ඉල්ලීම් 19 ක් ඉල්ලා තැපැල් සේවකයෝ හෙට (17) සිට වැඩ වරති

0
DSC_7617

තැපැල් දෙපාර්මේන්තුවේ සේවකයෝ ඉල්ලීම් 19 ක් මුල් කරගෙන එම දෙපාර්මේන්තුවේ පලනාධිකාරීය සමග පැවත් වු සාකච්ජා බිද වැටිම නිසා හෙට (17) සහ අනිද්දා (18) දෙදින වැඩ වර්ජනයක නිරතව වන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

සේවක අයිතීන් වේගයෙන් කප්පාදු කිරිම, සේවක ව්‍යවස්ථාව සකස් කර ගැනීම සහ දෙපාතර්මේන්තුවට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදීම නිසා දෙපාතර්මේන්තුව බිදවැටීම ඇතුළු ඉල්ලිම් 19 මුල් කරගෙන වැඩවර්ජනය හෙට සිට දියත් කරන බව වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරති.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල්පති සහ අමාත්‍යංශයේ ලේකම් සමග සාකච්ජා වට දෙකාක් පවත්වා ඇති අතර අත්තිකාල සම්බන්ධයෙන් පවතින ගැටළු ඒකාබද්ධ අධ්‍යක්ෂක ජනරාල් සමග පැවති සාකච්ජාව ඇතුළු සාකච්ජා සියල්ල අසාර්ථ්ථක වී ඇත. සාකච්ජා අසාර්ථක වීමට හේතු ලෙස වෘත්තීය සමිති නායකයෝ පවසන්නේ පාලනාධිකාරීයට හෝ දේශපාලනාධිකාරීයට උනන්දුවක් නැති බව පවසති.

තැපැල්පතිවරයා වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම සදහා අසත්‍ය කතා පතුරවමින් විවිධ බලපෑම් කරන බවට වෘත්තීය සමිති නායකයෝ චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *