රොන්මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරම් කරන ජවිපෙ/ ජාජබයේ ඇමතිවරු

0
WhatsApp Image 2025-11-16 at 17.32.39

ආණ්ඩුවේ සහයෙන් පොලොන්නරුව මහවැලි බී කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩා ඔය අමුණේ රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරමක් සිදු වන බව ගොවිහු අප සමග පැවසුහ.

එම වැලි ගොඩ දැමීම සිදු කරන්නේ ගම්පහ ප්‍රදේශයෙන් පැමිනි පිරිසක් බවත් ඔවුන් බැකෝ යන්ත්‍ර අමුණට දමා රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ගොඩ දමන බව ගොවින් පවසති.

රොන් මඩ ඉවත් කිරීමේ මුවාවෙන් නීති විරෝධීව වැලි ගොඩ දමන බවත් එම වැලි හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය වගකිව යුතු බවත් මේ වන විටත් කුඩා ඔයේ අමුණට දැඩි හානි සිදු වී ඇති බව ගොවි සංවිධාන වල නියෝජිතයන් සහ පරිසරවේදීන් චෝදනා කරති‍.

මෙම වැලි ජාවාරම පිටුපස ජවිපෙ / ජාජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටින බවත් දවල් රෑ නොබලා සිදු කරන වැලි ගොඩ දැමීම නිසා ඉදිරියේදී කුඩා ඔයට දැඩි හානි සිදු විය හැකි බවත් ඔය ආශ්‍රිතව පැවති කුඹුක් ගස් මේ වන විටත් 50 අධික සංඛ්‍යාවක් කපා විනාශ කර ඇතැයි පවසන පරිසරවේදීන් වැලි හැරීම නිසා දැවැන්ත පරිසර විනාශයක් සිදු වීමට නියමිත බව පවසති.

වැලි හැරිම සදහා කපන කුඹුක් ගස් වැලි අස්සේ හංගා රාත්‍රි කාලයේ කොළඹට පටවන බවත් මේ වන විට රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ට්‍රිපර් 1000ක් පමන කුඩා ඔය ඉස්මත්තේ ගොඩ ගසා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

පරිසර නීතිය අනුව වැව් වල රොන් මඩ ඉවත් කිරීමේදී එම වැව් වලට යන්ත්‍ර සුත්‍ර දමා රොන් මඩ ඉවත් කිරීම තහනම් බව පෙන්වාදුන් පරිසරවේදීන් රජයේ නිලධාරීන් මෙන් මාධ්‍යවේදීන් ජාවාරම්කරුන්ගේ මුදල් වලට යට වී ඇතැයි පවසති.

රොන්මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරම් කරන ජවිපෙ/ ජාජබයේ ඇමතිවරු
රොන්මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරම් කරන ජවිපෙ/ ජාජබයේ ඇමතිවරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *