නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

0
WhatsApp Image 2026-02-08 at 17.09.00

මාර්ග අංක 157 කහපොල බස් රථය ඇල්ලස් වත්ත හන්දිය හෙවත් නිල්කමල් හන්දියේ විනාඩි පහලොවක් පමන කාලයක් නතර කර සිටීමටත් කොන්දොස්තරවරු සහ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමටත් මගී ජනතාවට බැණ තර්ජනය කිරීමටත් එරෙහිව “නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු ” යන මැයෙන් පසු ගිය ජනවාරි (19) බටකැත්තර එල්.එස්. වත්ත මංසන්දියේ උද්ඝෝෂණයක් පැවැත්විණ.

මගී ජනතාව විරෝධතාවයේ නියැලිමෙන් , නිදහස් ප්‍රවාහන සේවයක් වහා ස්ථාපිත කරන ලෙසත් කිසිදු අවහිරයකින් තොරව බස් රථ වල ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ‍.

එම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ කැස්බෑව ක්‍රියාකාරී කමිටුව, මගී ජනතාව සහ එම ප්‍රදේශයේ ජන අරගල ව්‍යාපාරයේ ව්‍යාපාරයේ සහෝදවරුන්ගේ උපරිම සහාය ලැබිණ.

මෙම උද්ඝෝෂණය සදහා එකසිය පනහක පමන පිරිසක් සහභාගි සිටියහ.

බස් රථ නතර කරගෙන සිටිම

කහපොල සිට පිළියන්දල ඇත්තේ කිලෝ මිටර් අටක දුරකි. කහපොල සිට පිළියන්දලට ධාවනය කිරීම සදහා එක් බස් රථයකට මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයෙන් ලබා දී ඇති කාලය විනාඩි තිහකි. මාර්ග අංක 157 බස් රථය කහපොල සිට විනාඩි දහයකින් එල්.එස් .වත්ත මංසන්දියට පැමින විනාඩි පහලොවක කාලයක් එහි රැදී සිට විනාඩි පහකින් පිළියන්දලට යයි. කහපොල සිට එල්.එස්. වත්තට ඇති දුර කිලෝ මිටර් පහකි. එල්.එස්. වත්ත මංසන්දියේ කාලය පාලනය කිරීම සදහා (Time keeper) පුද්ගලයෙකු කහපොල බස් හිමියන්ගේ සංගමය මගින් පත් කර තිබේ. කහපොල සිට එල් .එස්. වත්ත මංසන්දියට පැමිනිය යුතු කාලය විනාඩි පහලොවකි. ප්‍රමාද වන සෑම විනාඩියකට රුපියල් දෙසීයක්, විනාඩි දෙකකට තුන්සීයක් සහ විනාඩි හතරකට රුපියල් පන්සිය බැගින් අය කරනු ලැබේ. එම මුදල හිමි වන්නේ එම බස් රථයට පිටු පසින් පැමිනෙන බස් රථයේ අයිතිකරුටය.

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

ලාභ අවශ්‍යතා මත මහජනයා පිඩාවට පත් කිරීම

බස් මුදලාලීලාගේ ලාභ අවශ්‍යතා  මත සහ තරගය නිසා පීඩා විදින්නට සිදු වී ඇත්තේ මගී ජනතාවටය. කහපොල සිට එල් .එස්. වත්ත දක්වා පැමිනෙන බස් රථය ප්‍රමාද වුහොත් එම බස් රථයෙන් දඩ මුදලක් අය කර ඊලට පැමිනෙන බස් රථයට ලබා  දෙයි . එසේ ලබා දෙන්නේ පලමු ව පැමිනි බස් රථය පසුව පැමිනෙන බස් රථයේ කාලය ගැනීම වෙනුවෙනි. කහපොල සිට පිළියන්දල  දක්වා ගමන් කරන මගීන්ව විනාඩි පහලොවක් පමන කාලයක් එල්.එස්. වත්ත මංසන්දියේ රස්තියාදු කිරීම වෙනුවෙන් දඩ මුදලක් අය කර දෙන්නට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ආණ්ඩුව මැදිහත් වන්නේ නැත. විනාඩි පහලොවක් හෝ දහයක් ප්‍රමාද විම කම්කරුවෙකුට නම්, මාසිකව ලැබෙන පැමිනීමේ දිමනාව පවා අහිමි විය හැකිය. මෙම ප්‍රදේශයේ දුගි දුප්පත් ජනයා රෝහලට යෑම සදහා භාවිතා කරන්නේ ද පොදු ප්‍රවාහන සේවයයි.  රෝගීයෙකු බස් රථයේ රැගෙන යද්දී, විනාඩි පහලොවක් ප්‍රමාද වීම නිසා ඔහුගේ හෝ ඇයගේ ජිවිතය පවා අහිමි විමට ඉඩ ඇත.

මාර්ගස්ථය නීති හෑල්ලු කිරීම

මගී බස් රථ නතර කර සිටින්නේ නම්, හිමින් යන්නේ නම් , ටිකට් නෙදෙන්නේ නම් සහ ඉතරු මුදල් නෙදෙන්නේ නම් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයට දැනුම් දෙන්නෑයි දුරකතන අංකයක් (01128608260)සදහන් කර බස් රථ වල ස්ටිකර් අලවා මගී ජනයා දැනුවත් කළ ද කහපොල බස් රථය එල් .එස්. වත්ත මංසන්දියේ විනාඩි පහලොවකට ආසන්න කාලයක් නතර කර සිටිම ගැන පැමිනිලි මෙන්ම ඊට එරෙහිව මහජනයා පාරට පැමින සිය විරෝධය දක්වා තිබියදීත් එම අධිකාරීයම තමන් පැන වු  නීති හෑල්ලුවට ලක් කර තිබේ .

කහපොල පිළියන්දල පාරේ පළල අඩි තිහකි. සමහර ස්ථාන වල බස් දෙකකට මාරු විය නොහැකිය. එල් .එස්. වත්ත මංසන්දියේ බස් රථයක් විනාඩි පහලොවක් වැනි කාලයක් නතර කරගෙන සිටිම නිසා මාර්ගයේ විශාල තද බදයක් හට ගනී. එල්.එස්. වත්ත මංසන්දිය ටී මංසන්දියකි. මාකන්දල සිට පිළියන්දට යන වාහනත් කහපොල සිට පිළියන්දලට යන වාහනත් එම බස් රථය නතර කර සිටීම නිසා බරපතළ අපහසුතාවයකට මුහුණ දෙති . තදබදය ඉවසා ගත නොහැකිව, පෞද්ගලික වාහන වලින් ගමන් කරන ජනයාට මල පැන කොන්දොස්තරගේ සහ රියදුරුගේ අම්මා මතක් කරති.

මාර්ගස්ථය ධන කුවේරයන්ගේ බලළ් අණ්ඩක්

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

බස් රථය නතර සිටිම ප්‍රශ්න කරන මගීන්ට කොන්දොස්තරලා සහ රියදුරන් පරුෂ වචනයෙන් බැන තර්ජන කර පහර දුන් අවස්ථා ද ඇත. කොන්දොස්තරලාට සහ රියදුරන්ට එරෙහිව මාර්ස්ගථ මගී ප්‍රවාහන අධිකාරියට සහ පොලිසියට මගීන් පැමිණීලි කළ  ද එම ආයතන කහපොල බස් මාෆියාවට යට වී ඇතැයි මගී ජනතාව චෝදනා කරති. මෙම ආයතන පිහිටුවා ඇත්තේ කම්කරු -පීඩිත මහජනයා ආරක්ෂා කිරීමට නොව මහජනයාගෙන් සිදු වන අකරතැබ්බ වලින් බස් හිමියන් ඇතුළු ධනකුවේරයන් ආරක්ෂා කර ගැනීමටය.

බස් සේවකයන් මත්ද්‍රව්‍ය දුවදුරට ගොදුරු වීම

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

පොදු රටේ තරුණ පරම්පාරව මෙන්ම බස් කොන්දොස්තර සහ රියදුරන් තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව ආණ්ඩුවත් බස් රථ හිමියන්ගේ සංගමයත් පවසති. කහපොල පිළියන්දල පෞද්ගලික බස් රථ වල සේවය කරන සේවකයන් බස් ධාවනයේ යෙදෙන්නේ අයිස් භාවිතා කර බවට චෝදනා එල්ල වී තිබේ. එම බස් රථ වල අයිස් භාවිතා කරන සේවකයන්ගේ නාම ලේඛනයක් ද අප වෙත ලැබි තිබේ. මොහුන් අයිස් භාවිතා කර බස් වල සේවය කිරීම නිසා විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් අපයෝජනයට ලක් විමේ බරපතළ අවධානමක් ඇත.පසු ගිය දිනක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය මගින් බස් රථ වල වැඩ කරන සේවකයන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇද්දැයි  කරන ලද පරික්ෂණයෙන් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු විය. කහපොල පිළියන්දල මාර්ගයේ සේවය කරන කොන්දොස්තරලාගෙන් බහුතරයකට මාරගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය මගින් නිකුත් කරන ලද සේවා බලපත්‍ර නොමැතිව සේවයේ යෙදී සිටිති.

මාර්ගස්ථය මගී ජනතාව මග හරි

කහපොල බස් රථ එල්.එස්. වත්ත මංසන්දීයේ  නවතාගෙන සිටින්නේ මාකන්දන පිළියන්දල (157/1) බස් රථ පන්චර ගැසීමට එකග නොවීම නිසා බව කහපොල බස් හිමියන්ගේ සංගමය පවසති. මාකන්දන පිළියන්දල බස් රථ නවතාගෙන සිටින්නේ නැතිව විනාඩි තිහක් ඇතුළත පිළියන්දට ධාවන කරයි. මෙම මාර්ග දෙකේ බස් හිමියන් සමග එම ප්‍රශ්නය සාකච්ජා කොට විසදීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන  අධිකාරීයට ඔිනෑකමක් නැති නිසා පීඩා විදීන්නේ මගී ජනයාය. කහපොල බස් රථ නතර කර සිටීමට එරෙහිව ජනවාරි 19 වෙනිදා පැවති උද්ඝෝෂණයෙන් පසු කහපොල සහ මාකන්ද බස් හිමියන්ගේ සංගමයට සහ කැස්බෑව ක්‍රියාකාරී කමිටුවට ජනවාරි 22 වෙනිදා සාකච්ජාවක් ලබා දී තිබු අතර කහපොල සහ මාකන්දන බස් අයිතිකරුවන් දෙදනෙකු අතර ඇති පෞද්ගලික ගැටුමක් නිසා එම සාකච්ජාව කල් දමන ලදී. කැස්බෑව ක්‍රියාකාරී කමිටුව කිප අවස්ථාවක් නැවත සාකච්ජාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය සාකච්ජාවක් නොදී මගහරිමින් සිටි.

බස් මාෆියාවට එරෙහි මහජන විරෝධය තලා දැමීමේ අධම උත්සහයක්

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

මාකන්දන සහ කහපොල බස් ගැටුමට ආසන්න හේතුව කහපොල බස් හිමියන්ගේ සංගමයේ ලේකම් ලහිරු නැමැත්තා මාකන්දන බස් හිමියෙකුගේ සහෝදයෙකු වන තුෂාර නැමැත්තාට හරක් හොරා යැයි ප්‍රසිද්ධියේ අපහාස කිරීම වේ. ජනවාරි 21 ක කහපොල බස් මාෆියාවට එරෙහිව  උද්ඝෝෂණය මෙහෙ වු

කැස්බෑව ක්‍රියාකාරී සභාපති සහ මාධ්‍යවේදී ශාන්ත හෙවත් ජේ.වි.පි. ශාන්ත තුෂාර නැමත්තාව තමන්ට එරෙහිව උසිගන්වා  පහර දුන්නා යැයි  ලහිරු පවසයි. ඔහු ජනතාව නොමග යවමින්, ශාන්තව පොලිසියට කොටුකරදීමේ අධම උත්සහයක නිතර වී ඇත. පහරදීමට විරෝධය පල කරමින් ජනවාරි 22 දා කහපොල බස් රථ ධාවනයෙන් ඉවත් විය. පෞද්ගලික ආරවුලක් මත සිදු වු එම පහරදීම, ශාන්ත ඇතුළු උද්ඝෝෂකයන් මතට බැර කර කහපොල බස් මාෆියාවට එරෙහිව පැනනැග ඇති මහජන විරෝධය තලා  දැමීමට ලහිරු අධම උත්සහායක නිරත විය. ඔහුට පහර දුන්නා යැයි කියන රියදුරු තුෂාර ඉන්දික සහ කොන්දොස්තර තුසිත ලක්මාල් පොලිසියට භාර විමත් සමග එම උත්සහාය ව්‍යාර්ථ විය. පොලිසිය  තුෂාරව සහ ලක්මාල්ව කැස්බෑව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් අයෙකුට ලක්ෂය බැගින් ශරීර ඇප දෙකාක් මත මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ජනවාරි 21 වැනිදා කහපොල බස් මාෆියාව ධාවනයෙන් ඉවත් වන්නේ බස් සේවකයන් සහ මගී ජනයා අතර ඇති වු ගැටුමක් නිසා නොව කහපොල බස් සංගමයේ ලේකම් ලහිරු සහ මාකන්ද පිළියන්ද මාර්ගයේ බස් හිමියෙකු සොහොයුරෙකු අතර ඇති වු පෞද්ගලික ආරවුලක් මුල් කරගෙනය. නමුත් බස් මාෆියාවේ අත්තනොමතික හැසිරීම නිසා පීඩාවට පත් වන්නේ මගී ජනයාය .මෙම එකාධිකාරීය ලංගම බස් රථ ප්‍රමානය වැඩි කිරීම මගින් බිද දැමීය යුතුයි. කහපොල මාර්ගයේ ලංගම බස් රථ හයක් ධාවනය වු අතර  දැන් ධාවනය වන්නේ බස් රථ දෙකකි. මහරගම – පිළියන්දල සහ මොරටුව -පිළියන්දල මාර්ග වල ලංගම බස් රථ ධාවනය තහනම්ය. කහපොල මාර්ගයට බස් රථ දහයක් යොදවන්නැයි මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ජේ.වි.පෙ. ශාන්ත පැහැර ගැනීමට තැත් කිරිම

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

ලහිරුට පහර දුන්නේ ජේ.වි.පි.ශාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් යැයි ප්‍රචාරය විමත් සමග කහපොල බස් මාෆියාව විසින් මෙහෙය වන ලද මැරයෝ පිරිසක් ඔහුව පැහැර ගැනීමට උත්සහ කර ඇති බවත් පසුව ප්‍රදේශවාසින් මැදිහත් විමත් සමග එම මැර පිරිස පළා ගොස් තිබුණි. 

මෙම පහරදීම සිදු වන්නේ ජනවාරි 21 රාත්‍රියේය. එම පහරදීම සිදු වන්නේ තුෂාරගේ මාකන්දන නිවසේදීය. තුෂාර විසින් වාහනයක් තල්ලු කරන්න යැයි තමාව යතුරු පැදියක දමාගෙන මාකන්දන ඔහුගේ නිවසට රැගෙනවිත් පහර දුන් බව ලහිරු පොලිසියට පවසා තිබිණ. ලහිරු පැහැරගෙන ගිය බව දැන ගත් ඔහුගේ පියා සොයුරා සහ තවත් පිරිසක් සමග මාකන්ද තුෂාරගේ නිවසට කඩාවැදි එම නිවසේ සිටි පිරිසට පහර දී නිවසට ද අලාභානි සිදු කර ඇත. පසු ගම්මු එකතු වී ඔවුන්ට පහරදීම නිසා තුවාලකරුවන් කළුබෝවිල රෝහලේ හදිස්සි අනතුරු අංශයට ඇතුළත් කරන ලදී.

ලහිරුව පහැරගෙන විත් පහර දුන්නැයි තුෂාර ඉන්දික ,තුසිත ලක්මාල් සහ සමීර චන්දන බාර විමෙන් පසු කැස්බෑව පොලිසිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. නමුත් මේ වන තෙක් සමීර චමින්දගේ නිවසට කඩා වැදී පහර දුන් සමාජ ක්‍රියාකාරීයෙකු ඇතුළු මැර පිරිස මෙතෙක් අත්අඩංගුවගෙන නොමැත. ඔවුන්ට එරෙහිව චමින්ද විසින් කැස්බෑව පොලිසියේ පැමිනිල්ලක් ද දමා ඇත. ජනවාරි 25 පැමිල්ල විභාග කිරීම සදහා පහර දුන්නා යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ශවය කැස්බෑව පොලිසියට කැද වුවද ඔවුන් පැමින නැත‍. පොබරවාරි පලමුදා නැවතත් පැමිනිල්ල විභාග කිරීම සදහා දෙපාර්ශ්වයම පොලිසියට කැදවා තිබුන ද චෝදනා ලද පාර්ශ්වය පොලිසියට පැමිනි නොසිටි බව පැමිනිලි පාර්ශ්වය අප වෙත දන්වා සිටියේය. කැස්බෑව පොලිසිය එක් පාර්ශ්වයක් හුරතල් කරන ගමන් අනෙක් පාර්ශ්වයට පමනක් නීතිය හමුවට පැමින වීම , සියලුම දෙනා නීතිය ඉදිරියේ සමාන යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමනක් සීමා වු ප්‍රෝඩාවක් බව හෙළි වී තිබේ. නීතියේ පන්ති පදනම් හෙළි වන විට මහජනයා නීතිය අතට ගැනීම වැළැක්විය නොහැකිය.

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව
නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

බස් මැරයෝ චන්දනගේ නිවසට කඩා පැන ජනේලයක් සහ විදුලි මිටරය කඩා බිද දමා ඇති අයුරු

නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව
නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව
නිදහස් ප්‍රවාහන සේවයක් සදහා සටන් වදිමු! -කැස්බෑබෑ ක්‍රියාකාරී කමිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *