නගර සභා ආඥා පනත උල්ලංඝණය කර- මන්ත්‍රීවරු රැවටුවා යැයි නියෝජ්‍ය නගරාධිපති නගරාධිපතිට චෝදනා කරයි

0
WhatsApp Image 2026-05-07 at 13.40.32

ආර්.එෆ්.එම්.සුහෙල් විසිනි

නුවරඑළිය නගර සභාවේ නගරාධිපතිවරයා නගර සභා ආඥා පනතට පටහැනිව පැලවත්තේ (ජනතා විමුක්ති පෙරමුණේ) අවශ්‍යතාවය මත එම නගර සහා සභිකයන් සියල්ල නොමග යවා යෝජනාවක් සම්මත කර ගත්තා යැයි නියෝජ්‍ය නගරා‍ධිපති චෝදනා කරයි.

ජාතික ජන බල පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරයා නුවරඑළිය මහ නගර සභාව සතු පුස්තකාලය සහ ශ්‍රවණාගාරය කුලී පදනම මත තැපැල් කාර්යාලයට ලබා දී ඇත්තේ පැලවත්තේ පක්ෂ මුලස්ථානයේ උවමනාව මත බවත් නගරාධිපතිවරයා එම යෝජනාව හදිස්සියේ සම්මත කර ගත්තේ සභිකයන් නොමග යවා බවත් මින් ඉදිරියට එවැනි බලහත්කාරයෙන් සිදු කරන යෝජනා ස්ථරත්වයන් නොගන්නා ලෙස සභාවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝග රාජා පවසා ඇත.

ඔහු එම අදහස් පල කර ඇත්තේ පෙරේදා (07) වන දින පැවැත් වු මැයි මාසික මහ සභා රැස්විමේදී වන අතර සොච්චම් මුදලකට ළමුන් පරිහරනය කළ ළමා පුස්තකාලය සහ ශ්‍රවණාගාරය ලබාදීමට එරෙහිව විපක්ෂයේ එකමතික විරෝධය පල කළ අවස්ථාවේදීය.

ජාතික ජන බල පක්ෂය මහ නගර සභාගේ බලය පිහිටුවා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරන නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ තවත් එක් මන්ත්‍රීවරයෙකුගේ සහයෝගය ඇතිව බවත් නගරාධිපතිගේ අත්තනෝමතික තීන්දු නියෝජ්‍ය නගරාධිපතිගේ දැඩි දෝෂ දර්ශනය ලක් කිරීමෙන් පෙන්නුම් සන්ධානය දෙදරා යෑමට නියමිත බවයි.

වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති

නුවරඑළිය මහ නගර සභාව සතු ළමා පුස්තකාලය හා පුස්තකාල ශ්‍රවණාගාරය තැපැල් කාර්යාලයට දිලා තියෙන්නේ මසකට රුපියල් 25000 ක සොච්චම් මුදලකට. මහ සභාව පටන් ගන්න විනාඩි කිහිපයකට පෙර තුණ්ඩු කැබැල්ලක් දිලා යෝජනාව සභා සම්මත කර ගන්න කියලා ඉල්ලුවා. තුණ්ඩු කැල්ල හරියට කියව ගන්නටවත් මන්ත්‍රීවරුන්ට වේලාවක් තිබුනේ නැහැ. එම යෝජනාව ස්ථ‍‍‍‍ිර කර ගැනීම ගැන දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබෙනවා. නාගරික මන්ත්‍රීවරුවන් මොලයක් තිබ්බා නම් මේ වගේ දෙයක් කරයිද කියලා මහජනයා මාධ්‍ය අදහස් දක්වමින් ප්‍රශ්න කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *