රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ විදුහල්පතිනි ශිෂ්‍යාවකට පහර දී රෝහල්ගත කරයි

0
unnamed

රත්නපුර ෆගර්සන් උසස් විද්‍යාලයේ විදුහල්පති මර්සී ගලගම එම විද්‍යාලයේ 13 වසරේ කලා අංශයේ ඉගනුම ලබන ශිෂ්‍යාවකට පහරදීම එම දැරිය ඊයේ (10) රත්නපුර ශික්ෂණ රෝහලට අතුළත් කළ බව ඇගේ මව පැවසුවාය.

මෙම පහරදීම සිදු කර ඇත්තේ ජුලි 25 වනදාය. විදුහල්පතිනිය ශිෂ්‍යාවට මව ඉදිරිපිට අතමිට මොලවා බෙල්ලට සහ දකුණට අතට තදින් පහරදී ඇති අතර නියෝජ්‍ය විදුහල්පතිනි අමාලි වික්‍රමසිංහ ද ඇගේ වම් අතට පහරදී ඇත. පහරදීම නිසා ඇයගේ අත් දෙක පණ නැතිව ගිය බවත් නරක වචන කියමින් බැණ වැදීම තමා මානසිකව ඇද වැටුනු බව එම දැරිය ලංකා ස්කයි නිව්ස් සමග පැවසුවාය.

විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය ශිෂ්‍යාවට පහර දි ඇත්තේ සම වයසේ පිරිමි ළමයෙකු සමග ඇය සිටින පිංතුරයක් පෙන්නා සහ එම පාසලේ ශිෂ්‍යාවක් සමග දුරකතනයෙන් හුවමාරු කළා යැයි කියන අදහස් පදනම් කරගෙනය.

විදුහල්පතිනියගේ පහර කෑම ලක් වු ශිෂ්‍යාවගේ සහ ඇය සමග අදහස් හුවමාරු කර ගත්තා යැයි කියන ශිෂ්‍යාව යන ශිෂ්‍යාවන් දෙනාගේම ඇය විසින් අත්තනොමතික ලෙස පන්ති තහනම් කර ඇත.

පහර කෑම ලක් වු ශිෂ්‍යාව මෙවර අපොස උසස් පෙළ සදහ පෙනී සිටිමට නියමිත අතර ඇයව පාසලෙන් ඉවත් කර ගන්නැයි විදුහල්පතිනිය දෙමව්පියන්ට බල කරන බවත් එසේ අස් කර නොගන්නේ නම් ,අස්විම් සහතිකය ගෙදරට ගෙනැවිත් දෙන බවට ඇයව විසින් දෙමව්පියන්ට තර්ජනය කළ බව එම දෙමව්පියෝ පවසති.

පහර ක‍ෑමට ලක් වු ශිෂ්‍යාව ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන අතර රත්නපුර දිස්‍ත්‍රික්කයෙන් සමස්ත ලංකා තේරී ඇති අතර ලබන මාසයේ පැවැත්වෙන තරග වලට පුහුනුවිම් කරමින් සිටියදී ඇයගේ දකුණ අත පණ නැතිව ගොස් තිබේ.

මෙවර අපොස උස්ස පෙළ විභාගයට පාසලෙන් පෙනී සිටිමට ඉඩ දෙන්නේ නැතැයි විදුහල්පතිනිය එම දැරියට තර්ජනය කර ඇති අතර විභාගයට බාහිරව අයදුම් කරන්නැයි බලපෑම් කරන බවත් දෙමව්පියෝ පවසති.

පහරදීම සම්බන්ධයෙන් පැමිනිල්ලක් දැමීම සදහා ඇයගේ දෙමව්පියන් රත්නපුර පොලිසියට ගියත් විවිධ කතා කියමින් පැමිනිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පහරදීම නිසා රෝගාතුර වු ශිෂ්‍යාවගේ මව ඇයව රත්නපුර රෝහලට රැගෙන ගිය අවස්ථාවේ ගුරුවරු පහර දෙන්නේ හදා ගන්නැයි කියා වෛද්‍යවරු රෝහලට ඇතුළත් කර ගැනීම මුලදී ප්‍රතික්ෂේප කළ බව ඇගේ මව අපසමග පැවසිය. දෙමව්පියෝ ඇයව රෝහල්ගත කර ඇත්තේ පහරදීම හෝ පාසල ගැන සදහන් කරන්නේ නැතිවය.

අප මෙම සිද්ධියේ සත්‍ය අසත්‍යාව දැන ගැනීම සදහා ෆර්ගසන් උසස් විද්‍යාලයේ 0452222372 යන දුරකතන අංකයට කතා කර විදුහල්පතිනියගේ දුරකතන අංකය ඉල්ලා සිටි අතර දුරකතනයට සවන් දුන් තැනැත්තා රිසිවරය තබා ගෙස් පැමින මගේ දුරකතන අංකය විදුහල්පතිනිය ඉල්ලා සිටි බව පැවසිය. පසුව මම මගේ දුරකතන අංකය ලබාදුන් ද මේ වන තෙක් විදුහල්පතිනිය කතා කළේ නැත. රත්නපුර රෝහලෙන් පහර කෑමකට ලක් වු ශිෂ්‍යාවක් වාට්ටු අංක 14 නතර කර සිටිනවා දැයි අප විමසු අවස්ථාවේ තොරුතුරු දිය නොහැකි බවත් රෝහල් අධ්‍යක්ෂකවරයාට කතා කර තොරුතුරු බලා ගන්නැයි පැවසිය.

නියෝජ්‍ය විදුහල්පතිනිය පහර ක‍ෑමට ලක් වු ශිෂ්‍යාව පිරිමි ළමයෙකු සමග සිටින පින්තුරය ඇයව අපහසුතාවයට පත් කිරීම සදහා වට්ස්ඇප් මාර්ගයෙන් වෙනත්ව පුද්ගලයන්ට යවන බවත් වාර්තාවේ.

ආදළ බලධාරීන් මේ සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් විමසිල්ලෙන් බලා සිටින අතර එම දැරියට යුක්තිය ඉටු වෙනතුරු මොන තරම් බලපුළුන්කාරයෝ මැදිහත් වී මෙම පහරදීමේ සිද්ධිය යට ගැසීමට උත්සහ කළත් ඊට එරෙහිව ලංකා ස්කයි නිව්ස් දැරිය වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *