ජනාධිපති පැමිනිල්ලේ ලිපි ගොනු සභාපතිට දිමෙන් විශ්වාසය කඩ කරලා !

0
WhatsApp Image 2026-02-08 at 21.46.08

මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිවරයාට එරෙහිව එම කොමිසම් සභාවේ මානව හිමිකම් නිලධාරිනියක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමු කරන ලද පැමිනිල්ලේ ලිපි ගොනුව මුළුමනින්ම මානව හිමිකම් සභාවේ සභාපතිට යවා ඇති බවත්  එම ලිපි ගොනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් යවා ඇත්තේ හිතවත්කම් මත බවත් ජනාධිපතිට යවන ලද පැමිනිල්ලක ලිපි ගොනු හිතවත්කම් මත ලබාදීම පැමිනිලිකරුව පාවාදීමක් බව අයන්ති ශිරෝමණි ලංකා ස්කයි නිව්ස් සමග පැවසුවාය.

ජනාධිපතිවරයාට යවන ලද පැමිනිල්ලක ලිපි ගොනු චෝදනාවට ලක් වී ඇති පුද්ගලයා අත පත්විමෙන් පැමිනිකරුගේ ආරක්ෂාව සහ ජනාධිපතිවරයා කෙරෙහි තිබු විශ්වාසය බරපතළ ලෙස පළුදු ඇති බව ඇය සදහන් කළාය.

  මානව හිමිකම් කොමිසම් සභාවේ වංචා දුෂණ හා අක්‍රමිකතා විමර්ශනය කිරීමට පත් කරන්නැයි නියෝග දුන් කමිටු ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයාගේ අවධානය යොමු  කිරීමටත් එම කොමිසම් සභාවේ වංචා දුෂණ හා අක්‍රමිකතා සහ පරිපාලන විෂමතා පිළිබද අවධානය යොමු කර විම සදහාත් පෙබරවාරි 10 එනම් හෙට මානව හිමිකම් කොම්සම් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහනයක් ආරම්භ කරන බව ඇය  හෙළි කළාය.

ජනාධිපති පැමිනිල්ලේ ලිපි ගොනු සභාපතිට දිමෙන් විශ්වාසය කඩ කරලා !

අයන්ති ශිරෝමණි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහනයේ නියැලෙමින්

ශිරෝමණීට මාස (10 ) දහයක පමන කාලයක සිට රාජකාරී  නොපැවරීමටත් මානව හමිකම් කොමිසම් සභාවේ වංවා දුෂණ හා අක්‍රමිකතා වලටත් උසස් විම් ලබාදීමේදී හොර අඹුවන්ට සහ හිතවත්කම් වලට තනතුරු පැවරීමටත් එරෙහිව ඇය විසින් 2025 දෙසැම්බර් 10 ය ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපිට දින දෙකක සත්‍යග්‍රහනයක්  නියලුනාය.

මානව හිමිකම් නිලධාරිනි විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට එම පැමිනිල්ල කර ඇත්තේ 2025 ජුලි 22 වෙනිදාය.

ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසම් සභාවේ දුෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහා කමිටු දෙකාක් පත් කරන්නැයි තමාට උපදෙස් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ දුෂණ හා විමර්ශන අංශයේ ප්‍රධානී කුමාරසිංහ ඇයට පවසා තිබිණ. එක් කමිටුවක් ජනාධිපතිවරයා යටතේ එම කොමිසම් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස් මණ්ඩලය පිළිබද විමර්ශනය කිරීමටත් දෙවැනි කමිටුව ජනාධිපති ලේකම් සහ රාජය පරිපාලන නිලධාරීන් යටතේ මානව හමිකම් කොමිසම් සභාවේ සේවකයන් සම්බන්ධව විමර්ශනය කිරීමටත් බව කුමාරසිංහ ශිරෝමණිව දැනුවත් කර ඇත.

ජනාධිපතිවරයා තමන්ට දුන් පොරොන්දු ඉෂ්ට කර නැති බවත් මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු සහ ජනාධිපතිගේ නීති උපදේසකයෙකුගේ හිතවත්කම් මත කමිටු පත් කිරීමට ගත් තිරණය ක්‍රියාත්මක නොවු බව ඇය අප සමග පැවසුවාය.

ඇය මානව හිමිකම් කොමිසම් සභාවට බැදී ඇත්තේ 2004 වරෂයේදීය. උපාධි තුනක් හිමි ,ශිරෝමිණි එම කොමිසම් සභාවේ අවුරුදු 21 ක සේවා අත්දැකිම් ඇති මානව හිමිකම් නිලධාරීනියක් වේ. ඇයට හිමි විය යුතු නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයට එම තනතුරට තිබිය යුතු සුදුසුකම් වලට වඩා අඩු සුදුසුකම් ඇති අයෙකු පත් කිරීම මෙම ආරවුලට හේතු වී ඇත.

සේවක ඉල්ලීම් නොසලකා හරිමින් ලේකම් ධුරය සදහා අවිධිමත් ලෙස පත්විම් ලබාදීම.

අක්‍රමිකතා හා  ඥාති සබදතා මත තනතුරු ලබාදීම සහ රජයේ මුදල් අවභාවිතා කිරිම.

විගණන විමසුම් සදහා ව්‍යාජ තොරතුරු ලබාද‍ිම සහ දුෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම.

අධිකරණය නොමග යවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම යන චෝදනා ශිරෝමණි විසින් මානව හිමිකම් කොමිසම් සභාවට එරෙහිව එල්ල කරයි. ඇය විසින් මානව හිමිකම් කොමිසම් සභාවට එරෙහිව ඉදිරිපත් ඇති චෝදනා බරපතළයි. වැටත් නියරත් ගොයම් කා නම් මේ අවනඩුව කාට කියන්නද?  මානව විරෝධී දුෂිත ධනපති ක්‍රමය විස්ථාපනය කිරීමෙන් මෙපිට ශිරෝමණි ඇතුළු කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට විසදුම් සෙවිය නොහැක. ගරා වැටුනු බංකොලොත් ධනපති ආණ්ඩු වලට සත්‍ය ග්‍රහන කර හෝ  නිරාහාරව සිට බලපෑම් දමා ලබා ගත හැකි කිසිවක් නැත. මෙම අරගල විධික්‍රම බංකොලොත් මධ්‍යම පාන්තික සටන් ක්‍රම වෙයි. අපි පෙරට ගත යුත්තේ පන්ති සටනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *