පාර්: මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු ආණ්ඩුවේ හැසිරීම ප්‍රජාත්න්ත්‍රවාදය හකුළා , පොලිස් රාජයකට වේගයෙන් හැරෙමින් පවතින බව ශ්‍රී ලා,වෘ.ජ.ස. පවසයි

0
slwja522

ලාකීය ජනතාව සිය පරමාධිපත්‍ය බලය උපයෝගී කර ගනිමින්, වත්මන් පාලකයින් බලයට පත් කළේ සහිබුද්ධියෙන් යුතුව රාජ්‍ය කටයුතු පරිපාලනය කිරීම සදහාය. එහෙත් තමන් අතට පත් වු දේශපාලන අධිකාරී බලය අත්තනෝමතිකව ලෙස භාවිතා කරමින් පුරවැසියා මර්දනය කිරීමට රාජය දරණ උත්සහාය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

කුප්‍රකට පල්ලේගම හේමරත්න හිමිනමට එරෙහිව එල්ල වී ඇති අපයෝජන චෝදනා සම්බන්ධ නඩුවේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකා සජිවනි අබේකොන් මහත්මිය හිමිනමට සහ එම සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන පොලිසියට එරෙහිව අධිකරණය හමුවේ කළ කරුනු දැක්වීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ රැස්විමේදී ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර එම රැස්වීමට සහභාගී වී සිටි අබේකොන් මහත්මියට දොස් පවරා ඇත.

එම සිද්ධිය ගැන බීබීසී (BBC) සිංහල සේවයට වාර්තාවක් සැපයු මාධ්‍යවේදීයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු වු සාකච්ජාව සම්න්ධව මන්ත්‍රීවරියගෙන් විමසීමක් කර ඇති බවත් එහි දී ඇය පෙරළා මාධ්‍යවේදීයාගෙන් මුලාශ්‍ර පිළිබදව විමසීමක් සිදු කර ඇත. බීබීසී මාධ්‍යවේදීයා මන්ත්‍රීවරිි එම සිද්ධිය සම්බන්ධයෙන් පල කළ අදහස් ප්‍රවෘත්තීයට ඇතුළත් කර තිබියදීත්, මන්ත්‍රී හේමචන්ද්‍ර සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා බීබීසී මාධ්‍යවේදියාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් (Privilege Issue) පාර්ලිමේන්තුවේදී මතු කරන බවට තර්ජනය කර ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කරමින් දෝෂාරෝපනයට ලක් කිරීම සහ බීබීසී මාධ්‍යවේදියාට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී තර්ජනය කිරීම පිළිබදව මන්ත්‍රී හේමචන්ද්‍ර ඇතුළු ජවිපෙ /ජාජබ ආණ්ඩුවට ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු. මන්ත්‍රීවරීයගේ එම නොමනා ප්‍රකාශය සහ හැසිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර මහජනයාගේ තොරතුරු දැන අයිතියට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමට ගත් උත්සහායක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංමගමය තරයේ විශ්වාස කරන බව එම මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.

පොලිසිය මාධ්‍යවේදී සම්පත් සමරකොන්ට අඩම්තේට්ටම් කිරීම‍.

මන්ත්‍රීවරීයගේ හැසිරීම පෙන්නුම් කරන්නේ ජවිපෙ/ජාජබ ආණ්ඩුව ප්‍රජාත්නත්‍රවාදය හකුළාමින් මහජනයා මර්දනය කරන දිසාවට වේගයෙන් හැරෙමින් පවතී.

විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකොන් 2026 මැයි මස09 වෙනිදා පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ගල්කිස්ස පොලිස් ස්ථානයේ දමන ලද පැමිනිල්ලක් සම්බන්ධව උත්තරයක් ලබා ගැනීම සදහා යැයි කැදවා පැය ගණනක් ඔහුගෙන් ප්‍රශ්න කර මානසික පීඩාවකට පත් කිරීම පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය පල කර ඇත.

2026 මැයි මස 09 වන දින, රත්මලාන ප්‍රදේශයේදී අංක ABV 2568දරණ පොලිස් ත්‍රිරෝද රථයෙන් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අත්තනෝමතික සහ අවමන් සහගත සෝදිසි කිරීමකට මාධ්‍යවේදී සම්පත් සමරකෝන් ලක්ව ඇත. ත්‍රීවීල් රථයක් පැමිණෙන තෙක් මහා මාර්ගයේ රැඳී සිටි ඔහුව පරීක්ෂා කිරීමේදී කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් ඔහු වෙතින් හමු නොවූයෙන්, එක් නිලධාරියෙකු “කට අරින්න” යැයි අණ කරමින් නීති විරෝධී ලෙස ඔහුගේ ශරීර අවයව පරීක්ෂා කර තිබේ. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියෙකු වෙත තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝණය කිරීමකි.
 
මෙම සිදුවීම හරහා අප සංගමයේ සාමාජිකයෙකු, වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම පුරවැසියෙකු ලෙසද සම්පත් සමරකෝන් වෙත පොලිසිය විසින් එල්ල කළ තර්ජන, බියවැද්දීම් සහ මානසික පීඩනය සම්බන්ධයෙන් අපගේ බලවත් පිළිකුල පල කරන අතර, මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමය වැඩිදුරටත් එම මාධ්‍ය නිවේදනය මගින් ඉල්ලා තිබේ.

පහතින් පල වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ හැසිරීම හෙළා දැක නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය වේ.

පාර්: මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු ආණ්ඩුවේ හැසිරීම ප්‍රජාත්න්ත්‍රවාදය හකුළා , පොලිස් රාජයකට වේගයෙන් හැරෙමින් පවතින බව ශ්‍රී ලා,වෘ.ජ.ස. පවසයි
පාර්: මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු ආණ්ඩුවේ හැසිරීම ප්‍රජාත්න්ත්‍රවාදය හකුළා , පොලිස් රාජයකට වේගයෙන් හැරෙමින් පවතින බව ශ්‍රී ලා,වෘ.ජ.ස. පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *