බිහිසුනු “දිට්වා” සුලිකුනාටුව රටපුරා සියයට වැඩි පිරිසක් මරනට පත් කරමින් ඉමහත් ව්‍යසනයක් නිර්මාන කරයි
වසන්ත රූපසිංහ විසිනි
ශ්‍රී ලංකාවට දැන් බලපා තිබෙන බිහිසුනු “දිට්වා” සුලි කුනාටුවත් සමග හටගත් මිලිමීටර් 200ට අධික වර්ෂාව හා ගංවතුර, නායයාම් ඇතුලු ස්වභාවික අපදාවන් රැසකින් මේ වනවිට මිනිස් ජීවිත 123කට අධික ප්‍රමානයක් අහිමි වී තවත් සියයකට වැඩිපිරිසක් අතුරුදහන් ඇති බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය (ආකම) වාර්තා කරයි . ඒ සමග හටගත් ගංවතුර හා නායයාම්වලින් ඇතුලු අපදාවන්ගෙන් බලපෑමට ලක්වූ පිරිස තුන් ලක්ෂය ද ඉක්මවා යමින් ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්රිත වායුගෝලයේ පවතින කැලඹිලි තත්වය 26දා වනවිට අඩු පීඩන තත්වයක් තත්වයේ සිට ගැඹුරු පීඩනය අවපාතයක් දක්වාත්, 28දා වනවිට දිට්වා සුලු කුනාටුව දක්වා වර්ධනය වී රටට ඇතුලුවීමත් සමගම මෙම තත්වය ඇතිව තිබෙන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙයාකාරයෙන්ම සිදුවූ ගංවතුර හේතුවෙන්, පසුගිය දිනවලදී ගිනිකොන දිග ආසියාවේ වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව හා තායිලන්තයේ මරන සිය ගනනක් සිදුකරමින් ද මිලියන ගනනක් අවතැන් කරමින් ද ඉමහත් ව්‍යසනයක් ඇති කලේ ය.
(ලිපිය ලියමින් සිටි)28දා දක්වා වූ පැය 24දී හෙට්ටිපොල, මහදෝව, කන්දකැටිය, හබරන, වේවැස්ස, ලෙල්කදුර යනාදී ප්‍රදේශවලට මිලිමීටර් 200කට වැඩි වර්ෂාපතනයක් වාර්තාවූ අතර, මඩකලපුව රූගම් ප්‍රදේශයට වැටුනු මිලිමීටර් 300ක් වර්ෂාතනය වාර්තාවූ වැඩිම වර්ෂාපතනය යි. අධික වැස්ස හේතුවෙන් උස්බිම් හරහා පස සම්පූර්නයෙන්ම සංතෘප්ත වී ඇති අතර, පෙඟී තෙතබරිතවූ බෑවුම් අස්ථායි වී, නායයාම් හා කඳුපාත්වීම් සිද්ධ කරමින්ද, ප්‍රධාන ජලාශ ධාරිතාවට ආසන්න වෙමින් හෝ ඉක්මවා යමින් පවතී.
ව්‍යසනයේ පරිමාව තාමත් හරිහැටි ගනනය කර නොමැති තත්වයක් තුල, මරන සංඛ්‍යාව හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි වනු ඇත. අතුරුදහන්වූ පුද්ගල සංඛ්‍යාව තාමත් පැහැදිලි නැත. අපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව, පවුල් 102,877කට අයත් පුද්ගලයින් 373,428ක පීඩාවට පත්ව තිබේ; නිවාස 42ක් සම්පූර්නයෙන් ද තවත් 2810ක් පාර්ශවීය වසයෙන් ද හානියට පත්ව ඇත; අවතැන්වූ පුද්ගලයින් 44,000කට ආසන්න පිරිසක් පාසැල්, ආගමික මධ්‍යස්ථාන ඇතුලු තාවකාලික මධ්‍යස්ථාන 488ක රඳවා සිටී.
දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 93කට බලපෑම් අති කර තිබෙන අපදා තත්වය මැද දිස්ත්‍රික් 7ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 41ක ජනයාට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ. ගොඩනැගිලි පර්යේෂනය ආයතනය, බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, නුවරඑලිය, රත්නපුර ඇතුලු දිස්ත්‍රික්ක 10කට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. මේ අතර දැනටමත් ඒවායේ පහත්බිම්වල ගම්මාන සිය ගනනක් ජලයෙන් යටකරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තතුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 42ක්ම වාන් දමමින්ද, මධ්‍ය ප්‍රමානයේ ජලාශ 50ක් වාන් දමමින් ද අනෙක් ජලාශ සියයට 85කින් පමන පිරී පවතින බවද එම ආයතනය පවසා ඇත. කෙසේවෙතත්, ව්‍යසනයට ගොදුරුව හෝ වේගයෙන් එයට ගොදුරුවෙමින් සිටින ජනයාට යාමට ආරක්ෂිත ස්ථානයන් නැතිවීම මෙන්ම, ආන්ඩුව ඔවුන්ට ඇති තරම් කල්තියා අනතුරු ඇඟවීමට අසමත්වූයේය යන්න සැලකූ කල මෙම අනතුරු ඇඟවීම්වලින් පලක්වී නැත.
මේ අතර ප්‍රධාන ගංගාවන් සහ ඔයවල් වන, මහවැලි, කැලනි, කෙහෙල්ගමු ඔය, නිල්වලා ගඟ, කිරිඳි ඔය මැනික් ගඟ, හැඩ ඔය ඇතුලු විශාල ගංගා ප්‍රමානයක් පිරි ඉතිරී පිටාර ගැලීමෙන් ඒවායේ පහත්බිම් විශාල ප්‍රමානයක් ජලයෙන් යටවී එහි පදිංචි ජනයා දහස් ගනනින් අවතැන්ව සිටී.
දැනට වාර්තාවෙන වැඩිම සංඛ්‍යාව වන 35කට වැඩි මරන වාර්තා වන්නේ, නායයාම්, කඳු කඩාවැටීම් සහ ගංවතුර තත්වයන්ට මුහුනදී ඇති මධ්‍යම පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. මෙම ප්‍රදේශයේ බදුල්ල, වැලිමඩ, ලුනුගල, පස්සර, කන්දකැටිය,ඌව පරනගම, සොරනතොට හා ඇල්ල යන ප්‍රාදේශීය කොටස්වලින් මෙම මරන වාර්තා වී තිබේ.
මෙම ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් තේවතු කම්කරුවන් ජීවත් වන්නේ, බෙහෙවින් අබලන්වූ ලයින් කාමරවල වන අතර ඒවා පුංචි වැස්සකටවත් ඔරොත්තු දෙන්නේ නැත. 27දා බදුල්ල සිදුවූ ප්‍රධාන නායයාමකින් 11 දෙනෙක් මරනයට පත්ව තවත් කීප දෙනෙක් අතුරුදහන් වී තිබේ.
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මහියංගන රෝහලට දැඩි හානි සිදුව තිබේ. රෝහලේ පහල මාලය අඩි හයක් පමන ජලයෙන් යටවීම නිසා වටිනා මැෂින්, රෝහල් ගබඩාවේ තිබු කෝටිගනනක ඖෂධ සම්පූර්නයෙන් විනාශවී ගොස් ඇත. අවශේෂ ප්‍රදේශවලින්ද මීට සමාන සිදුවීම් වාර්තාවෙමින් පවතී.
අතිශය ඛේදජනක සිදුවීම් අතරින්, නාවලපිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටී නැන්දම්මා,ලේලිය සහ මාස තුනක බිලිඳිය මරනයට පත්විය . පස්කඳු කඩාවැටී බොහෝ මාර්ගවල මාර්ග අවහිරවීමත්, අවදානම් සහගත සීග්‍ර බෑවුම්වලට ඇති ප්රවේශයේ අපහසුතා නිසාත් ගලවා ගැනීම් කටයුතු අසීරු තත්වයට පත් කර තිබේ.
මධ්‍යම කඳුකරයේ නායයාම් හා කඳුකඩා වැටීම්, දකුනු පාලත්වල ගංවතුර ගැලීම් මෙන්ම අනෙකුත් පාලත්වලින් අස්වැන්න හා යටිතල පහසුකම් විනාශ වීම් වාර්තා වෙමින් තිබේ. සම්පූර්න ජලයෙන් යටවූ නගරවල බිහිසුනු දසුන් විදහා දැක්වෙන ඡායාරූප, විවිධ පැතිවල නිවස්වල වහල මට්ටමට ලඟාවූ ගංවතුරෙන් සිරවී ගැලවී යාගත නොහැකිව වහලවල් මතට වී උදව් ඉල්ලමින් සිටින ජනයාගේ ද, තම ඥාතීන් පිලිබඳ තොරතුරු සොයා දෙන ලෙස කෙරෙන ආයාචනා ද සහිත වීඩියෝ සිය ගනනක් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරිමින් පවතී.
නායයාම් හේතුවෙන්, මධ්‍යම පලාතේ කඳු දුම්රිය මාර්ගය තැන් ගනනාවකින් දැඩි ලෙස හානියට පත්වීම හේතුවෙන් 28 උදෑසන 6 සිට සියලුම දුම්රිය සේවාවන් නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ ය. මධ්‍යම, ඌව හා නැගෙනහිර පලාත්වල ප්‍රධාන මාර්ගවලින් 75කට සිදුවූ දැඩි හානි හේතුවෙන් අබලන් තත්වයට පත්ව තිබෙන තත්වයක් යටතේ, බොහෝ ප්‍රදේශවලට ප්‍රවාහනය සම්පූර්නයෙන්ම නතරවී තිබේ.
අධිවේගී මාර්ගවලට ද දැඩි හානි සිදුව තිබෙන බව මාර්ගසංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මාධ්‍යයට කීවේ ය. මේ හේතුවෙන් 28දා සියලුම රජයේ ආයතනවලට (ඒවායේ අත්‍යවශ්‍ය සේවාහැරුනුවිට) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කලේ ය. මහවැලි ගඟ පිටාර ගැලීම් නිසා පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා පේරාදෙනිය උද්භිද උද්‍යානය වසා දැමීමට බලධාරීහු කටයුතු කලහ.
මීටර් 2ත් 4ත් අතර මුහුදු රල ඉහල යාමේ හැකිබවත්, සුලඟේ වේගය පැයට කිමී 60-70 දක්වා ඉහල යා හැකිබවත්, සමහරවිට පැයට කිලෝමීටර් 80 දක්වා ඉහලයා හැකි නිසා, ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස උපදෙස් ලබා දී ඇත.
රටපුරා විදුලිය බිඳවැටීම් පිලිබඳ සිදුවීම් වාර්තා වෙමින් තිබේ. නිලවසයෙන්, 65,000 විදුලිය බිඳවැටීම් සිදුව ඇති අතර, 28දා වන විට මින් නැවත යථා තත්වයට පත් කර තිබුනේ 26,000ක් පමනි. මෙයින් ලක්ෂ සංඛ්‍යාත ජනයා අපහසුතාවට පත්ව ඇති අතර, දුෂ්කර කාලගුනික තත්වය හේතුවෙන් ඒවා පිලිසකර කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක් බවට පත්ව ඇත. ලංකා විදුලිබල මන්ඩලයේ ප්‍රධාන කලමනාකරුට අනුව, මෙයාකාරයට දිවයින පුරා සියයට 25-30කින් විදුලි බලය ඇනහිට තිබේ.
දුරකථන සම්ප්‍රේෂන පද්ධතිවලට සිදුවූ හානිය හේතුවෙන්, හදිසි අපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ද ගංවතුරට යටව ඇති ගම්පොල, නුවරඑලිය, පස්සර, කඩුගන්නාව හා වැලිමඩ සහ තවත් ප්‍රදේශවල දුරකථන සබඳතාවන් පැය 24කට වැඩිකාලයක් තිස්සේ අවහිර වී තිබේ.
මේ අතර ගංවතුර තත්වය නිසා ප්‍රධාන ජලපොම්පාගාරවල කටයුතු අක්‍රීය වීම නිසා පිරිසිදු පානීය ජලය බෙදාහැරීම බරපතල ප්‍රශ්නයක් විය හැකි බවට, ජල හා මලාපවාහන මන්ඩලයේ සභාපති ප්‍රකාශ කර ඇත.
28දා ජනාධිපති මුදවා ගැනීමේ කටයුතුවලට හමුදාභටයින් 25,000කට අධික ප්‍රමානයක් යොදවා තිබෙන අතර සාමාන්‍ය මහජනයා තමන්ට කල හැකි සියලුම ආකාරයෙන් විපතට පත්වූවන් සඳහා උදව් කිරීමට ඉදිරිපත් තිබේ.
ඊයේ (28) ජනාධිපති අනුර කුමාර දිසානායක, ඛනිජ තෙල් සහ ගෑස්, විදුලිය, සෞඛ්‍ය, වාරිමාර්ග සහ සියලුම මාර්ග සහ දුම්රිය නඩත්තු කටයුතු යනාදිය අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතට පත්කලේ ය.
වහාම ගොරතර හදිසි නීතිය පනවන ලෙස කැඳවුම්, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් එමින් තිබේ. සමගි ජනබලවේගයේ කුරුනෑගල මන්ත්‍රී ජේ.සී. අලවතුගොඩ පාර්ලිමේන්තුවේදී 28දා මෙම ඉල්ලීම සිදුකල අතර, එක්සත් ජාතික පක්ෂයේ පත්කල මන්ත්‍රී රවී කරුනායකද මෙය අනුමත කරමින් කතා කර ඇත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ද මෙම ඉල්ලීමට එකතු විය.
මේ ඇත්තටම සමාජ පිපිරීමක් පිලිබඳ බියෙන් සිදුකල ඉල්ලීම් මිස, මොනයම්ම හෝ ආකාරයෙන් විපතට පත්ව සිටින මහජනයා ගැන කැක්කුමක් නිසා සිදුකල යෝජනාවක් නොවේ. උවදුරෙන් ක්ෂනික ඉක්බිතිව, සියලු අත්‍යවශ්‍ය ආහාරවල මිලගනන් අහස උසට නැගෙනු ඇති බව ආන්ඩුවේ දේශපාලනඥයින් පවසා ඇත.
දිසානායක තාමත් හදිසි නීතිය පනවා නැතත්, අවතැන්වූවන් වෙනුවෙන් පවත්වාගෙන යන කඳවුරුවල පාලනය යුද හමුදාවට ජනාධිපති විසින් තීරනය කර ඇති බව ලංකාදීප වාර්තා කලේ ය.
එලවලු හා අත්‍යවශ්‍ය ආහාර මිල ගනන් ඉදිරි දිනවලදී අහස උසට නගිනු ඇති අතර දැනටමත් ජීවන තත්වය දරාගත නොහැකිව සිටින මහජනයා මෙයින් තවතවත් අසරනභාවයට පත්වීමට නියමිත ය. ඉදිරියේදී ආහාර කැරලි පැන නංවන තත්වයකට මෙය ඉදිරියේදී තුඩු දීමට නියමිත ය. 27දා ප්‍රකාශයට පත්වූ පූර්ව තක්සේරුවකට අනුව, ගංවතුර හා අනෝරා වැසි තත්වය හේතුවෙන් වී සහ එලවලු අස්වැද්දූ කුඹුරු ඇතුලු අක්කර 600,000ක් දැනට විනාශ වී තිබේ.
අපදා සහනාධාර සඳහා රුපියල් බිලියන 1.2ක් ආන්ඩුව විසින් නිවේදනය කර තිබෙන අතර ඇතිව තිබෙන ව්‍යසනය හා අලගු තැබීමටවත් මෙය ප්‍රමානවත් නැත. 27දා ජනාධිපති දිසානායක විසින් අපදාවලින් මියගිය අයෙක් සඳහා රුපියල් මිලියනයක් ලබා දීමට නියෝග කලේ ය.
මෙවන් ව්‍යසනයක් කලමනාකරනය කිරීමට රජයේ යටිතල පහසුකම් අසමත්ව තිබෙන අතර, එහි සහන සේවා කටයුතු දුක්ඛිත ලෙසම අප්රමානවත් ය. මෙම තත්වයට එරෙහිව මහජන වෛරය වැඩෙන බවට ඇඟවුම් කල එක් වීඩියෝවක් “දසත නිව්ස්” යූටියුබ් නාලිකාව පලකර තිබුනු අතර, කදුරුවෙල ගංවතුරට ගොදුරුවූ ජනයා තමන්ට නිසි සහනාධාර ලැබී නැති බවට ආන්ඩුවට එහිදී චෝදනා නගන ආකාරය දැක්වෙයි. තවත් එවැනි වීඩියෝ කීපයක් ම සමාජමාධ්‍යවල පලවී ඇත.
ලෝකයේ අවශේෂ රටවල මෙන්ම මෙරටට ධනපති පාලකයින් ද මහජන ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් දියුනු කිරීමට තැකීමක් කරන්නේ නැත. වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගයේ මැතිවරන ප්‍රකාශය “ආර්ථික වර්ධනය සහ පාරිසරික සංරක්ෂණය සමතුලිත කිරීම” ගැන සිදුකෙරුනු කතා හුදු පූච්චානම් බව සනාථ කෙරී ඇත. ධනවාදී රාමුව තුල, ආර්ථික හා සමාජයීය අර්බුදයට ජාතික විසඳුම් ඇත්තේ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) රුදුරු කප්පාදු නියෝග අකුරටම ඉටු කරමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, මහජනයා ඇටපොත්තට සූරාකමින් යොදාගන්නා බදුමුදල්වලින් සතයක් වත්, පරිසරය රැකීමට තබා, මනුෂ්‍ය ජීවිත රැකගැනීමට වියදම් කරන්නේ නැත.
මේ තරම් විශාල වර්ෂාවකට තබා කුඩා වැස්සකට වුවත් නායයාම්, ගංවතුර ආදී උවදුරුවලින් දුසිම් ගනන් ජනයා මරනයට පත්වීමත් නිමක් නැති ව්‍යසනවලට මුහුනදීමටත් සිදුවීම සාමාන්‍ය වාර්ෂික සිදුවීමක් බවට පත්ව ඇත්තේ එබැවිනි. අවිධිමත් සංවර්ධන වැඩකටයුතු සඳහා පරිසරය විනාශ කිරීම මෙන්ම, මෙවන් ව්‍යසනයකදී මහජනයා ඔවුන්ගේ ඉරනම අත්හැර දැමීම හැරුනු විට, දීර්ඝකාලීනව මෙම ස්වභාවික විපත්වලට මුහුනදීම සඳහා යටිතල පහසුකම් දියුනු කිරීම හෝ අවදානම් සහගත ස්ථානවල ජීවත් වන ජනයා ආරක්ෂිත ස්ථානවල පදිංචිකරවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට හා ක්‍රමවත් විද්‍යාත්මක වැඩසටහන් නිර්මානය කිරීමට ඔවුහු මුලුමනින්ම අසමත් ය.
මානව ක්‍රියාකාරකම් මගින් — විශේෂයෙන් ම දියුනු ධනපති රටවල යෝධ කර්මාන්තවලින් ක්‍රියාකාරකම්වලදී අසීමාන්තිකව යොදාගන්නා පොසිල ඉන්ධන දහනය– බිහිසුනු දේශගුනික සිදුවීම්වල වැඩීමට පිටුබලය සපයමින් තිබේ. යෝධ පරිමානයෙන් කෙරෙන වන විනාශය, කාර්මික කෘෂිකර්මාන්තය සහ නාගරීකරනය විමෝචනය කරන හරිතාගාර වායුව, තාපය වායුගෝලයෙන් අවකාශයට මුක්තවීම අවහිර කරමින් එය රඳවා ගැනීම මගින් ප්රශ්නය උග්රකරයි.
මේ අනුව, ගංවතුර, නායයාම් ඇතුලු ස්වභාවික විපත් හුදෙක්ම ස්වභාවික ඒවා නොව, ලාභ පිපාසිත ධනේශ්වර ක්රමයේ ව්‍යසනකාරී නිර්මානයන් ය. ඒවා නැවැත්විය හැකිවන්නේ, එම සමාජ ක්‍රමය, සහේතුක, මානව ජීවිතය ගැන තකන සමාජවාදී සමාජ ක්‍රමයකින් විස්ථාපනය කිරීමෙන් පමනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් අපුටා ගත්තකි.