ඉෂාර කුමාරට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා මහජනයා පාරට බසිති !

0
1793040998386

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ඉෂාර හර්ෂ කුමාරට (29) යුක්තිය ඉටු කරන්නැයි ජාජබ/ජවිපෙ ආණ්ඩුවට බල කර ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද (26) සවස (6) ට හෝමාගම වට රවුම ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හෝමාගම ශාඛාව මගින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

මෙම  උද්‌ඝෝෂණය සඳහා සීයක පමන පිරිසක් සහභාගී වි සිටි අතර උද්ඝෝෂකයින් පන්දම් දල්වාගෙන විරෝධතාවයේ නියැලුනහ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා සහ එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා උද්ඝෝෂණය සඳහා සහභාගී වී සිටියහ.

ජනතාවනි  – එකතු වෙන්න

අයුක්තියට -එරෙහි වෙන්න

පොලිසීය තුළ – මිනී මරන්න

අව නීතිය  – පරද්දන්න

මරයි මරයි – මිනී මරයි

පොලිසීය – මිනී මරයි

මැති ඇමතිලා- මන්ත්‍රීලා

නොදැක්කා -වගේ අහක බලයි

යුක්තිය කෝ – යුක්තිය කෝ

ඉෂාරට  -යුක්තිය කෝ

ගහලා ගහලා- මරා ගත්තා

ඉෂාරගේ -යුක්තිය කෝ යනු සටන්පාඨ කියමින් සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ.

ඉෂාර කුමාරට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා මහජනයා පාරට බසිති !
ඉෂාර කුමාරට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා මහජනයා පාරට බසිති !
ඉෂාර කුමාරට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා මහජනයා පාරට බසිති !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *