මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී

0
WhatsApp Image 2025-11-18 at 08.30.12

ජවිපෙ /ජාජබ ආණ්ඩුව ට්‍රැක්ටර් යොදාගෙන මා දැල් ඇදීම තහනම් කිරීමට එරෙහිව මා දැල් හිමියන් සහ එම කර්මාන්තයේ නියැලි සිටින දහසක් පමන ධීවරයෝ ඊයේ (17) කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි ධීවර අමාත්‍යංශය ඉදිරිපිට රැස් වී ආණ්ඩුවට සිය විරෝධය පල කළහ.

මා දැල් ධීවර කර්මාන්තයට සහ යාන්ත්‍රික උපකරණ භාවිතා කිරීමට එරෙහිව ආණ්ඩුව පනවා ඇති තහනම වහා ඉවත් කරන ලෙසට බල කර එම විරෝධතාවය පැවැත්විණ. දිවයින පුරා මා දැල් කර්මාන්තයේ නියැලි සිටින ධීවරයෝ මෙම උද්ඝෝෂණයට පැමින සිටියෝය. සමහර ප්‍රදේශ වල ධීවරයෝ ආණ්ඩුවේ තහනමට එරෙහිව එම ප්‍රදේශ වල සිට සිය විරෝධය පෑහ.

ධීවරයෝ තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සදහා ඇමතිවරයා හමුවෙන්න අවශ්‍ය යැයි ඉල්ලා සිටි අතර පසුව ධීවර නායකයෝ ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂකව පසුව මුණ ගැසිණ. ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිටින බැවින් , දෙසැම්බර් 05 වෙනිදා ඇමතිවරයා සමග සාකච්ජාවක් ලබාදීමට අධ්‍යක්ෂකවරයා එකග වු බව ධිවරයෝ අප සමග පැවසුහ. අවස්ථා කිපයක් ඇතිවරයා සමග සාකච්ජා ඉල්ලා සිටියද ලබා නොදීම ගැන විරෝධය පල කර ධීවරයෝ අදම ධිවර ඇමතිවරයා මුණ ගැසීමට අවශ්‍ය යැයි ධීවරයෝ නයකයන්ට බල කර සිටියහ . පාර්ලිමේන්තුව වට රවුමට ගොස් විරෝධය දැක්විය යුතු යැයි ධිවරයෝ කළ යෝජනාව පිළිගත් ධීවර නායකයෝ අවසානයේ එම යෝජනා අත හැර දැමුහ.

දෙසැම්බර් 05 වන නැවත දිවයින පුරා මා දැල්ව ධීවරයෝ ධීවර අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණෙන බවත් ප්‍රශ්නය නොවිසදුන හොත් ප්‍රශ්නය විසදන තුරු අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගන්නා බවට ශපථ කළහ.

මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී

මා දැල් හිමයෙකු වන මුදිත් සංජිව ප්‍රනාන්දු

හලාවත මහව තුඩුවාව මා දැල් හිමියෙකු වන මුදිත් සංජිව ප්‍රනාන්දු ආණ්ඩුවේ තහනමට එරෙහිව හඩ අවධි කළේ මෙසේය.

මා දැල් ට්‍රැක්ටර් දලා අදින්න එපා කියලා 2025 දෙසැම්බර් 31න් පස්සේ තහනම් කරන්න යනවා. ට්‍රැක්ටරයට විජ් එක දාලා තමයි දැල අදින්නේ.

කාලයක් තිස්සේ මා දැල් රස්සාව කඩා වැටිලා තිබුණේ ශ්‍රමය නැති නිසා. තරුණ පරම්පරාව වෙනත් රැකියා වලට යෑම ප්‍රධාන හේතුවක් වුණා. ජෝසප් පිටර් සහ මා දැල් ධීවරයෝ එකතු වෙලා තමයි වින්ජ් එක සොයා ගත්තේ. වින්ජ් දාලා මා දැල් අදින එක ගොඩක් සාර්ථකයි. විශාල ශ්‍රමයක් අවශය නැහැ ඒ වගේම ඇගට මහන්සියකුත් නැහැ. වින්ජ් එකෙන් ඇද්දත් සේවකයෝ විස්සක් පමන අවශ්‍යයි. ඉස්සේලා හිටිය හතලිහක් පමන. දැනටත් තිහක් තිස්පහක් දැලක ඉන්නවා. ගලක් පෙරන්න දහයක් ඔින නම් මා දැල් ට්‍රැක්ටරයෙන් අදින කොට එතරම් ශ්‍රමයක් අවශය නැහැ. වින්ජ් එක අවශ්‍ය වුනේ ශ්‍රමය නැති නිසා. මා දැල වින්ජ් එක දාලා අදින කොට වෙරළ ඛාදනය වෙිගවත් වෙනවා කියලා ආණ්ඩුව කියනවා. එහෙම වෙනවාද කියලා පරික්ෂණ කරලා බලන්න ඔිනා. හික්කඩුවේ වෙරළ ඛාදනය වෙන්නේ ට්‍රැක්ටර් දාලා නොවෙයි. ට්‍රැක්ටර්ක්ට භාවිතා නොකල ප්‍රදේශ වෙරළ ඛාදනය වෙලා තියෙනවා .ට්‍රැක්ටර් දාන්න කලියෙන් වෙරළ ඛාදනය වුණේ ට්‍රැක්ටර් නිසාද? වාරකන් කාලයටත් වෙර‍ල ඛාදනය වෙනවා. වෙරළ ඛාදනයට මුලික හේතු හතරක් තියෙනවා . පෝට්සිටි එක ගොඩ කිරීම ,වරායවල් සැදීම, බස්නාහිර වෙරළ තිරයේ ,වයඹ වෙරළ තිරයේ වෙරළ ඛාදනයට මුලික හේතුව දකුණ පැත්තෙන් වෙරළ සංරක්ෂණයට ගල් වැටි දාපු ගමන් උතුරු පැත්ත ඛාදනය වෙනවා. ඒක වළක්වා ගන්න දකුණේ ගල් වැටි දානවා‍ . නමුත් ඛාදනය වළක්වන්න බැරි වුණා. දිගින් දිගමට වෙරළ ඛාදනය සිද්ධ වුණා. ගෝලීය උෂ්ණත්වය වැඩිම නිසා මුහුදේ වතුර වැඩිම. ගංගා වල වැලි හැරීම නිසා මුහුදේ වැලි නැති විම. අපේ පැත්ත වෙරළ සංරක්ෂණය කරලා තියෙන්නේ . සුළු බිම් කෙටසක් ඉතුරු වෙලා තියෙනවා .ඒ ප්‍රදේශයේ පමනක් රස්සාව කරනවා. වාරකන් කාලයට කැඩෙනවා . වළාන කාලයට ගොඩ වෙනවා . ඔික තමා සිද්ධ වෙන්නේ. පරිසර හානියක් වෙනවා කියලා මම පිළිගන්නේ නැහැ.

මා දැලෙන් පොඩි මාළු අල්ලනවා කියලා‍. හල්මැස්සා තමයි පොඩි මාළුවා. හල්මැස්සා මෝරා වෙන්නේ නැහැ.කාරල්ලා තමයි පොඩි මාළුවා. සාලයා පොඩි මා‍ළුවෙක්. සාලයා තෝරා ව‌ගේ ලොකු වෙන්නේ නැහැ. අංජිලාවා තෝරා වගේ ලොකු වෙන්නේ නැහැ . හැබැයි අංජිලාවා කිලෝ එකාක් රුපියල් හත්සීයයි. අංජිලාවොත් ප්‍රමාන තියෙනවා. ග්‍රැම් සීයේ දෙසියේ අංජිලාවෝ කිලෝ එකාක් රුපියල් 300 යි. තෝර කිලෝවක් 3500 යි. පිටරට යවන තෝරු කිලෝවක් 4000යි .තුන්දාස් පන්සියට පොඩි මිනිහෙකුට තෝරු කිලෝවක් කන්න පුළුවන්නද? බැහැ. අංජිලාවෝ කිලෝ එකාක් කියන්නේ තෝරු කිලෝ එකක් වගේම ගුණයක් තියෙනවා.මාළු කුරියා ලොකු පොඩි වුණා කියා ගුණය වෙනස් වෙන්නේ නැහැ.හල්මැස්සා තෝරා වගේ ලොකු වෙන්නේ නැහැ. හල්මැස්සා ඉන්නේ ගොඩ මුහුදේ . ඒ මාළුවා තමයි මා දැලට අහුවෙන්නේ. අහුවෙන මත්ස්‍යා හල්මැස්සා. හල්මැස්සසන් සදහා අපි පාවිච්චි කරන්නේ පොඩි දැල්. 1984 ගැසට් එකෙන් මා දැල් කර්මාන්තය නීක්‍යානුකුල අයිතිය ලැබුණා. එදත් හල්මැස්සෝ අහු වුණා. අද 2025 අවුරදු 41 අදත් හල්මැස්සෝ අහු වෙනවා.අපි ඉරිදාට රස්සා කරන්නේ නැහැ. උද්ඝෝෂණය නිසා අදත් රස්සාව නැහැ .හෙට බලන්න කෝ දෙමටගොඩ මාළු වෙළද සැලට ගිහිල්ලා මාළු කිලෝවක් කීයද කියලා. සෙනසුරාද මිලයි අද මිල සංසන්දනය කරන්න. හල්මැස්සෝ , කුම්බලාවෝ , පුච්චි කන්ඩි සහ සාලයෝ කිලෝ එකක් කීය ද ? අපි මා දැල් කර්මාන්තයෙනුත් ධීවර කර්මාන්තයට 33% මාළු සපයනවා. අපි මාළු අපනයනයටත් හවුල් වෙනවා. ඒවා කන්නේ පොඩි මිනිස්සු තමයි. ධීවර ක්ෂත්‍රයේ මේ ගැහැනු කට්ටිය ඝෘජුවම රස්සාවට යන කට්ටිය. අපි කරන්නේ පංගු රස්සාව.සේවකයන්ට කොටසක් අයිති කරනවා. ගිය සතියේ රස්සාව විධියට පංගුව වශයෙන් එක් අයෙක් විසි තිස්දාහක් පමන මුදලක් ලබා ගන්නවා. පොඩි එක්කෙනාගේ සිට ලොකු එක්කෙනා දක්වා පංගු කරලා තියෙනවා. මණ්දාඩි, තණ්ඩුකාරයෝ සහ ගොඩ වැඩ කාරයෝ කියලා මණ්දාඩි රුපියල 30.000යි. තණ්ඩුකාරයෝ 25.000යි . ගොඩ වැඩකාරයේ 20.000යි. ඒතැනින් යැපෙනවා තිස්දෙනෙක් පමන.වතු කම්කරුවෙක් ගන්නේ අද 1500යි. රජයෙන් දෙසීයක් දීලා තමයි 1700 වෙලා තියෙන්නේ. රුපියල් 25.000 සහ 30.000 හයෙන් බෙදා බල්නන එක් අයෙකුට කීයක් ලැබෙනවාද කියලා. අද මෙතැන ඇවිල්ලා ඉන්නේ මා ලග අවුරුදු විස්සක් තිහක් වැඩ කරන අය.වෙර‍ළ ‍‍‍‍‍‍ ඛාදනය වෙනවා කියලා සහ පොඩි මාළු අහුවෙනවා කියලා ආණ්ඩුවේ හිතුමතේට මා දැල් කර්මාන්තය තහනම් කරන්න යනවා. මා දැල් රස්සාව කරන්නේ මාස පහයි . වාරකන් කාලයට තමයි වෙරළ කැඩෙන්නේ. වෙරළ සංරක්ෂණ ක්‍රමය තමයි මා දැල් කර්මාන්තය. අපි අවුරුද්දට පස් මාසයයි රස්සාව කරන්නේ. හය මාසයක් නිකන් ඉන්නවා. වාරකන් හය මාසය අතහැරලා දානවා. අපේ ප්‍රදේශයේ තියෙන්නේ මිටර් 350 යි. ගල් වැටිලා තියෙන නිසා දැන් තියෙන්නේ මිටර් 150යි. මිටර් 150 අපිට දැල් අදින්න තියෙන්නේ. උතුරෙන් මුහුදට බස්නාහිරට කිලෝ මීටරයයි.දකුනෙන් මුහුදට කිලෝ මීටරයයි. දියඹට කිලෝ මීටරයයි. කිලෝ මීටර් අතර වගී ළුලය වැඩි කරලා බලන්න . ඔය සීමාවේ අල්ලන මාළු නිසාද? මුහුදේ මාළු නැති වෙලා තියෙන්නේ. මුහුදේ මාළු නැති වෙන්න හේතුව ඩයිනා ගහනවා. සුරුක්කු දැල් ගහනවා ,කොටු දැල් ගහනවා. ගලේ දැල් තියෙනවා සැමන් දැල්, බල්ලෝ දැල් , ලයිටි කොස් ගහන සහ ඉස්සන්ට රෝලින් දැල් පාවිච්චි කරන නිසා.හිරිගල් සහ කුරිච්චන් ගොඩ දානවා. අපි මා දැලේ සල්වාට මන්ද ගහන්නේ මුහුදු පතුලේ (bottom) ඉදලා අගල් හයක් උඩින්. දැල පතුලෙන් ආවොත් මඩ පැටෙලනවා . දැල අදින්න බැහැ. දැල අදින්න බැරිව ඉරිලා යනවා. පස් මාසයක් අපි රස්සාව කරලා හය මාසයක් මාළු බෝ කරනවා. කිලෝ මිටරයක් යන්න බැහැ. ගල උඩ අපට දැල් වට කරන්න බැහැ. වට කළාම දැල කැඩිලා යනවා. යාන්ත්‍රිකරණය තහනම් කරනවා. මා දැලකට තියෙන්නේ එක යාන්ත්‍රාවයි. අශ්ව බල පහලෝවක එන්ජිමක් සවි කළ බෝට්ටුවක්. ඒ බෝට්ටුවෙන් තමයි දැල් පටවාගෙන යන්නේ. බෝට්ටු දහක් විතර මුහුදු තිරයේ යන කොට මා දැලේ බෝට්ටුව යන කොට විතර ද වෙරළ තිරයට හානි වෙන්නේ. ධීවර අමාත්‍යංශට අවබෝධයක් නැහැ. මිට අවුරුදු හතලිහකට පමන පෙර දාපු ගල් වැටි තියෙනවා. ඒ කළෙත් මුහුද ඛාදනය වෙලා තියෙනවා .ඒ කළේ මුහුද ඛාදනය වුනේ ට්‍රැක්ටර් තිබුන නිසාද? ඒ කළේ අතින් මා දැල් අදින කොටත් වෙරළ කැඩුණා. එක රැල්ලෙන් හැදුවා. ස්වභාව දහම මැදිහත් වෙලා ඒවා සකස් කරනවා.

මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී
මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී
මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී

මා දැල් කර්මනේතයේ නිරත කාන්තාවෝ අමාත්‍යංශය ඉදිරිපිට වාඩිලාගෙන සිටින අයුරු

මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී
මා දැල් ධීවරයෝ තහනමට එරෙහිව අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ලා ගනී

ධීවර අමාත්‍යංශය ඉදිරිපිට රැස් සිටින ධීවරයෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *