මනම්පිටිය පොලිසිය අපරාධ දණ්ඩ නීති සංග්‍රහය යටතේ රිමන්ඩ් කළ තරුණයාට අධිකරණය ඇප නියම කරයි!
ලෝරි රථයක් තුළ බිමත් සිටි නමුත් එම ලෝරි රථය ධාවනය නොකළ තරුණයෙකුව පොලොන්නරු මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ 402 ක යටතේ නඩු පැවරු විමුක්ති ඩවල නැමති එම තරුණයාව ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වරයා අද(26) නියෝග කළේය.
තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටි අවස්ථාවේ පොලිසිය ඊට විරුද්ධත්වයත්වය පල නොකළ නිසා මහේස්ත්‍රාත්වරයා ඇප නියම කෙරිණ.
පොලොන්නරු මඩකලපුව මාර්ගයේ මහවැව ප්‍රද්‍ශෙයේ දී එන් .සී /එල්.පී 1591 අංකය දරණ ලෝරි රථය යතුරු පැදියක් ගැටි අනතුරක් සිදු වී බවත් පසු එම ස්ථානයට මනමිපිටිය රථ වාහන අංශයේ පි.එස්. 49709 අංකය දරණ ලක්ෂ්මන් නැමති නිලධාරියෙකු පැමින ඇති බවත් බිමත්ව සිටි තරුණයාට පහර දී ලෝරි රථය ඔහු ලවා මනම්පිටිය පොලිසියට රැගෙන ගොස් තිබිණ.
එම රිිය අනතුර වන අවස්ථාවේ ලෝරි රථය පදවාගෙන ගොස් ඇත්තේ එම රථයේ සහයකයා විසින්ය. මේ පිළිබදව පොලිස් පහරදීමට ලක් වු තරුණයාගේ පියා මනම්පිටියේ පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිතුමව දැනුවත් කළ ද පලක් නොවිය.
පසු විමුක්ති මඩවලගේ පියා වන දිනේශ් මඩවල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලොන්නරු ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගට පැමිනි කර ඇත.
ජේෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග ලෝරි සහායකයා රැගෙනවිත් ප්‍රශ්න කර ඇති අතර පසු එම සහයකයා රිය අනතුර වන අවස්ථාවේ ලෝරි ධාවනය කළේ ඔහු විසින් බව පිළිගෙන තිබේ.
අනෙකු ලෙස පෙනී සිටිමෙන් වංචා කරන තැනැත්තෙකුට අවුරුදු තුන දක්වා කාලයක්, දෙයාකාරයෙන් එක් ආකාරයක් බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකි දඩුවම් දෙකින්ම දඩුවම් කළ හැකිය යනුවෙන් අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ 402 හි සදහන් වෙයි.