ජාජබ ආණ්ඩුව කටයුතු කරන්නෙත් පන්ති මත පදනම්ව බව -ඉන්දික ප්‍රභාත්ගේ බිරිද පවසයි
Warning: Undefined array key "file" in /home/eagleeye/public_html/wp-includes/media.php on line 1774
මහර බන්ධනාගරායේ රැදවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් විශේෂ කාර්ය බලකාය මගින් අනුරාධපුර ප්‍රදේශයේ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමත් ඇතුළු සිද්ධීන් වල නඩු නීතිපතිවරයා විසින් වසා දමා තිබියදී , ඔබතුමාත් රජය මාධයවේදී ලසන්ත වික්‍රමතුංගගේ නෙකුත් වෙනුවෙන් පමනක් පෙනී සිටිම යුක්ති සහගත නොවන බව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මරා දමන ලද කටුවන ගම් ආචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන පියුමි වත්සලා පැවසුවාය.
රටේ යුක්ති සහගත පුරවැසියන් සහ නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නන් බලාපොරෝත්තු වනුයේ විධායකය හෝ දේශපාලන බලාධිකාරීයේ මැදිහත් විම මත යුක්තිය සාධාරණත්වය ඉටු විමක් නොවන බවත් සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක විමේ ක්‍රමවේදයක් බවත් එබැවින් මා ඔබතුමාගෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටින්නේ එක් එක් පුද්ගලයන්ගේ තරාතිරම හෝ සමාජ තත්වය මත පිහිටා නීතිය ක්‍රියාත්මක වීමට මැදිහත් විමක් නොවන බවත් රටේ සියලුම පුරවැසියන්ට පිළිගත හැකි සියලු දෙනා සමාන අධිකරණ ක්‍රියාවලියෙන් පරිභාහිර නොවන යුක්ති ගරුක ක්‍රියාවලියක් ,ආයතනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නැයි ඉතාමත් කරුණිකව ඉල්ලා සිටින බව ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන පියුම් වත්සලා ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

ඉන්දික ප්‍රභාත්ගේ බිරිද පියුමි වත්සලා
එම ලිපියේ මෙසේ සදහන් වේ.
ඔබතුමා විසින් නීතිපතිව කැදවා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩුව වසා දැමීමට හේතු විමසා ඇති බව මා හට මාධ්‍ය මගින් දැන ගන්නට ලැබුණි. වික්‍රමතුංග ඝාතනයට ආදාළ චුදිතයන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර නැති අවස්ථාවක නීතිපතිවරයා කැදවා ඒ ගැන කරුනු විමසිමත් මගේ සැමියාගේ ඝාතකයා අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක් තිබියදීත් එම නඩුව වසා දැමීම සම්බන්ධයෙන් මැදිහත් විමට නොහැකි බව මාහට ලිඛිත දැනුම් දිම බරපතළ ගැටළුවකි.
එසේ සලකන්නේ ලසන්ත වික්‍රමතුංග කොළඹ ඉහල සමාජ පසුබිමක් තිබෙන පුරවැසියෙකු නිසාත් මගේ සැමියාට එසේ නොසලකන්නේ තණමල්විල ප්‍රදේශයක ජිවත් වු පුරවැසියෙකු වන නිසාද? යන සාධාරණ හැගිමක් මා තුළ ජනිත වුණි.
අගමැතිනිය පාර්ලිමේන්තුව හමුවේ පවසා සිටියේ වික්‍රමතුංගගේ දියණිය ඇයට ලියුමක් එවා, ඇය සාධාරණයක් ඇය ද සිටින බවයි. නමුත් මා විශේෂ කාර්ය බලකාය මගින් මරා දම ලද මගේ සැමියාට යුක්තිය ඉල්ලා අගමැතිතුමීයට ලිපි තුනක් යවා ඇත. කවර හෝ වින්දිත පාර්ශ්වයකට රටේ පාලකයන්ට ලිපි යොමු කර හෝ යොමු නොකර හෝ යුක්තිය ඉටු කර ගැනීමේ ක්‍රමවේදයක් සහ පාලන ක්‍රමයක් පැවතියේ නම් මා වැනි වැන්දඹුවකට මෙතරම් ආයාචනා කරන්නට සිදු වන්නේ නැත.
ඉන්දික ප්‍රභාත්ගේ බිදිරි ද ජනාධිපති අනුර කුමාරට යවන ලද සම්පුර්ණ ලිපය පහතින් පල වේ.


