අපි මාළු රස්සාව හැර වෙනත් රස්සාවක් දන්නේ නැහැ
ගාල්ල දෙවට ගාලු පාරට ආසන්නයේ ඉදිරි කර තිබු මාළු වෙළඳ සැල් වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව ජේ.සී.බි .එකාක් යොදාගෙන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ එම ධීවර වෙළඳ සැල් කඩා ඉවත් කර වෙළඳ සැල් හිමියන් පලවා හැර ඇත.
මෙම කඩා දමා ඇත්තේ සැප්තැම්බර් 12 වෙනිදාය. එම වෙළඳ සැල් වල සේවකයෝ 32 ක සේවය කර ඇති අතර එම නිසා පවුල් 30 ක් අනාථ වී තිබේ.
මෙම කඩ ඉදි කර ඇත්තේ 2022 හිටපු ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදීය. එම කඩ විවෘත කර ඇත්තේ එවකට ගාල්ල මහ නගර සභාවේ සභාපතිගේ සහභාගිත්වයෙනි.
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව තම දෙපාර්මේන්තුවට එම භුමිය අයත් යැයි පවසා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙන කොල්ලකා ගත් ඉඩමේ පසු දා ඉතාලි ලාල් නැමත්තෙක් පැමිණ ඔහුට අයත් යැයි පවසා කොන්ක්‍රීට් කණු සිටුවා වැට ගසා ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව සැල් හිමියන් පලවා හරින්නේ අධිකරණ නියෝගයකින් නොව පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෙනි. වෙළඳ සංරක්ෂණ දෙපාර්මේන්තුව තමන්ට අයත් යැයි පවසා අත්පත් කර ගත් ඉඩම පසුව පුද්ගලයෙකු යැයි පැවසීමෙන් වෙළඳ සංරක්ෂණ දෙපාර්මේන්තුව කොන්ත්‍රාත්තුව කර ඇතැයි ධිවර වෙළඳ සැල් හිමියෝ පවසති. මෙම ධිවරයන් පලවා හැරීම ආණ්ඩුව නොදැනුත්තුව සිදු වුවක් නොවන අතර ආණ්ඩුව ධනකුවේරයන්ගේ අවශ්‍යතාවය මත ධීවර වෙළඳ සැල් හිමියන් පලවා හැරීම මගින් අනතුරු අඟවන්නේ කම්කරු -පීඩිත ජනතාවටය
වෙළඳ සැල් හිමියෙකු වන රවි

වෙළද සංරක්ෂණ දෙපාර්මේන්තුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇවිල්ල කඩ කඩාගෙන කඩාගෙන ගියා. අපිට කලින් දැනුම් දුන්නේ නැහැ. කඩ කඩන්න විනාඩි පහකට කලියෙන් තමයි අපි දැන ගත්තේ. දැන් අපට පාරේ මාළු තියාගෙන ඉන්න එපා කියලා මාර්ග සංවර්ධන අධිකාරීයෙන් අපට තර්ජනය කරනවා. අපිට මේ කඩ දුන්නේ හිටුප ජනාධිපත් ගෝඨාභයේ පාලන කාලයේ.වෙළඳ සංරක්ෂණ දෙපාර්මේන්තුව අපේ කඩ කැඩුවේ අපි වෙළදාම් කරන ඉඩම එම දෙපාර්මේන්තුවට අයත් කියලා. නමුත් කඩ කැඩුවාට පස්සේ ඉතාලි ලාල් කියලා කෙනෙක් එයාට ඒ ඉඩම අයිතියි කියලා වැට ගහනවා. වෙළඳ සංරක්ෂණ දෙපාර්මේන්තුව ලාල්ගේ සල්ලි අරගෙන තමයි අපිව පන්නලා තියෙන්නේ. නගරාධිපති හෝ ආණ්ඩුවේ නියෝජිතයෝ ආවේ නැහැ. වෙනත් රැකියාවක් කරන්න අපි දන්නෙත් නැහැ. අපි දන්නේ මාළු විකුණන් විතරයි. මාළු ලෑලි වල වැඩ කළ සේවකයේ 32 කට රැකියා අහිමි වෙලා . එම සේවකයන්ගේ රැකියා වලින් පවුල් 30ක් පමන යැපුණා. අද ඒ පවුල් අනාථයි.



මාව කඩ කඩා දැමු පසු කොන්ක්‍රීට් කණුගසා ඇති අයුරු.

කඩ කැඩුවාට පස්සේ පලේ අයිනේ මාළු විකුණන වෙළෙන්දෝ