බීමත්ව සිටි රිය ධාවනය නොකළ තරුණයෙකුට පොලිසිය අපරාධ දණ්ඩ නීති සංග්‍රයේ 402 ක යටතේ නඩු පවරලා!
බීමත්ව රිිය පදවා අනතුරක් සිදු කළා යැයි පොලොන්නරුව මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙකුට අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ (402 ) අනෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති බව එම තරුණයා පියා පවසයි.
එම පියා වන දිනේෂ් මඩවල නැමැත්තා පුතාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර සම්බන්ධීකරණ කාර්යාලයට යොමු කරන ලද ලිපියේ එසේ සදහන් කර ඇත.
පුතා බීමත්ව සිටි නිසා අනතරු සිදු වන අවස්ථාවේ එන් .සී. /එල්.පී. 1591 අංකය දරණ ලෝරි රථය පදවා ඇත්තේ ලෝරි සහායක බවත් පසුව මනම්පිටිය රථ වාහන අංශයේ පි.එස්. 49709 අංකය දරණ ලක්ෂ්මන් නැමති පෙලිස් කොස්තාපල්වරයා පැමින පුතාට පහර දී ඔහු ලව්වා ලෝරිය රථය පොලිසියට රැගෙන ගොස් ඇති බව මඩවල පවසයි.
පුතා අත්ඩංගුවට ගත් බව සැල 2026 .02.16 පාන්දර මම මගේ ලොකු පුතා වන කසුන් විචකලණ සමග මනම්පිටිය ගොස් සිදු වුනේ කුමක්දැයි ලෝරි සහායකගෙන් තමා විමසුත් බවත් එහි දී ඔහු විසින් ලෝරි පදවපු බව සහායකවරයා පිළිගත්තා බවත් ඒ ගැන නිලධාරින් දැනුවත් කළ ද ඔවුන් එය පිළිගත්තේ නැති අතර ලෝරි සහායකගෙන් කටඋත්තරයක් ගන්නැයි තමා පොලිස් නිළධාරින් ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ බව මඩවල මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියේ සදහන්ව ඇත.
පුතාව අධිකරණයට ඉදිරිපත් කරන්නට පෙර මනම්පිටියේ රෝහලේ වෛද්‍යවරයෙකුට පෙන්නා තිබු බවත් පුතා එහි අත්අඩංගුවට පත් වු සිද්ධිය සහ ඔහුට පහර දුන් බව එම වෛද්‍යාවරයාට පැවසු බවත් ඔඩවල එම ලිපියේ සදහන් තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.
මමයි ලොකු පුතයි පෙබරවාරි 16 වෙනිදා පාන්දර පොලිිිිිසියට යන කොට මනම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සිටිිි නැහැ. මම පෙබරවාරි 17 උදේ 8 ට පමන ගොස් ස්ථානාධිපතිවරය මුණ ගැසි සද්ධිය විස්තර කළ ද ඔහු එය පිළිගත්තේ පිළිගෙන නොමැත.
පසුව පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කාර්යාලයට ගොස් පැමිනිල්ලක් කළා. පසු ලෝරි සහායකයා එම කාර්යාලයට කැදවා ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ලෝරිය පැදවපු බව පිළිගත්තා.
මනපිටිය පොලිසිය බිමත්ව රිය පැදෙව්වා කියා බොරුවට අත්අඅංගුවට අරගෙන මාස තුනක් යනකම් ඇප ගන්න බැරි විධියට දණ්ඩ නීති සංග්‍රහය 402 ක යටතේ අනෙකු ලෙස පෙනි සිටිමින් වංචා කිරිම යටතේ නඩු පවරලා. ආණ්ඩු වෙනස් වුනත් පොලිසිය වැඩ කරන පිළිවෙත් වල වෙනසක් වෙලා නැහැ.

මානව හිමිකම් කොමිෂන් ෂභාවට දමන ලද පැමිල්ලේ පිටපත.


දිනේෂ් මඩවල මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කරන ලද ලිපිය.

අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ 402 වන කොටස.