වැලිකන්ද පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි

0
DSC_5831

වැලිකන්ද පොලිසිය පොලොන්නරුව මහේස්ත්‍රාත්වරි හමුවේ සමාව අයදමින් සාක්කි කැදවීම සදහා කෙටි දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර එහි දී මහේස්ත්‍රාත්වරිය නැවත මේ වැනි දේ සිදු නොකරන්නැයි කියා පොලිසියට අවවාද කර, ජුනි 23 වැනිදාට සාක්කි කැද වන්නැයි අද (04) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය පොලිසියට මෙසේ අවවාද කළේ, වැලිකන්ද පොලිසිය මගින් වෙඩි තබා ඝාතනය කළා යැයි කියන ගර්දි අම්බෝඩි කංකානම්ලාගේ ට්‍රිෂාන් නැමති තරුණයාගේ දෙමව්පියන්ගෙන් සහ සහෝදරයාගෙන් සාක්කි කැදවීම කල් දමන්නැයි පොලිසිය කළ ඉල්ලීම සලකා බලමින්ය.

වැලිකන්ද පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි

ට්‍රිෂාන්ගේ ඝාතනයට සම්බන්ධයෙන් ඔහුගේ පියාගෙන්, මවගෙන් සහ සහෝදරයාගෙන් අද (04) දින සාක්කි ලබා ගන්නා බව පොලිසිය සිතාසී මගින් ඔවුන්ට දන්වා තිබියදීත් සාක්කි කැදවීමට පොලිසිය සුදානම් නැති බවත් ඒ සදහා කෙටි දිනයක් ලබා දෙන්නැයි පොලිසිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පල කළ අතර අගතියට පත් පාර්ශ්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කරන්නැයි නීතිඥ සේනක පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැලිකන්ද පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි

මරණකරුගේ පාර්ශ්වයේ සාක්කි මෙහෙය විම සිදු කරනු ලබන්නේ පොලොන්නරු දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට හදිසි කටයුත්තක් නිසා අද (04) දින  අධිකරණයට පැමිනීමට නොහැකි වු බැවින් , පොලිසිය අද දින සුදානම් නැතැයි ඒ සදහා  කෙටි දිනයක් ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මනතුංග මරණකරු සහ ඔහුගේ පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින නීතිඥ සේනක පෙරේරාට බලපෑම් කළා යැයි මනතුංගට චෝදනා එල්ල වී ඇත.

 වැලිකන්ද පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන 51199 අංකය දරන සාජන් ජයසේකර සහ එම පොලිසියට අනුයුක්තව සේවය කරන අංක 6059 අංකය දරණ එරන්ද යන අය අද දින අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්හ.

සාජන් ජයසේකර සහ එරන්දක යන දෙනාම සාක්කි ලබා දෙමින් මරණකරු ගංජා සහ අයිස් අලෙවි කරන්නෙකු යන්න පවසා සිටියහ. මරණකරුට වෙඩි තැබු වසන්ත නැමති නිලධාරීයා ට්‍රිෂාන් වෙඩි වැදි බිමට වැටි සිටින කොට මු  ගංජා විකුණනවා යැයි  තමන් සමග පැවසු බවත් ඔහු සාක්කි දෙමින් පැවසීය. ඒ අවස්ථාවේ නීතිඥ මරණකරු සන්තකයේ ගංජා තිබි අත්අඩංගුවට ගත්තා දැයි  විමසු අවස්ථාවේ සාක්කිකරු නිශ්ශබ්ද විය.

ජයසේකර සහ එරන්ද මරණකරුගේ නිවසට යන විට වසන්ත මරණකරුට වෙඩි තබා තිබු බවත් මුට සිහිය නැහැ  කකුලට වෙඩි තැබු බවත් ඉක්මනින් රෝහකට ගෙන යන්න තමන්ට උදව් කරන්නැයි වසන්ත එරන්දකගෙන් ඉල්ලා සිටි බව ඔහු  අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසුහ.

ගල්කන්ද ගමේ අයෙකුගේ ත්‍රිරෝද රථයක දමාගෙන තුවාලකරු රෝහල කරා රැගෙන යෑමට කටයුතු කළ බවත් ත්‍රිරෝද රථයෙන් මිටර් 30ක් පමන රැගෙන යන කොට, වැලිකන්ද පොලිස්යේ ජිප් රථය පැමිනි බවත් පසු එම ජිප් රථයේ දමාගෙන තුවාලකරු රෝහලට රැගෙන ගිය බව එරන්ද සාක්කි දෙමින් පැවසිය.

තමා වෙඩි තැබු ස්ථානයට යන විට මරණකරු අසල යකඩ පොල්ලක් සහ මන්නයක් වැටි තිබෙනවා තමා දුටු බවත් මරණකරු මන්නයක් සහ යකඩ පොල්ලක් රැගෙන වසන්ත සර්ට පහර දෙන්න උත්සහ කළ අවස්ථාවේ මරණකරුගේ කකුලට වෙඩි තැබු බව ඔහු තමා සමග පැවසු බවත් එරන්ද සාක්කි දෙමින් කීය.

එම යකඩ පොල්ල සහ මන්නය වසන්ත නැමති  නිලධාරීයාට පහර දෙන්න ගත් ඒවා බව ඔබ දැන ගත්තේ කෙසේදැයි නීතිඥ පෙරේරා සාක්කිකරුගෙන් විමසු අවස්ථාවේ මරණකරු අසල  එම මන්නය සහ යකඩ පොල්ල වැටි තිබුන නිසා තමා  උපකල්පනය කළ බව එරන්ද පැවසීය.

අපරාධය සිද්ධ කර ඇත්තේ පොලිස් නිලධාරීයෙකු බැවින්, පොලිසියට මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට අපරාධකරුවන් ආරක්ෂා කිරීමට සිදු වී තිබේ.

වැලිකන්ද පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි

පොලොන්නරුව උසාවිය ඉදිරිපිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *