නීතිඥ මල්ලවආරච්චි ඝාතනය කළේ සුද්දාද? – ආණ්ඩුව නඩත්තු කරන පැරා මිලිටරි කණ්ඩායමක්ද?

0
images (76)

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි (44) සහ ඔහුගේ බිරිද වන වෙල්ලාල ආරච්චිගේ නිසංසලා (42) යන අයව අකුරගොඩ පාරේ බත්තරමුල්ල හමුදා මුලස්ථානයට ආසන්නව අකුරගොඩ වෙළදසැලක් ඉදිරිපිට දී ජනවාරි (13) වෙනිදා සවස වෙඩි තබා ඝාතනය කෙරිණි.

වෙඩික්කරුවෝ පැමිනි මෝටර් රථය නීතිඥ මල්ලවආරච්චිගේ මෝටර් රථය හරස් කර නතර කර, පසුව වෙඩික්කරුවෝ වාහනයේ බැස මල්ලවආරච්චි‌ගේ වාහනයේ ඉදිරිපස ආසනයට වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙතෙන් වෙඩි වරුසාවක් එල්ල කළහ. නීතිඥ මල්ලවආරච්චි සිටි පැත්තට ටී 56 යේ ගිනි අවියකින් ද ඔහුගේ බිරිද සිටි පැත්තට 9 එම් වර්ගයේ ගිනි අවියකින් ද වෙඩි තැබුහ.

නීතිඥ මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිද එම ස්ථානයේම මිය ගිය බව තලංගම පොලිසිය පවසයි.

වෙඩි තබා ඝාතනය කරන ලද නීතිඥයා සහ ඔහුගේ බිදිරි රෝහලට රැගෙන යන්නටත් මත්තෙන් එම දේපල ඝාතනය කරන ලද්දේ කරන්දේනිය සුද්දා බවට පොලිසිය මාධ්‍යයට පවසා තිබුණි. මුද්‍රිත ඉලෙක්ට්‍රොනික් සහ සමාජ මාධ්‍ය ඒ ගැන වාර්තා පල විය.

නීතිඥ මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමත් සමග ඔහු පිළිබද ආන්දොලාත්මක කතා පැතිරෙන්නට විය. මල්ලවආරච්චි සංවිධානාත්මක අපරාධ කල්ලි වල නඩු කටයුතු සදහා පෙනී සිටියේය. ඔහුට ඒ සදහා නිත්‍යානුකුල අයිතියක් ඇත. කරන්දෙනිය සුද්දා ගේ තොරතුරු ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයට බලා දුන්නා යැයි මල්ලවආරච්චිට චෝදනා එල්ල වී ඇත. පාතාල කල්ලි අතර පමනක් නොව විශේෂයෙන් විශේෂ කාර්ය බලකායේ ඉහල නිලධාරීන් සමග සමීප සම්බන්ධකම් පවත්වගෙන යමින් පාතාල කල්ලි පිළිබද තොරුතුරු ලබා දුන්නැයි ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

විශේෂ කාර්ය බලකාය මගින් අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ දී පදිංචි ගොනපිනුවල කපිල කුමාර නැමත්තා පැහැරගෙන ගොස්  දින විසිපහක් අතුරුදන් කරගෙන සිට පසුව ඇල්පිටියේ මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කරන ලදී. ඔහු වෙනුවෙන්  සිරකරුවන් සුරැකිමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ සහ නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි පෙනී සිටියහ. ලියුම්ල්ලකරුට මල්ලවවආරච්චිව මුණ ගැසෙන්නේ  එහිදීය. කපිල කුමාරව පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් ද පැවැතවිණ. එම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ සිරකරුවන් සුරැකීමේ කමිටුව සහ අතුරුදහන් වුවන් පිළිබද සොයා බැලීමේ කමිටුව මගින්ය. එදිනම එම විරෝධතාවයට එරෙහිව විශේෂ කාර්ය බලකාය  කරන්දේනිය සුද්දාගේ පාර්ශ්වය විසින් ඝාතනය කරන ලද පවුල් වල පිරිස් සහ කරන්දෙනිය සුද්දාට විරුද්ධ පාතාල කල්ලි සමාජිකයින් සහභාගිත්වයෙන් විරෝධතාවයක් පැවැත්විණ.

මල්ලවආරච්චි ක්ලබ් වසන්ත ඝාතනය කළ බව සැක කළ ලොකු පැටි පාර්ශ්වය වෙනුවෙන් ද පෙනී සිටියේය.

ලියුම්කරු දැනුවත්ව හදපාන්ගොඩ හදයාගේ මිත්‍රයෙකු වන ගුවන් හමුදා රගර් සංචිතයට අනුයුක්තව සිටි දිලන්ත ලක්මාල් රාජපක්ෂව පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල අධිකරණයේ පැවති නඩුවට පෙනී සිටියෙද නීතිඥ මල්ලවආරච්චි විසින්ය. 

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය පාදුක්ක අංගමුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් දමා  වාහන පරික්ෂා කර ඇති බවත් රාජපක්ෂ යතුරු පැදිය පැදගෙන මාර්ග බාධකය ඉදිරිපිට පැමිනෙන් දී  ඔහුට යතුරු පැදිය නතර කරන්නැයි පොලිසිය අණ කර ඇති බවත් රාජපක්ෂ පොලිසියට වෙඩි තබා පලා යන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තැබු බව පොලිස් නිලධාරීහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසුහ. රාජපක්ෂ පොලිසියට වෙඩි තබා ඇතැයි කියන්නේ ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින්ය.

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් 2025 මාර්තු 08 වනදා පාන්දර රාජපක්ෂව ඔහුගේ නිවසේ නිදාගෙන  සිටියදී පැහැර රැගෙන ගොස් ඇත්තේ ,නිමේෂ් රන්දික පෙරේරා හෙවත් කොත්තුවාගේ නිවසටය. රාජපක්ෂ හෙවත් කළුවා ජිප් රථයේ සිටිනවා කොත්තුවා දැක ඇත. පසුව කළුවා සහ කොත්තුවා ජිප් රථ දෙකක නංවාගෙන පොලිසිය පැමින ඇති අතර කළුවා සිටි ජිප් රථය අංගමුව මාර්ග බාධකයේ නතර වී  තිබේ. කොත්තුවා සිටි ජිප් රථය නුගේගොඩ පැමින ඇත. කළුවා පොලිසියට වෙඩි තැබීමට උත්සහ කළ අවස්ථාවේ පොලිස් නිලධරීන්ගේ අත්මාරක්ෂාව සදහා ඔහුට වෙඩි තැබු බව පොලිසිය පවසයි.

පොලිසිය කොත්තුවාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. ඔහුව රදවන ලද්දේ, සී.ආර්.පි. බන්ධනාගාරයේය. කොත්තුවා හදයාගේ ගෝලයෙකි. පසුව ඔහු ඇසින් දුටු සිද්ධිය කොත්තුවගේ අත්අකුරෙන් ලියා දී තිබුණී. ලියුමුකරු නීතිඥ මල්ලවආරච්චිගේ අතුරුගිරිය නිවසට ගිය අවස්ථාවේ එම ලිපිය ඔහු  මා හට පෙන්විය. පසුව ලියුම්කරු එම ලිපිය පදනම් කරගෙන  ගුවන් හමුදා ක්‍රීඩකයා ඝාතනය කර ඇත්තේ හමුදා සෙබළුන් බව සාකිකරුවෙකු පවසයි යන මැයෙන් ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩිවියේ ප්‍රවෘත්තියක් ද පල කළේය.

පසුව එම ලිපිය දිවුරුමු ප්‍රකාශයක් වශයෙන් ලබා ගන්නැයි ලියුම්කරු නීතිඥ මල්ලවආරච්චිට පැවසුව ද ඔහු ඒ ගැන උනන්දුවක් නොදැක්විය. පසුව රන්දික හෙවත් කොත්තුවා සාක්කි නොදී මග හැරීයේය. මල්ලවආරච්චි එම ලියුම පදනම් කරගෙන ඔහු තම සේවාදායකයාට යුක්තිය ඉෂ්ට කළේ නැත. මල්ලවආරද්දි එම සිද්ධියෙදී ගුවන් හමුදා භටයාගේ ඝාතකයන් ආරක්ෂා කළ ද යන්න බරපතළ සැකයක් ලියුම්කරුට ඇති විණ. මල්ලවආරච්චිව විශ්වාස කරන්න එපා යැයි ලියුම්කරු රාජපක්ෂගේ සොහොයුරාට දැනුවත් කළේය.

 විශේෂ කාර්ය බලකාය මගින් මාතර කෝට්ටේගොඩ දී පැහැරගෙන ගොස් අවි පෙන්වන්නට යැයි රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද කේ. ඉන්දික මහේෂ් ප්‍රභාත්ගේ නඩුව සදහ මුල දි පෙනී සිටියේ මල්ලවආරච්චි විසිනි.

නීතිඥ මල්ලවආරච්චි විශේෂ කාර්ය බලකාය සමග මෙන්ම පොලිසිය සමග ලග ඇසුරක් පැවතීම සහ නඩුව පාවා දෙතැයි සැක කළ ඉන්දිකගේ බිරිද වන නාඹටුන්න ගම්ආරච්චිගේ  පියුමි වත්සල එම නඩුව ජනාධිපති නීතිඥ අනුර මැදගොඩට භාර දුන්නාය.

නීතිඥ මල්ලවඅරච්චි කරන්දෙනිය සුද්දා , හදපාන්ගොඩ හදයා , ලොකු පැටි වෙනුවෙන් පමනක් නොව පිටරට පැන සිටින පොලිසිය නම් කර ඇති බොහෝ පතාල කල්ලි වල නඩු වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. මල්ලවආරච්චි පාතාල නඩු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිනවාට වඩා  කළේ මල්ලවආරච්චිට ලැබෙන නඩු දක්ෂ නීතිඥයන්ට භාර දීමයි. ඔහු වැඩිපුර කළේ අතර මැදියෙකු ලෙස සිටිමින් මුදල් ඉපයීමය.

මල්ලවආරච්චි මුලින් පෙනී සිටියේ කරන්දෙණිය සුද්දාගේ නඩු වලටය. පසු සුද්දාගේ වෛරක්කාරයෙකු වන ලොකු පැටිගේ පාර්ශ්වය වෙනුවෙන් ද ඔහු පෙනී සිටින්ට විය. සුද්දා‌ගේ පෞද්ගලික ( සුද්දා පිටරට පැන්න ගමන් බල පත්‍රයේ නම පවා) සහ ඔහුගේ ගෝලයන්ගේ නඩු වල සහ පෞද්ගලික තොරතුරු  ලොකු පැටි හරහා ආරක්ෂක අංශ වලට ලබා දී ඇතැයි සුද්දාගේ පාර්ශවය චෝදනා කරති. මල්ලවආරච්චි ලොකු පැටි සමග ගනුදෙනු කිරීමට පටන් ගැනීමත් සමග සුද්දාගේ ගෝලයන්ගේ නඩු ඔහු උනන්දුවෙන් කර තැනි බවත් මල්ලවආරච්චි ගැන සැක කළ සුද්දා ගෝලයන්ගේ දෙමව්පියන්ට ඔහු සමග තිබු සබදතාවය අත හරින්නැයි දැනුවත් කර තිබිණ.

කරන්දෙනිය සුද්දාගේ මස්සිනා වන මිරන්ත අම්බලන්ගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමත් සමග සුද්දාගේ පාර්ශ්වයේ තොරතුරු කාන්දු වන්නේ මල්ලවආරච්චිගෙන් බව හෙළි වී ඇත. අනිල් මාතර අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති වෙයි. සුද්දාගේ පාර්ශ්වය විසින් මීටියාගොඩ නලින් මරා දමන අතර ඊට පලි ගැනීමක් වශයෙන් නලින්ගේ පුතා සුද්දාගේ මස්සිනා වන මිරන්ත මරා දමා බව සුද්දාගේ පාර්ශ්වය පවසයි. නලින්ගේ පුතා අහුන්ගල්ලේ ලොකු පැටිගේ පාර්ශ්වය අයත් බව ද වාර්තාවේ.

විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇප තබා එළියට පැමිනි කපිල කුමාර අනුරාධපුරයේ මහාධිකරණයේ පවති නඩුවකට ගොස් එන ගමන්, මිතුයෙකු හමු වීම සදහා යාපනය හන්දියට ගොස් ඇති බවත් එහි දී අනුරාධපුර අපරාධ විමර්ශන ඒකකය මගින් ඔහුව ප්‍රශ්න කිරීම සදහා යැයි පවසා අත්අඩංගුවට ගෙන අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 88 මිලි ග්‍ර‍ැම් 490 ක් දමා නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව ඔහුගේ ඥාතියෙකු පවසයි. මේ සම්බන්ධයෙන් නීතිඥ මල්ලවආරච්චිට චෝදනා එල්ල වී ඇත.

.

පොලිසිය ,මාධ්‍ය ඇතුළු බොහෝ දෙනා පවසන්නේ නීතිඥ මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිදව ඝාතනය කළේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය බවයි. කරන්දෙනිය සුද්දාගේ පෞද්ගලික තොරතුරු මල්ලවආරච්චිගේ විසින් ආරක්ෂක අංශ වලට ලබා දුන්නැයි චෝදනා එල්ල වී තිබේ. ඔහු සුද්දාගේ සමීපතමයෙකු මෙන් කටයුතු කර ඇතුවා පමනක් නොව සුද්දා ද මල්ලවආච්චිට අත දිග හැර වියදම් කර ඇතැයි අප වෙත වාර්තා විය. නීතිඥ මල්ලවආරච්චි පමනක් ඝාතනය කළහොත් ඔහුගේ බිරිද වන නිසංසලා ඝාතකයා කවුද යන්න සහ ඔහුගේ වතගොත එළි කරතැයි යන සැකය මත ඇයවද මරා දැමුවා විය හැකිය.

සුද්දාගේ මස්සිනා වන මිරන්ත ඝාතනය කිරීමට එකට එක කිරීමක් විධියට උණාකූරුවේ ශාන්තගේ බිරිදගේ අම්මාව සහ පියාව සුද්දාගේ පාර්ශ්වයෙන් මර දැමුහ. පාතාල කල්ලි අතර ගැටුම කොතරම් උග්‍ර වී ඇද්ද යත් එම පවුල් වල සමාජිකයින්ට ජිවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුව තිබේ.

පාතාල සමාජිකයින් අතර මරා ගැනීම ඔවුන්ගේ පවුල් දක්වා මාරු විමත් සමග කරන්දෙනිය සුද්දාගේ මව සහ අක්කා ආරක්ෂා කර කටුනායක ගුවන් තොටුපල දක්වා රැගෙන ගොස් තිබෙන්නේ නීතිඥ මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිදයි. කරන්දෙනිය සුද්දා මල්ලවආරච්චිව දැඩි ලෙස විශ්වාස කළේය. දැනට ලියුම්කරු විසින් සොයාගත් තොරතුරු අනුව මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිද ඝාතනය කරන්නට ඇත්තේ සුද්දා විසින් බවට තොරතුරු ඇතත්, සුද්දා සහ නීතිඥ මල්ලවආරච්චි අතර ගැටුමෙන් තුන්වන පාර්ශ්වයක් වාසි ගත්තා ද යන්නත් සැකයක් පවති. සුද්දාට විරුද්ධ පාර්ශ්වයක් විය හැකිය. එසේ නැතිනම් ආණ්ඩුවේ ආරක්ෂක අංශ මගින් මෙහෙය වන ෆැරා මිලිටරි කණ්ඩායමක් විය හැකිය.

ජාජබ /ජවිපෙ ආණ්ඩු පිහිටු විමෙන් පසු පාතාල කණ්ඩායම් අතර ගැටුමෙන් පනහකට(50) ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. ජාතික ආරක්ෂාව සදහා ටියුෂන් දෙන්න යැයි මැතිවරණ වේදිකා වල කයිවාරු ගැසු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට පාතාල ගැටුම් පාලනය කර මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වී ඇත.

නීතිඥ මල්ලවආරච්චි පාතාලය සමග පැවති සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගෙන පාතාල නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් බිය ගැන්වීම සදහා ආරක්ෂක අංශ  මල්ලවආරච්චිව මැරූවාද යන්න සැකයක් පවති අතර අනෙක් පැත්තෙන් එය සුද්දාගේ පිට දැමිමෙන් විශේෂයෙන් සුද්දා ඇතුළු  පාතාලය අතු ගා දැමීම සදහා සමාජය පැත්තෙන් විශාල රුකුල ඊට ලැබේතැයි යන අනුමානය මත  ආණ්ඩුවේ ආරක්ෂක අංශ නිතිඥ මල්ලවආරච්චි ඝාතනය කළා ද? යන සැකය මත සමාජ කතා බාහක් ආරම්භ වී ඇත.

නීතිඥ මල්ලවආරච්චි ද්‍රරිතාවයෙන් පහල අඩියේ ජිවත් වන පවුලක ඉපදී නීති විද්‍යාලයට පැමිනි අයෙකි.වෙළපොල ආර්ථීකය ඇතුලේ බල්ලෝ මරා හෝ පොහොසතෙකු වන අධිෂ්ඨානයෙන් පෙලෙනු අයෙකි.  ඔහු වෘත්තිකයෙකු වුවද වෘත්තීය ආචාර ධර්ම සහ මනුෂත්වයට වඩා මල්ලවආරච්චිට මුදල් ප්‍රමුඛ මුදල්ය. ප්‍රාග්ධනය මගින්  එතෙක් පැවති ශුද්ධ වු සියල්ල කෙලේසු , මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වර්ථකාමය හැර අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර වෙනත් කිසිදු සම්බන්ධයක්  ධනවාදය ඉතිරි කර නැත. මල්ලවආරච්චි යනු ධනවාදයේ නිපැයුමකි. සමස්තයක් විධියට මිස  ඔහුව සමාජයෙන්  වියුක්ත කර කතා කළ නොහැකිය.  මෙම ගති ලක්ෂණ ඔහුගේ පෞද්ගලික දුර්ගුණයක් ලෙස ගැනීම අවිද්‍යාත්මකය. කරන්දෙනිය සුද්දා ඇතුළු පොලිසිය හදුන්වන පාතාල පිරිස් ද ධනවාදයේ කුණු විම මිනිස් දුවිලි බවට පත්වුවෝ වෙති. ධනවාදයේ පරස්පරතා එළිමහන කාන්දු වන්නේ මේ සිද්ධින් හරහාය. ධනවාදය පෙරළා දැමිමෙන් මෙපිට එම පරස්පරතා ජය ගත නොහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *