එම වෛද්‍ය වාර්තාවේ සදහන් වේ.

ප්‍රභාත් ඉන්දික ඝාතනය කළ පොලිස් පරික්ෂක එල් .එ . ඩි කොළඹගේ නඩු විභාගයකින් තොරව නිදහස් කෙරේ !

ප්‍රභාත් ඉන්දිකගේ නාහය මැදට වෙඩි තබා ඇති අයුරු.

ඉන්දික ප්‍රභාත් යුද හමුදා ඉජිනේරු බලකායේ හිටපු ලාන්ස් කොප්ප්‍රරල්වරයෙකි. ඔහු 2018 ට කලියෙන් මංකොල්ල සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර සිටි අයෙකි. ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල වී නැත

විනිසුරුවරිය ඒ.ආර්. 2049/22 නඩුව අවසක් කර ඇත්තේ “විමර්ශනයේ අවසන් වාර්තාව ලැබිමෙන් පසු අවශ්‍ය නම් නිතිපතිවරයාගේ උපදෙස් මත පිහිටා නඩු කටයුතු පවත්වාගෙන යැම හෝ අවසන් කිරීම සම්බන්ධයෙන් සුදුසු විනිශ්චයකට එළැඹිමේ අභිමතය මහේස්ත්‍රාත්වරයා සතුව පවතින නමුත් විමර්ශන අවසන් වාර්තාව අධිකරණයට කැදවා ගැනීමකින් තොරව නඩු කටයුතු අවසන් කර ගැනීමට හේතු සාධක න‍ීතියේ විධිවිධාන වලට අනුකුල නොවේ “ යනුවෙන් ප්‍රතිශෝධන නියෝගයේ සදහන් කොටස මත පදනම්වය.

මෙතැනදී මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත එම නියෝගයේ පැහැදිලිව සදහන් කරනවා අවසන් වාර්තාව කැදවිමෙන් පසු නිතිපතිගේ උපදෙස් මත පිහිටා නඩුව පවත්වාගෙන යෑම හෝ සුදුසු විනිශ්චයකට එළැඹිමේ අභිමතය මහේස්ත්‍රාත්වරයා සතුව පවතින නමුත් අවසන් වාර්තා අධිකරණයට කැදවා ගැනිමකින් තොරව නඩුව අවසන් කිරීම නීතියේ විධිවිධාන වලට අනුකුල නොවන බව සදහන් කර ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 (3) වගන්තියෙන් සිදු කරන්නේ අවසන් වාර්තා ගොනු කිරීමයි.  මේ නඩුවේ විමර්ශන අවසන් නැති අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 සිට 119 දක්වා වගන්ති ක්‍රියාත්මක කළාට පස්සේ තමයි ස්වාමිනි 120 වගන්තිය යටතේ අවසන් වාර්තා ගොනු කරන්නේ. නිතිපති දෙපාර්මේන්තුව අපරාධ  නඩු විධාන සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වාර්තාවක් දාලා මේ නඩුව අවසන් කරන්න හදනවා. මෙය නීතියට පටහැනි ලැජ්ජා සහගත කටයුත්තක් යැයි අධිකරණය හමුවේ පැමිනිල්ල වෙනුවෙන් කරුනු දක්වමින් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන පරිදි  අපරාධ  නඩු විධාන සංග්‍රහයේ 109 සිට 119 වගන්ති වලට උඩින් පැන එම සංග්‍රහයේ  120 (03) වගන්තිය ප්‍රකාරව ඒ.ආර්. 2049/22 නඩුවේ අවසන් වාර්තා මහේස්ත්‍රාත්වරිය කැදවා ඇත්තේ නිතිපතිගේ අවශ්‍ය මතය. නීතිපති දෙපාර්මේන්තුව අයි .පී. කොළඹගේ බේරා ගැනීම සඳහා ගල උඩ සටනක නිරතව සිටි.

ප්‍රභාත් ඉන්දික ඝාතනය කළ පොලිස් පරික්ෂක එල් .එ . ඩි කොළඹගේ නඩු විභාගයකින් තොරව නිදහස් කෙරේ !

STF නිලධාරීන් ප්‍රභාත් ඉන්දිකගේ ඇගිලි කඩා දමා ඇති අයුරු‍.

මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත එම නියෝගය සිදු කර ඇත්තේ 2026 ජුලි 07 වනදාය . නමුත් විත්තිය නීතිඥවරු ප්‍රතිශෝධන නියෝගය අභියෝගය ලක් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේ නැත. ඒසේ නොවන තත්වයක් ඇතුලේ මහාධිකරණ නියෝගය පිළිපැදීමට මහේස්ත්‍රාත්වරයා මෙන්ම නිතිපති දෙපාර්මේන්තුව ද බැදී සිටින බව ජනාධිපති නීතිඥ බණ්ඩාර මහේස්ත්‍රාත්වරියට  පෙන්වා දී ඇත.

විත්තියේ නීතිඥවරු අභියාචනාධිතරණයට නොගියේ බලපිටිය අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයා දුන් පැ.සා. 02 ක අත්අඩංගුව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දුන් නියෝගය ක්‍රියාත්මක කර අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගන්නා බැවිනි.

බලපිටියේ හිටපු මහේස්ත්‍රාත්වරයා මරණ පරික්ෂණ විමර්ශන අවසානයේ මෙම මරණය පැ.සා 02 අත්මාරක්ෂාව සඳහා සිදු කළ වෙඩි තැබීමක් සිදු වු මරණයක් නොව මරණ චෙිතනාවෙන් සිදු කළ  මිනීමැරුමක් බවට තීන්දු කර , පැ.සා. 02 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය.  ඇල්පිටිය පොලිස් නීති කොට්ඨාශය හරහා නිතිපතිවරයාට එම ප්‍රශ්නය යොමු කරන ලදී . බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට 2024 නොවැම්බර් 04 වනදා නිතිපති දෙපාර්මේන්තුව මගින් අධ්‍යක්ෂක නීති කොට්ඨාශය වෙත ලේඛනයක් ඉදිරිපත් කරමින් , ප්‍රමානවත් සාක්ෂි නොමැති නිසා මෙම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවට සඳහන් කර ඇත.

බලපිටියේ මහේස්ත්‍රාත්වරයා නඩුව ඉදිරියට ගෙනයෑමට උත්සහ කළ ද නිතිපති දෙපාර්මේන්තුවේ බලපෑම් හමුවේ අපරාධ චෝදනාවක් ගොනු කිරීමට ප්‍රමානවත් සාක්ෂි නොමැති බැවින්,නෛතික පියවර නොගන්නා බව නිතිපතිවරයාට දන්වා , එකී උපදෙස් මත කටයුතු කිරීම මිස නිතිපතිවරයාගේ තීරණය අභිබවා කටයුතු කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවට සඳහන් කරමින් නඩුව 2024 දෙසැම්බර් 10 වෙනිදා  අවසන් කර ඇත.එසේම එකී නියෝගයට අභියෝග කරන පාර්ශවයක් වේ නම්, නෛතික පියවර වෙත යොමු වීමට අවකාශය ඇති බවට ද එම නියෝගයේ සඳහන් කර තිබේ.

පසුව බලපිටිය අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයා නඩුව  වසා  දැමීමම සඳහා 2024 දෙසැම්බර් 10 වනදා  කළ නියෝගය අභියෝගයට ලක් කරමින් පැමිනිල්ලේ නීතිඥවරු බලපිටිය මහා අධිකරණය හමුවේ ප්‍රතිශෝධන පත්‍රයක් ගොනු  කළහ.

මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු  විධාන සංග්‍රහයේ 399 සිට 411 වගන්ති  දක්වා  නිතිපතිවරයා විසින් කරනු ලබන  නඩු කටයුතු සහ බලතල පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් කර ඇත. ඒ අනුව අපරාධ  නඩු පවත්වාගෙන යෑම සඳහා අර්ධ අධිකරණ බලතල ඇති බව අධිකරණය හමුවේ පෙන්වාදුන් ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර අපරාධ නඩු විධාන සංග්‍රහයේ  396 ,397 , සහ 399 වගන්ති වලින් අපරාධයකට ආදාළ ලඝු නොවන පරික්ෂණයක් පවත්වනු ලබන තත්වයක් යටතේ පමනක් වන බව පැවසිය.

ප්‍රතිශෝධන අයදුමට විෂය ගතව ඇත්තේ ලඝු නොවන පරික්ෂණයක් ආරම්භ කර ඇති තත්වයක් නොවන අතර ප්‍රශ්න ගත නීති කෘතිය තවදුරටත් විමර්ශන අදියරේ පවති. නිතිපතිවරයා අධ්‍යක්ෂක නීති කොට්ඨාශය වෙත දෙනු ලබන උපදෙස් මත පිහිටා කටයුතු කිරීමට පොලිසිය බැදී සිටියත් අධිකරණය බැදී නැති බව මහාධිකරණ විනිසුරුවරයා නියෝගයේ සඳහන් කර ඇත.

බලපිටිය මහේස්ත්‍රාත්වරිය මහාධිකරණ ප්‍රතිශෝධන නියෝගය පවා නොතකා 2049/22 නඩුව අවසන් කිරීමට දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව මරණකරුගේ බිරිඳ වන පියුමි වත්සලා අප කළ විමසුමකදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය සමඟ පැවසුවාය.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඉන්දික ප්‍රභාත්ව 2022 ඹක්තෝම්බර් 12 වන දින රාත්‍රියේ නො 213 වෙලේගෙදර බෙලිදෙනිය කෝට්ටෙිගොඩ බිරිදගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අමානුෂික පහර දි ආයුධ පෙන්නන්න යැයි අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් එහි ද‍ි ඔහු විසින් සගවා තිබු ආයුධයක් රැගෙන පොලිසියට වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ආත්මාරක්ෂාව සදහා තැබු වෙඩි පහරකින් ඉන්දික ප්‍රභාත් මිය බව පොලිසිය පවසයි.

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ආර්.අයි.යු. සංචාරක හෝටලය අසල ටි 56යේ ගිනි අවියකින් ඇන්ටන් නැමැත්තෙකුට සිදු කළ වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය.පසුව ඔහුට වෙඩි තබන ලද නියම වෙඩික්කරු වන දංකුඩයා නැමැත්තා ප‍ෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිසිය මගින් හදුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජිගේ මුදල් කටයුතු මෙහෙයවා ඇත්තේ මේ ඇන්ටන් නැමැත්තා විසින් බව වාර්තාවේ. පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රභාත් ඉන්දික වෙඩි තබා ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජිගේ කොන්ත්‍රාත්තුවකට බව එම බලකායේ විශ්වාසවන්ත තොරුතුරු කරුවෙකු හෙළි කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පිරිසක් ප්‍රභාත් ඉන්දික (මරණකරු) අත්අඩංගුවට  ගත් අවස්ථාවේ එම පිරිසෙන් එක් නිලධාරියෙකු ඔහුගේ ජංගම දුරකතනය ප්‍රභාත් ඉන්දිකගේ කනට තබාගෙන සිටි බවත් පසු ඉන්දිකගේ මුහුණේ ඉරියව් වෙනස් වන බව තමන් දුටු බව ඔහුගේ බිරිඳ වන පියුමි වත්සලා මිට පෙර අවස්ථාවකදි අප සමඟ පැවසුවාය.

ඔහුව කෝට්ටේගොඩ නිවස පැමිණ රැගෙන යන අවස්ථාවේ විශේෂ කර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ද එම ස්ථානයේ සිටි බව ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන නාඔටුන්න ආචාරිගේ පියුම් අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

ජයසුන්දර එම අපරාධයට සම්බන්ධ බවට මෙතෙක් ලබා දී ඇති සාක්කි වලින් අනාවරනය වී නැති බැවින් ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරිමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බව බලපිටියේ හිටපු මහේස්ත්‍රාත් ඩි.ආර්.ජානක පෙරේරා එම නඩු තීන්දුවේ සඳහන් කර ඇත.

ප්‍රභාත් ඉන්දික ඝාතනය කළ පොලිස් පරික්ෂක එල් .එ . ඩි කොළඹගේ නඩු විභාගයකින් තොරව නිදහස් කෙරේ !

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ වරුණ ජයසුන්දරව ජාජබ සහ ජවිපෙ ආණ්ඩුව පැමිනීමත් සමඟ එම තනතුරෙන් ඉවත් කර නැගෙනහිර  නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරන ලදී.සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල් බද්දර පත්මේ සමඟ අවස්ථා සීයකදී දුරකතනයෙන් සබඳතා පවත්වා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව තහවුරු කර ගැනීමෙන් පසුව ජයසුන්දර එම අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්න කරන ලදී. පසුව ඊට දඩුවමක් වශයෙන්  ඔහුව නැගෙනහිරින් ගලවා ළමා හා කාන්තා කාර්යාංශයට අනුයුක්ත කර තිබේ.

හිස ඔසවමින් ඇති පාතාලය මර්දනයට කැපවුණු නිලධාරීන්ට පවරා ඇති මානව හිමිකම් නඩු හා අත්අඩංගුවට ගැනීමේ නියෝග වලින් ඔවුන් මුද්‍රහැර දෙන්නැයි  පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේජර් ජනරාල් මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී ඉල්ලීමක් කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි නිතිපතිවරයාට උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් මත නිතිපතිවරයා නඩුව වසා දැමීමට පියවර ගෙන ඇත‍.

පියුමි වත්සලා ප්‍රභාත් ඉන්දිකට යුක්තිය ඉටු කර ගැනිම සඳහා අපේ ගනන් බැලීම අනුව මිලියන පහකට වඩා වැඩි මුදලක් නීති කටයුතු සඳහා පමනක් වැය කර ඇත. අභියාචනාධිකරණයට යෑම සඳහා තවත් විශාල මුදක් වැය වනු ඇත. නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන යන මිත්‍යාව පියුමි වත්සලා විසින් පුපුරවා හැර ඇත. ධනපති උසාවි වලින් යුක්තිය ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන අතර මුදල් නැති කම්කරු -පීඩිත ජනයාට යුක්තිය කන කැස්බෑවා විය සිදුරේන අහස දකිනවාටත් වඩා බෑරැරුම් කටයුත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *