ජනපති මුල්ගල තබා ක්‍රිකට් ආයතනය නීති
විරෝධී ව වනසන යාපනයේ කුරු ̈ පාරාදීසය
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක විසින ් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තැබීම සිදු කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කර සකස් කිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හා ක්‍රිඩා නගර ව්‍යාපෘතියේ ඉදි කිරීම් නීති විරෝධී ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින ් මේ වන විට ආරම්භ
කර තිබේ. පාරිසරික අනුමැතියකින ් තොර ව අක්කර 138 ක තෙත් බිම් පද්ධතියක් ගොඩ කිරීම හා කම්බි වැටවල් යොදා තෙත් බිම වෙන් කිරීම මේ වන විටත් සිදු කර ඇත. ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් මෙවන් දැවැන්ත නීති විරෝධී ක්‍රියාවක් සිදු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යංශය නිහඬ ව සිටීම මෙරට නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස අභියෝගයට ලක් කිරීමකි. ඒ සඳහා විධායකයේ මඟ පෙන ්වීමෙන් පෙනී යන්නේ අනාගතයේ මෙරට නීති පද්ධතිය දැවැන්ත පිරිහීමකට ලක් විය හැකි බව පමණක් නොව මෙරට ස්වාභාවික සම්පත් සියල්ල දරුණු අනතුරකට ලක් විය හැකි බව ය.
මෙම ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයට අමතර ව ගොල්ෆ ක්‍රිඩාංගනයක්, නිවාස හා හෝටල් සංකීරණයක් ඇතුළු ව දැවැන්ත ක්‍රිඩා නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇත. ඒ සියල්ල සිදු වන විට තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් ම වැනසීම පමණක් නොව ඒ මත යාපනය කලපුවේ සුළු පන්න ධීවර කර්මාන්තය ද සම්පූඑර්ණයෙන ් ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව මෙම ක්‍රිඩා පිටි
නඩත්තු කිරීම සඳහා අධික ජල ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. වර්තමානයේ යාපනයේ ජනතාව ජල අර්බුදයන්ට මුහුණ දී ඇති බැවින් ක්‍රිකට් හා ගොල්ෆ ක්‍රිඩා පිටි සඳහා වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් යාපනයේ ජනතාව ගේ ජල අර්බුදය උග්‍ර මට්ටමකට පත් විය හැකි ය. ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් යාපනයේ ජනතාව ගේ ජල අයිතිය සම්පූර්ණයෙන ් ම අහිමි වනු ඇත.
සංක්‍රමණික පක්ෂීන් දහස් ගණනක වාසස්ථාන වැනසීම
යාපනය දිස්ත්‍රික්කයේ වේලානෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මණ්ඩතිව් දූපත කඩොලාන, ලවණ වගුරු බිම් හා කිවුල්දිය වගුරුබිම් වලින ් සමන්විත තෙත් බිම් පද්ධතියකි. මෙම තෙත් බිම් නේවාසිකසි හා සංක්‍රමණික තෙත් බිම් ආශ්‍රිත පක්ෂි විශේෂවල විශාල ගහනයන් ගොදුරු බිම් ලෙස භාවිත කරයි.
මෙරටට සංක්‍රමණය වන දම් සිළුටු දෑ තුඩුවා (ඨකදිහ ෂඉසි), පෙද කළු මහ වටුවා (ඊක්ජන ඒසකැා ඨදාඅසඑ), බැම සුදු සේරුවා (ඨ්රට්බැහ), රන ් තාරාවා (ෑමර්ිස්බ උසටැදබ), උල් පෙද තාරාවා (භදරඑයැරබ ඡසබඒසක) හා පට්ටුදු තාරාවා (භදරඑයැරබ ීයදඩැකැර) වැනි පක්ෂීන් ගේ දහස් ගණනක් වන රංචු මෙම තෙත් බිමේ වාර්තා වේ.
යාපනය තෙත් බිම් පද්ධතිවල වෙරළාශ්‍රිත සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන ් :ීයදරුඉසරාි* මිලියන 2 ක් පමණ වාර්තා වන බව ලංකා කුරු ̈ සංගමය මගින් 1983 වසf3⁄4 සිට මේ දක්වා සිදු කර ඇති අධ්‍යයන වාර්තා අනුව පෙනි යයි. ජාත්‍යන්තර තෙත්බිම් සංවිධානය :උැඑක්බා ෂබඑැරබ්එසදබ්ක* මගින් 2009 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද ීඒඑමි දf උ්එැරඉසරාි සබ ්ිස්ල ඍැිමකඑි දf එයැ ්ිස්බ උ්එැරඉසරාි ක්‍ැබිමිල 1987-2007 වා3⁄4තාවට අනුව මෙරට වැඩි ම තෙත්බිම් පක්ෂීන ් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රදේශ
අතුරින් ප්‍රධාන ස්ථානයක් ලෙස යාපනය තෙත් බිම් පද්ධති හඳුනා ගෙන තිබේ.
එපමණක් නොව උතුරු සයිබීරියාවේ සිට මිලියන ගණනක් ශීත සෘතු සංක්‍රමණික පක්ෂීන් මධ්‍යම ආසියානු පක්ෂි සංක්‍රමණික මාර්ගය :ක්‍ැබඑර්ක ්ිස්බ ත්‍කහඅ්හ* ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ අනතුරෙන් විශාල පක්ෂි ගහනයක් මෙරටට ඇතුළු වන්නේ යාපනය හා මන්නාරම දූපත් ඔස්සේ ය. එම ප්‍රදේශ අඛණ්ඩ පියාසැරියක යෙදෙන මෙම සංක්‍රමණික පක්ෂීන් ගේ පළමු නවාතැන්පොල වේ. මෙවන්වූ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කිරීමෙන් මෙම සංක්‍රමණික පක්ෂීන් ගේ ගොදුරු බිම්හායනයට ලක් වීම හේතුවෙන් වසර මිලියන ගණනක් උත්තරාධ්‍ර ගෝලයේ සිට දක්ෂිණාධ්‍ර ගෝලය දක්වා ශීත සෘතු ව මඟ හැරීම සඳහා සංක්‍රමණය වූ මෙම පක්ෂීන්ට ඉතා කෙටි කාල සීමාවක් තුළ නිජබිම් අහිමි කිරීම සිදු වේ. මෙවන් දැවැන්ත විනාශකාරී සැලැසුමක් සකස් කර ක්‍රියාත්මක කළ වගකීමෙන් ජනාධිපතිවරයාට, ක්‍රිඩා අමාත්‍යවරයාට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් විය නොහැකි ය.
ධීවර කර්මාන්තය අවතැන් කිරීම
සංක්‍රමණික පක්ෂීන්ට බලපෑම් ඇති වීම පමණක් නොව මෙම තෙත් බිම් පද්ධති යාපනයේ කලපු ආශ්‍රිත මත්ස්‍යයන් හා ඉස්සන් මෙන් කකුළුවන් බෝවීම සිදු වන ප්‍රදේශ වන බැවින් සුළු පන්න ධීවර කර්මාන්තයේ නිරත ධීවර ජනතාව ගේ ජන දිවිය හා ආර්ථිකය රැදී ඇත්තේ ද මේ තෙත් බිම් මත ය.
මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය යාපනය කලපුව අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව ඇත. එම යෝජනාව සකස් කර ඇත්තේ 2014 වසරේ දී එක්සත් ජාතීන ්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන්වල මූල්‍යමය ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක් ව සකස් කළ උතුරු පළාත සඳහා එ ්කාබද්ධ උපායමාර්ගික පරිසර තක්සේරු
වාර්තාවට :ෂබඑැටර්එැා ීඑර්එැටසජ ෑබඩසරදබපැබඒක ්ිැිපැබඑ එයැ භදරඑයැරබ ඡරදඩසබජැ දf ීරස ඛ්බන්*
අනුව ය. නම ුත් මෙම සුවිශේෂී අභය භූමිය ප්‍රකාශයට පත් නොකිරීමට හේතු ව දැනට වසර ගණනාවකට පෙර සිට මෙම තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට පිඹුරුපත් සකසා තිබීම විය හැකි ය.
මේ සියල්ල පිළිබඳව අවබෝධයක් සහිත පක්ෂයක් ආණ්ඩු බලය ලබා ගන්නා තෙක් ජනතාව බලා සිටියේ මෙම ස්වාභාවික සම්පත් හා ඒ මත බැදී ඇති ජන දිවියේ සුරක්ෂිතතාව ඇති කර ගැනීම සඳහා ය. නම ුත් එසේ විශ්වාස කර ජනතාව සතු පරමාධිපත්‍ය බලයට අයත් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය වත්මන් ආණ්ඩ ුවට ලබා දුන්නේ මෙවන් විනාශයක් ඇති නොකරන රටක් නිර්මාණය කිරීමට ය. නමුත් ඔවුන් සිදු කරන්නේ ද පෙර ආණ්ඩු මෙන් ම ජනතාව ගේ බලය අවභාවිත කිරීමක් නම් ජනතාව ගේ අභිලාෂයන් වත්මන් ආණ්ඩුව ද අහිමි කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිසර නීති හෑල් ̈වට ලක් කිරීම
මෙම ක්‍රිකට් ක්‍රිඩාංගනය හා ක්‍රිඩා නගරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ජාතික පාරිසරික පනතේ 23 වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගෙන සිදු කළ යුතු ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 4 ක ට වැඩි නැතහොත් අක්කර 10 ක ට වැඩි තෙත් බිමක් ගොඩකර සංවර්ධන
ව්‍යාපෘතියක් සිදු කිරීමට ප්‍රථමයෙන ් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින ් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධීව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ
වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මීට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බ3⁄4 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි තෙත් බිමක් ගොඩ කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.
මෙම කිසිදු අනුමැතියකින් තොර ව බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා ගේ හා ක්‍රීඩා අමාත්‍යවරයා ගේ බලපෑම මත බව පෙනෙන්නට තිබේ. මෙය ඉදිරි සංවර්ධන කටයුතුවල දී ද සිදු විය හැකි වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ විධායකයේ සහය ලැබීම පිළිබඳ ව අප කණගාටු වන්නේ නීතියේ ආධිපත්‍යය සුරකින රටක් නිර්මාණය කරන බවට ජනතාවට සහතික වූ අනුර කුමාර දිසානායක ජනපතිවරයා ගේ නියෝග මත මෙය සිදු වන නිසා ය. මේ නිසා රටේ අනාගත ඉරණම පිළ ිබඳ ව අපට විශ්වාසයක් ඇති කර ගත නොහැක.
ජාත්‍යන්තර සම්මුති උල්ලංඝණය කිරීම
එක්සත් ජාතීන ්ගේ පරිසර වැඩසටහන යටතේ බටහිර ජර්මනියේ බොන් නුවර දී 1979 ජුනි 23 වන දින සම්මත කර ගත් 1983 නොවැම්බර් 01 දින සිට බලාත්මක වූ සංක්‍රමණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ බොන් සම්ම ුතිය :ක්‍දබඩැබඑසදබ දබ එයැ ජදබිැරඩ්එසදබ දf පසටර්එදරහ ිචැජසැි දf අසකා ්බසප්කි ඊධභභ* ශ්‍රී ලංකාව විසින ් අපරානුමත කෙරුනේ 1990 ජුනි 06 වන දින ය. දේශසීමා අතර සංක්‍රමණය වන සත්ත්ව විශේෂවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සම්මුතිය ඇති කර ගෙන තිබේ. සංක්‍රමණික විශේෂ සහ ඔවුන ් ගේ වාසස්ථාන සංරක්ෂණය සඳහා පියවර ගැනීම, සංක්‍රමණික විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වීම වැළැක්වීමට පියවර ගැනීම, සංක්‍රමණික විශේෂවලට අදාළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා සහයෝගය ලබා දීම සඳහා මෙම සම්මුතිය ගොඩනගා ඇත. මෙම සම්මුතිය අපරානුමත කළ රටක් ලෙස සංක්‍රමණික පක්ෂි විශේෂවල රැකවරණය හා එම සතුන් ගේ වාසස්ථාන විනාශ කිරීමට අපට අයිතියක් නැත. එපමණක් නොව ඉරානයේ රැම්සාර් නුවර දී 1971 පෙබරවාරි 02 වන දින සම්මත කර ගැනුන තෙත් බිම් හා තෙත් බිම් පක්ෂීන් ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමේ රැම්සාර් සම්ම ුතිය :ක්‍දබඩැබඑසදබ දබ ඇඑක්බාි දf සබඑැරබ්එසදබ්ක සපචදරඒබජැ ැිචැජස්කකහ ්ි අ්එැරදෙඅක ය්ඉසඒඑි – ඍ්ඵී්ඍ* 1990 ජුනි 15 වන දින අපරානුමත කළ රටක් ලෙස ද අප රට තෙත් බිම් හා තෙත් බිම් පක්ෂීන ් ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමට බැදී සිටී. මෙම සම්ම ුතියට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ව පිළ ිගත් රැම්සාර් තෙත් බිම් හයක් ප්‍රකාශයට පත් කර තිබේ. එනම් මාදු ගඟ අභය භූමිය, බුන්දල ජාතික වනෝද්‍යානය, ආනවින්දාව අභය භූමිය, වාන්කාලේ අභය භූමිය, විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කුමන ජාතික වනෝද්‍යානය ඇතුළු ව කුඩුම්බිගල පානම අභය භූමියයි. මීට අමතර ව කොළඹ නගරය ජාත්‍යන්තර තෙත් බිම් නගරයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව සෑම වසරක ම පෙබරවාරි 02 දා ලෝක තෙත් බිම් දිනය සමරන ු ලබන රටක් ලෙස හා මේ වසරේ පරිසර අමාත්‍යවරයා ගේ මුලිකත්වයෙන් උත්කර්ශවත් ව තෙත් බිම් දිනය සැමරූ රටක් ලෙස ඒ සදහා ජනතාවට මඟ පෙන් වූ ආණ්ඩුවට තෙත් බිම් විනාශ කිරීමට කිසිදු අයිතියක් නොමැත. මේ සියල්ලෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවට පෙන්වී්වීමට උත්සාහ කරන ප්‍රතිරූපයට වඩා ඔවුන් ගේ සැබෑ ක්‍රියාකාරීත්වය විනාශකාරී බව ය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පෙන්වා ජනතාව මුලා කිරීම
වත්මන් ආණ්ඩ ුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්ම ුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක් කොටසෙහි මුුුුුලධර්ම ලෙස දක්වා ඇත්තේ පාරිසරික යුක්තීය හා සාධාරණත්වය, පරිසර පද්ධති ප්‍රවේශය, පාරිසරික යහපාලනය හා පාරිසරික ආරක්ෂාව යන සංකල්පයන් ය. ඒ අනුව සංවේ දී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන් ම මෙරට ඇති තෙත් බිම් හඳුනාගෙන, ලේඛණ ගත කොට ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍යය පියවර ගන්නා බව ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත.
මීට අමතර ව කිසිදු දේශපාලන පක්ෂයක් සිදු නොකළ වත්මන් ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පක්ෂය පමණක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කර ජනතාව සමඟ සම්මුති ගත වූ “මිහිකත පරිසර ප්‍රතිපත්තියේ” පාරිසරික ව දැඩි සංවේදී කලාප නිශ්චිත ව තහවුරු කිරීම සිදු කරන බවට ජනතාවට පොරොන්දු ලබා දී තිබේ. එසේ තිබිය දී පසුගිි ය ආණඩුව කිසිවක් සිදු නොකළ ලෙස පාරිසරික අණ පනත් හෑල් ̈වට ලක් කිරීම වත්මන් ආණ්ඩ ුවෙන ් සිදු කිරීමෙන් පෙනී යන්නේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මගින ් ජනතාව ඉතා ම හොදින ් ම ුලා කර ඇති බව ය.
මේ නිසා අප අවධාරණය කරන්නේ උතුරු ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් ඉදි නොකළ යුතුය යන කරුණ නොවේ. උතුරු – නැගෙනහිර පළාත්වල ජනතාවට සංවර්ධනය වීමේ අයිතිය සුරක්ෂිත කළ යුතු අතර සමාන ලෙස සැලකීම සිදු කළ යුතු ය. ඒ සඳහා පිවිසීමේ දී නීතියේ ආධිපත්‍යය හා නීතියේ සමානාත්මතාව අහිමි නොකළ යුතු බව අවධාරණය කරමු. එපමණක් නොව ජනතාව ගේ අදහස් මත ඔවුන ් අපේක්ෂා කරන සංවර්ධනය ඇති කළ යුතු ය. එසේ නොමැති ව ජනතාවගෙන් ව්‍යුක්ත වූ, ජනතාව හා සොබාදහම අවතැන් කරන සංවර්ධනයක් ඇති නොකළ යුතු ය. එවන් වැරදි සංවර්ධනයේ අහිතකර ප්‍රතිඵල මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වසර ගණනාවක සිට බුක්ති විදිමින් සිටිති. එම පූර්වාදර්ශ මඟහැර යාපනයේ ද එවැනි ම වූ හානි කර සංවර්ධනයක් සැලැසුම් කිරීම
වත්මන් ආණ්ඩ ුව යටතේ බලාපොරොත්තු නොවූ තත්ත්වයකි.
යාපනය ජනතාව ගේ ජන දිවිය හා ආර්ථිකය රැදී පවතින ස්වාභාවික සම්පත් වන කලපුව, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම් හා කිවුල්දිය තෙත් බිම් ඇතුළු ව මිරිදිය ජල පද්ධති සංවර්ධනයේ නාමයෙන් ජනතාවට අහිමි නොකළ යුතු ය. බලය ලබා ගැනීමට ප්‍රථම මේ බව අවබෝධ කර ගෙන සිටි ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ සියල් ̈ කරුණු ඇතුළත් කරනු ලැබූවේ මේ නිසා ය. නමුත් බලය ලබා ගත් පසුව එ ් සියල්ල ජනතාවගෙන් ව්‍යයුක්ත වූ වාණිජ අරම ුණු මත පමණක් ක්‍රියාවේ යොදවන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.
එම නිසා අප යොජනා කරන ්නේ උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ක්‍රිඩාව සංවර්ධනය කිරීම සඳහා ජනතාවට භාවිත කළ හැකි ක්‍රිඩාංගන හා ක්‍රිඩා පහසුකම් ලබා දීම අඛණ්ඩව සිදු කළ යුතු බව ය. එපමණක් නොව එය ජාත්‍යන්තර ක්‍රිඩා වේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර තලයේ ක්‍රිඩාංගන ස්ථාපිත කිරීමේ දී ශක්‍යතා ඇගයීම් මත පදනම් ව, පරිසරයට හා ජන දිවියට බලපෑම් ඇති
නොවන සුදුසු ස්ථාන තෝරා ගෙන නිවැරදි පාරිසරික අනුමැතීන ් මත ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ක්‍රියාත්මක කළ යුතු ය. පසුගිය ආණ්ඩ ුවල වැරදි සැලැසුම් මත පරිසරය, ආර්ථිකය හා ජන දිවිය බිඳ වැටී ඇති ආකාරය අත්විදින අප වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ ක්‍රමවත්, යථාර්ථවාදී
මෙන්ම ජනතාවාදී සංවර්ධන ක්‍රියාවලියක් බව අවසන් වශයෙන් අවධාරණය කරමු.