ජාජබ/ජවිපෙ ආණ්ඩුව ජේ.ආර්.ගේ ආර්ථීක ප්‍රතිපත්ති නම් ඉදිරියට ගෙන යන්නේ, පක්ෂ තහනම් කරලා ,පක්ෂ නායකයෝ හිරේ දාලා සහ විකල්ප අදහස් දරණ අයට හිරිහැර කරන පාරක තමා ආණ්ඩුවට ගමන් කරන්න වෙන්නේ – පුබුදු ජයගොඩ

0
download (11)

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය අගොස්තු මසේ 12 වෙනිදා ලංකාවේ මානව හිමකම් පිළිබද නිකුත් කළ වාර්තාවේ ලංකාවේ පවුල් වලින් අඩක් තමන්ගේ අහාර රටාව වෙනස් කරගෙන තිබෙනවා. එක්කෝ වේල් ගාන අඩු කරලා. එහෙම නැතිනම් ක‍ෑම පිගානේ ප්‍රමානය අඩු කරලා . එහෙමත් නැතිනම් තමන් කැමති කෑම කන්නේ නැතිව මිල අඩු කෑම ගන්න තැනකට ගිහිල්ලා. ඊට පස්සේ ලංකාවේ පවුල් වගින් 17% ක් අහාර සුරක්ෂිතතාව පිළිබද බරපතළ අර්බුදයක ඉන්නවා. මන්දපෝෂණ අවදානමකට ගොදුරු වෙලා ඉන්නවා කියලා එම වාර්තාව කියනවා. ජනතාව ඒ වැනි අඩියකට පත් වෙනකොට ඒ වැඩ පිළිවෙල ඉස්සරහාට ගෙනියන්න ආණ්ඩුවට අනිවාර්යෙන්ය මර්දනය දියත් කරන්න වෙන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

මේ අවුරුද්ද ඉවර වෙද්දී, ඩොලර් බිලියන 7174ක් තිබෙන්න ඔින විදේශ සංචිත ප්‍රමානය මේ වෙන කොට තියෙන්නේ ඩොල් බිලියන 6144 යි. ඉදිරි මාස තරක් ඇතුළේ ඩොලර් බිලියනයක් . ඒ කියන්නේ ඩොලර් මිලියනය 950කට වැඩි ප්‍රමානයක් හොයන්න වෙලා තියේනවා. හොයන්න බැහැ කියන එක පැහැදිලියි. එක පියව ගන්න වෙන්නේ එක්කෝ තියේන දේයක් විකුණනලා දාලා. එහෙම නැතිනම් ණය වෙලා. මේ අවුරුද්දේ අවසානයේ 2028 වෙනකම් ආර්ථීකය බරපතළ අවදානමක තියේනවා.ජනතාව කබලෙන් ලිපට වැටෙන බව ජයගොඩ පෙන්වාදුන්නේ.

ජයගොඩ එම අදහස් ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ යක්කල කාර්යාලයට පහර දීමට එරෙහිව කොළඹ මහජන පුස්තකාලයේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී අදහස් දක්වමින්ය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

අපේ පක්ෂ කාර්යාලයට පහර දීම පොදු ප්‍රශ්නයක් ලෙස දැකලා ඊට මැදිහත්විම ගැන මේ ප්‍රවෘත්තී සාකච්ජාවට සහභාගි වන සිලයලුම දෙනාට පෙටුගාම‍‍‍ි පක්ෂය වෙනුවෙන් මම මම ස්තුති පුද කරනවා. ගම්පහ යක්කල කාර්යාලය පිළිබද ප්‍රශ්නය සමහර අය අහනවා මේක පක්ෂ දෙකාක් අතර ඒ පක්ෂ වල සම්පත් දේපල පිළිබද ප්‍රශ්නයක් විධියට තමයි ඒ අය ගන්නේ. අපි අහනවා වඩා වැදගත් වන්නේ ඒ සිදුවිම හරහා එන‌ දේශපාල සංඥා තේරුම් ගැනීම තමා මෙහි ද‍‍ි වැදගත් වන්නේ. මෙැන ප්‍රශ්නය තියෙන්නේ ඒ ඉඩමේ ඒ ගොඩනැගිල්ලේ අයිතිය පිළිබද ප්‍රශ්නය. ඒ අයිතිය පිළිබද ප්‍රශ්නය විසදෙන්නේ නීතිය ඉදිරියේ. එතකොට එක අපි තවදුරටත් එක වාද කරන එක තේරුමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියයි එකේ අයිතිය තියෙන්නේ ඒ ගොල්ලන්ට කියලා.පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි එහි අයිතිය තියෙන්නේ අපිට තමයි කියලා.එක අධිකරණය හමුවේ විසදන ප්‍රශ්නයක්.නමුත් මෙම සිදුවිම හරහා මතු වන දේශපාලන සංඥාව යම් විධියට ජාතික වශයෙන් වැදගත්කමක් තියෙනවා.මේ සිදුවිමට අදාළ ප්‍රශ්න ගණනාවක් තියෙනවා.එකක් ජවිපෙ පැත්තෙන් කියනවා මේ දේපල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සතුව තිබුනු දේපලක් කියලා. ඔහු සතුව තිබුනු දේපලක් නම් මොකටද උසාවියේ නඩු දැම්මේ කියලා ප්‍රශ්නයක් තියේනවා. එහෙම කරන්නේ තිබුනේ මා සතු දේපලක පිරිසක් බලහත්කාරයෙන් රැදි ඉන්නවා ඉවත් කරන්න කියලා පොලිසියේ පැමිනිල්ලක් දාන එක. එහෙම දැම්මා නම් නඩු කටයුත්තක් නැහැ. ඊලගට කියනවා මේ නඩුවට ආදාළ නඩු තින්දුවක් ලැබිලා තියෙනවා කියලා .පෙරටුගාමී සමාජවාදි පක්ෂයට එම කාර්යාලයෙන් ඉවත් වෙන්න කියලා නඩු තින්දුවක් ලැබිලා තියෙනවා නම් කෝ ඒ තීන්දු කියලා. කුමන නඩුවේද දිලා තියෙන්නේ. අධිකරණය නියෝගයක් නිකතු කරලා තියෙනවාද කියලා. එහෙම එකක් නැහැ.

තුන් වන ප්‍රශ්නය තමා ඒ වැනි නියෝගයක් නිකුත් කරලා තියෙනවා නම් ඒ නියෝගය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ අධිකරණ නිලධාරින්ට. ජවිපෙ කියන විධියට මේ නියෝගය දිලා තියෙන්නේ 2023නේ. අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා. නියෝගය ක්‍රියාත්මක කරන්න අවුරුදු දෙකක් යන්නේ නැහැ. සමාන්‍යයෙන් ඒ වැනි නියෝගයක් නිකුත් කළාට පස්සේ අධිකරණයේ රෙජිස්ටාවරයා හරහා පිස්කල් නිලධාරීන්ට දැනුම් දෙනවා මේ නියෝග ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට පිස්කල් නිලධාරීන් ඇවිල්ලා දැන්වීමක් අලවලා අදාළ පුද්ගලයන්ට දින ලබා දෙනවා ඔවුන් සතු බඩු මුට්ටු අරගෙන ඉවත් වෙන්න. එම නියෝගය පිළිපැද්දේ නැතිනම් පිස්කල් නිලධාරීන් අධිකරණ නියෝග පිළිපැදලා නැහැ කියලා අධිකරණයට කරුණු වාර්තා කරලා පොලිසියේ සහයෙන් ඉවත් කිරීම සිදු වෙනවා. ඒවැනි නියෝගයක් නිකුත් තර තිබේ නම් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවුනේ ඇයි ? විශේෂයෙන් අධිකරණයේ රෙජ්ස්ටාර් සතු බලයක් කොහොමද? නියෝජ අමාත්‍ය මහින්ද ජයසිංහලා පාවිච්චි කරන්නේ කියන ප්‍රශ්නය පැනනගිනවා. මොකද මෙතැන ඉතාම බරපතළ ප්‍රශ්නය තමා මේ ගොල්ලෝ කිව්වේ නීතියට කාටත් සමානයි පොලිසියට ඇගිලි ගහන්නේ නැහැ.

අපි ඒ නඩු තීන්දු වලට ඇගිලි ගහන්නේ නැහැ කියා සතියක් යන්න කලියෙන් ප්‍රදර්ශනය කළා එහෙම නොවෙයි කියලා.නීතිය කාටත් සමනයි පොලිසිය කාටත් සමානයි වගේ කතාවක් කිව්වා. එක ජනාධිපතිවරයා කියලා සතිය යන කොට ටිල්වින් සිල්වයි මහින්ද ජයසිංහයි ඇවිල්ලා නීතිය උල්ලංඝණය කරනවා. ඉතාම පැහැදිලි පෙරේදා උදැසන මේ පහර දීම සිද්ධ වුණා. එතකොට මේ පහර දීම ඇතුළේ හරිම නිශ්චිතව දේපලකට අයුතු ඇතුල් වීමක් තියෙනවා . මේ දේපලට නීතිමය අවසරයකින් තොරව තාප්පයට ඉණිමන් තියලා තාප්පෙන් පැනලා‌ දොරවල් කඩලා තමයි බලෙන් ඇතුල් වුණේ. පුද්ගලික දේපලකට අනර්ථයක් සිදු වෙලා තියේනවා .පහර දීලා තියෙනවා. ඒ පහර දීම හරහා ප්‍රචණ්ඩත්වය භාවිතා වෙලා තියෙනවා. මේකට අදාළව පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඔ්නේ. නමුත් පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් පොලිසිය ක්‍රියාත්මක වුනේ අනික් පැත්තට. මේ සිදුවීම වෙලා තියෙන්නේ යක්කල පොලිස් බල ප්‍රදේශය තුළ. නමුත් යක්ල පොලිසිය පනක් නොවේ වීරගුල ,වැලිවේරිය සහ ගම්පහ පොලිසිය ඇතුළු පොලිසි කැදවලා යුද්ධයකට වගේ සුදානම් වුණේ. බලහත්කාරයෙන් කඩු පොලු අරගෙන ගොඩනැගිල්ලකට කඩා වැදුණු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුට ඒ පිරිස පලවා හැරීමට විරුද්ධව පොලිසිය මැදහත් වුණා. පොලිස් මාර්ග බාධක දාගෙන ඊයේ අදයි යක්කල යුද පිටියක් බවට පත් වුණා. සිදුවිම වු දවසේ දවල් එක එකහමාර වෙද්දී බස් වලින් විශේෂ කාර්ය බලකායේ සෙබලු කැදෙව්වා යුද්ධයක මුහුණ දෙන්න වගේ. මෙතැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා පොලිසියේ මැදිහත් විම සම්බන්ධයෙන්. නව පොලිස්පපති තුමා ප්‍රකාශයක් කළා ධුරයේ වැඩ බාර ගනිද්දී ,කිසිම මැර වැඩකට ඉඩක් දෙන්නේ නැහැ කියලා. මැරයන්ට ආදළාව නීතිය ක්‍රියාවේ යොදවනවා කියලා. මැරයන්ට අදාලව වැඩ කරද්දී, කිසිදු බලපෑම් වෙන්නේ නැහැ කියලා ආණ්ඩුවෙන්.

අපි අනවා කෝ ඒ පොලිස්පති ? පෙරේදා මැර ක්‍රියාවක් සිද්ධ වුණා. මැරයෝ ඇවිලිලා දේපලකට බලහත්කාරයෙන් ඇතු් වුණා. පහරදීම් කළා කෝ පොලිස්පති එයාට කිසිදු දේශපාලන බලපෑමක් නැත්නම් යක්කල සිදු වු මැර කියවා සම්බන්ධව පොලිස්පති නීතිය ක්‍රියාවේ යොදවන බවක් අපට පෙන්න නැහැ. එකක් පැහැදිලි තමන්ගේ බලය පිළිබද කරුනු වලදී පවතින නීතිය පවතින සමාජ රාමු මෙනවත්‌ නොසලකා මැර බලය පාව්ච්චි කරවා කියන අදහසක ආණ්ඩුව ඉන්නවා. ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්නවාද? එහෙම නම් එක පෙරටුගාමි සමාජවාද‍‍‍‍‍‍ී පක්ෂය සහ ජනතා විමමුක්ති පෙරමුණ අතර ප්‍රශ්නයක් නොවෙයි. එක රටේ දේශපාලනය පිළිබද ප්‍රශ්නයක්. මේ සංඥාව දිලා තියෙන්නේ අපට නීතිය අදාළ නැහැ කියලා.පොලිසිය අදාළ නැහැ අපි බලය පාවිච්චි කරනවා කියන සංඥාව දීලා තියෙන්නේ ඒ සංඥාව බැරැරූම්ව රටේ ජනතාව ගත යුතුයි. ඒක ඉතාමත්ම නරක සංඥාවක්. 2015 යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වෙමින් එම ආණ්ඩුව ඇතුලේ දුෂණ විරෝධී ආයතන වල ප්‍රධානීන් වෙමින් ඉන්නැද්දී, ජවිපෙය ඒ කළේ ඔය විධියටම මැර ප්‍රහාර එල්ල කරලා මහනුවර කාර්යාලය ඇල්ලුවා. එක එගොල්ලන්ට අයිති කියලා කිව්වා. ඒ ඉඩමේ හිමිකාරීත්වය තිබු ඔප්පුවේ නම තිබුන කෙනා පාවිච්චි කිරීමට උත්සහා කළා . යක්කල දාපු සෙල්ලම් ටික ඔක්කෝම දැම්මා. නමුත් අවසානයේ අධිකරණයේ නඩුවක් ගිහිල්ල ,නඩුවෙන් තහවුරු වුනා එම කාර්යාලයේ අයිතිය පෙරටුගාමී සමාජවාදි පක්ෂයට කියලා අධිකරණය ත‍ීරණය කළා. සහපාලන ආණ්ඩුවේ හයිය අරගෙන මහනුවර දී නාඩගමක් නැටුවා අද රාජය බලය අරගෙන යක්කල දී ඒ නඩගම නටනවා.

සමාජය පොදුවේ පිළිගත් රීතින් තියෙනවා. උදාරණයක් විධියට වයෝවෘද්ධ වැඩිහිටියන්ට අපි සලකන විධිය. ඒ සමාජ ප්‍රමිතින් පිනිබිදුවක් සේ සලකන්නේ නැහැ කියලා. යක්කල කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ දී ජයසිංහලා ඔප්පු කරලා තියෙනවා. එම කාර්යාලයේ අපේ සහෝදයෙකු නැවතිලා හිටිය විල්සන් අප්පුහාමි කියලා . ඒ සහෝදරයාට වයස 80 ක් පමන වෙනවා. අප්පුහාම් සහේදරය 1971 අරගලයේ ඉදිරිපෙළ වැඩ කළ සහෝදරයෙක්. රෝහණ සහෝදරයා සමග සමීපව කටයුතු කළ සහෝදරයෙක් . 1978 පස්සේ පක්ෂයේ පුර්නකාලියෙකු වැඩ කළ සහෝදරයෙක්. 1994 නැවත වැඩ පටන් ගන්න කොට හිටපු අතළොස්ස අතර හිටපු සහෝදරයෙක් . ඒ සහෝදරයා නැවතිලා හිටියේ යක්කල කාර්යාලයේ .ඒ සහෝදරයා අත්දෙකෙන් සහ කකුල් දෙකෙන් අල්ලලා පද්දලා හාල් ගෝනියක් විසකරනවා වගේ විසි කරලා තිබුණා. කාර්යලයේ නරත වෙලා හිටිය මෙවර උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් කිපදෙනෙක්. ඒ අයට පහර දීලා සටහන් පොත් ඉරා දාලා තියෙනවා. ඒ සිසුන් මේ වන විටත් පහර කෑම නිසා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ජයසිංහ කියන්නේ ගුරු සංගම් නායකයෙක්. මෙතැනදී පැහැදිව ජවිපෙ කියනවා අපිිට සමාජ සම්මතයන් වැඩක් නැහැ අපි වැඩ කරන්නේ අපිට ඔින විධියට කියන එක ප්‍රදර්ශනය කරලා තියෙන්වා .

මැරයෝ පිරිවාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තුන්දෙනෙක් සහ නියෝජ්‍ය ඇමති ජයසිංහ ඇවිල්ලා හිටියා.ඊට අමතරව ජවිපෙ ප්‍රාදේශීය නායකයෝ ඇවිල්ලා හිටියා. කතාවක් තියෙනවා නියපොත්තෙන් කඩන්න තියේන දේ පොරවෙන් කපනකම් ඉන්න එපා කියලා. මේක හුදු දේපලක් පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. පොලිසිය සහ ආණ්ඩුවේ නියොජ්‍ය ඇමතිවරයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ගේ හැසිරීම බරපතළ ගන්න කියලා අපි සමජයෙන් ඉල්ලනවා.

ශාන්ත සහෝදරයත් කතා කරද්දී සදහන් කළා ආණ්ඩුවේ නොහැකිවාය වසා ගැනීම සදහා වියරුයෙන් කටයුත් කරමින් ඉන්නවා කියලා මොකද මේ වෙන කොට අයි.එම්.එෆ්. වැඩ පිළිවෙල සමග ආණ්ඩු වැඩ කරමින් ඉන්නේ. ඒ වැඩ සටහන ඉදීපිට සියලුම බලවේග අවුල් වෙමින් තියේනවා. උදාහරණයක් විධියට ජනතාව ඒ වැනි අඩියකට පත් වෙනකොට ඒවැඩ පිළිවෙල නම් ඉස්සරහාට ගෙන යන්නේ මර්දනයෙන් තමා ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන්නේ. එහෙම කරලා ආර්ථීකය ගොඩ ගිහිල්ලා නැහැ. මේ වැනි තත්වයක් යටතේ ආණ්ඩුවක් ගමන් කරන්නට නියමිතව තියෙන්නේ වියුක්තව ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොනවා දේශනා කළත් මේ ත්තවය යටතේ අත්තනෝමතිකත්වය කරා. ඒ නිසා ජේ. ආර්.ගේ ප්‍රතිපත්තිය මත නම් යන්නේ දේශපාලනයේදී ජේ.ආර්. කරපු දේම තමයි කරන්න වෙන්නේ. ජේ. ආර්. ආර්ථික ප්‍රතිපත්ති ගෙනයන බව නම් මේ ආණ්ඩු ගෙනි යන්නේ ඔහු වගේම පක්ෂ තහනම් කරලා විරුද්ධ පක්ෂ නායකයන්ව හිරේ දාලා විපක්ෂයේ රැස්වීම් වලට මැරයෝ එවලා විකල්ප අදහස් ඉදිරිපත් කරන අයට පහරදීලා ඒ වැනි පාරක තමා යන්න වෙන්නේ. තැපැල් වැඩ වර්ජනය කරපු දේ මේ ආණ්ඩුව ඉදිරි වැඩ වර්ජන වලටත් කරන බව දැන් හරි පැහැදිලි. මේ තත්වය මේ මොහොතේ පරාජය කළ යුතුයි. ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතට මුහුණ දීම සදහා පුළුල් එකතුවක් අවශ්‍යය වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *