ඇල්ටෝ ධර්මේගේ අසුචි කන ගල්කිස්ස පොලිසිය මාධ්‍යවේදී සමරකෝන්ට අඩම්තෙට්ටම් කරයි
පොලිස් නිලධාරීන් විසින් අත්තනෝමතිකව ලෙස පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය කරමින් , අගෞරවනීය ලෙස මහ මග බලහත්කාරයෙන් සෝදිසි කිරීමට එරෙහිව මාධ්‍යවේදී සම්පත් සමරකෝන් විසින් පොලිස් මුලස්ථානයට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට මැයි (13) වනදා පැමිනිල්ලක් දමා ඇත.

කොම්පඤ්ඤ විධීයේ පොලිස් මුලස්ථානය ඉදිරිපට.

බම්බලපිටියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට
මාධ්‍යවේදී සමරකෝන් මැයි 09 වනදා සවස 03 ට පමන පෞද්ගලික කටයුත්තක් සදහා රත්මලානට ගොස් ඇති බවත් ඔහු ත්‍රිරෝද රථයක් පැමිනෙන තෙක් රත්මාලන දුම්රිය පොල පාරේ දුම්රිය ප්‍රධාන යන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට රැදි සිටි බවත් එහිදි (අංක ABV 2568) ත්‍රිරෝද රථයක් සමරකෝන් ඉදිරිපිට නතර කර , එයින් බැස ගත් සිවිල් පුද්ගලයන් දෙදනෙකු ඔහු එම ස්ථානයේ කුමක් කරන්නේදැයි ප්‍රශ්න කර, සමරකෝන්ගේ ජාතික හැදුනුම් පත ඉල්ලා ඇති අතර සමරකෝන් ඔවුන්ගේ අනන්‍යතාවය ප්‍රශ්න කරද්දි,එම සිවිල් පුද්ගලයන් දෙදනා පොලිසියෙන් බව පිළිගත් බව ඔහු පොලිස් මුලස්ථානයට සහ මානව හිමිකම් කොමිසම් සභාවට දමන ලද පැමිනිල්ලේ සදහන් කර ඇත.
පසුව ඔවුන් සමරකෝන්ගේ ශරීරය පරික්ෂා කර ,කට අරින්නැයි නියෝග කළ බවත් මුලදී ඊට විරුද්ධ වුවත් පසුව දිගින් දිගටම පොලිස් නිලධාරීන් කළ බලපෑම් හමුවේ කටහැර පෙන්වන්නට ඔහුට සිදු වු බව සමරකෝන් එම පැමිනිල්ලේ සදහන් කෙරේ.
මාධ්‍යවේදී සමරකොන් පදිංචිව සිටින්නේ කල්දෙමුල්ල පාර ගල්කිස්ස මහල් නිවාස ,රත්මලාන යන ලිපිනයේ වන අතර පසුව ඔහු ජිවත් වන එම නිවස පොලිස් නිලධාරින්ට සහාය දිමක් වශයෙන් පෙන්වා තිබිණ. ඔහුව පරික්ෂා කරද්දී , සමරකෝන් සන්තකයේ තිබි නීති විරෝධී කිසිවක් හමු වුයේ නැති බවත් එම පැමිනිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.
ජවිපෙ/ජාජබ ආණ්ඩුව මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර මුවාවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ආණ්ඩුව සිදු කරන සමාජ සුභ සාධන කප්පාදු වැඩ පිළිවෙලට එරෙහිව කම්කරු -පීඩිත මහජනයා 2022 මෙන් නැවත නැගී සිටිතැයි බියෙන් වෙව්ලන ආණ්ඩුව මහජනයා මත භිෂණය පවත්වා ගැනීමට ගත් පියවරක් ලෙස මාධ්‍යවෙදී සමරකෝන් බලහත්කාරයෙන් පරික්ෂා කිරීම තේරුම් ගත හැකිය.
ආණ්ඩුව මේ ගමන් කරමින් සිටින්නේ පොලිස් මිලිටරි ආඥාදයකත්වයක් කරාය. පාලන බලය නැවත දෙන්නෙ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිට ආණ්ඩුවේ නියෝජිතයෝ පවසති. ඔවුන්ට දැනට ලැබි ඇත්තේ රජය බලය ඉදිරියෙදී ඔවුන් රාජය බලය ලබා ගන්නා බවත් පවසති.මෙය බියකරු මෙන්ම ප්රජාතන්ත්රවිරෝධී ප්‍රකාශයකි.
මහ පාරේ දුගී දුප්පත් තරුණයන්ගේ රෙදි ගැලවීම මහජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වලට එල්ල කළ මරු පහරකි. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වි ඇත්තේ සහ හිර ගෙවල් වල ගාල් කර ඇති බහුතරය අන්ත ද්රරිධතාවයෙන් පෙළෙන පවුල් වල දරුවෝ වෙති. මේ දරුවන්ගේ ජිවිත බන්ධනාගාරයේ වෙසෙන බල්ලෝ ,පුසෝසා සහ මියන්ගේ ජිවිත වලටත් වඩා අවධානම්ය. පසු දින බන්ධනාගාර නිලධාරීහු පහර දී රැදවියෙකු සහ සිරුවෙකු මරා දැමුහ.
2012 නොවැම්බර් වැලිකඩ බන්ධනාගාරයේ 27 දෙනෙකු සමුලඝාතනය කළහ. අත්අඩංගුවට ගත් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළේය. එම රැදවියන් සහ සිරකරුවන් (27)විසිහත් දෙනා ඝාතනය කළ කෙනෙක් නැත.ඝාතනය වී ඇත්තේ ඔවුන් විසින්මය. මහර බන්ධනාගාරයේ රැදවියන් 13 දෙනෙකු ඝාතනය කළහ. අධිකරණය ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ ද නීතිපති විසින් එම නඩුව වසා තබන ලදී. නමුත් නීතිය ඉදිරියේ සියලුම දෙනා සමානයෝ වෙති.
මාධ්‍යවේදී සමරකෝන්ගේ සිද්ධිය අහම්බයක් නොව ඉදිරියට සිදු වීමට නියමිත බියකරු අනිවාර්යකි. ගල්කිස්ස ,රත්මලාන, මොරටුව සහ කැස්බෑව ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන්නේ ඇල්ටෝ ධර්මේ හෙවත් දම්පේ පැටියා. පැටියාගේ පඩි ලබන ගල්කිස්ස පොලිසියේ නිලධාරීන්හු සිටිති. පැමිනිලි කිරීම සදහා ගල්කිස්ස පොලිසියට යන පීඩිතයන්ට පොලිසියට එන්න අවශ්‍ය නැහැ. ධර්මේ අයියාට කියන්න යැයි පොලිසි නිලධාරීන්ම පවසන බව ගල්කිස්ස වෙඩි කන්දේ තරුණයෙකු අප කළ සොයා බැලීමකදී පැවසිය.
පැටියාලේ ජාවාරමට රුකුල් දෙන පොලිසිය දිනකට ගල්කිස්ස පොලිසිය අධිකරණයට දිනකට නඩු 200 ක් දිය යුතු වන අතර ඒ සදහා පාරේ යන තරුණයන් පරික්ෂා කර ,අතින් මත්ද්‍රව්‍ය දමා බන්ධනාගාර පුරවයි. පොලිසිය මාධ්‍යවේදී සමරකෝන් පරික්ෂා කරන්නේ ඒ අරමුණින්ය. නමුත් සමරකෝන් සමාන්‍ය පුද්ගලයෙකු නොවන නිසා වැඩේ වැරැදි ගියේය. අද සමරකෝන් හෙට ඔබ සහ මම විය හැකිය.
ජවිපෙ/ ජාජබ ආණ්ඩුවේ සහ පැවති අනුප්‍රාප්තික ආණ්ඩු වල පිළිවෙත් වල වෙනසක් නැත. ඊනියා . යුක්තිය මෙහෙයුම නමින් මහජනයා මත මුදා හල භිෂණය ඊටත් වඩා රුදුරු අන්දමින් අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටි. ඊට එරෙහිව තනි තනිව සටන් කළ නොහැකි අතර සංවිධානය විම හැර වෙනත් මාවතක් නැත.
මාධ්‍යවේදි සමරකෝන් පොලිස් මුලස්ථානයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලj වලට බාර දෙන ලද පැමිනිල්ල පහතින් පල වේ.
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ල
පැමිණිලිකරුගේ තොරතුරු:
සම්පූර්ණ නම: මංජුල සම්පත් ඥාණසිරි බණ්ඩාර සමරකෝන්
ජාතික හැදුනුම්පත් අංකය: 197515200824
ලිපිනය: අංක H/1/4, කල්දෙමුල්ල පාර, ගල්කිස්ස මහල් නිවාස, රත්මලාන.
වෘත්තිය: මාධ්‍යවේදී / පර්යේෂක
දුරකතන අංකය: 0777248304
Email: sampathslk@gmail.com
____________________
ප්‍රතිචාර දැක්විය යුතු පාර්ශවයන්:
- පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
- ස්ථානාධිපති, ගල්කිස්ස පොලිස් ස්ථානය.
- සිද්ධියට අදාළ අංක ABV 2568 දරණ පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි පොලිස් නිලධාරීන්.
__________________
පොලිස් නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස ‘පෞද්ගලිකත්වයට ඇති අයිතිය’ උල්ලංඝනය කිරීම සහ අගෞරවනීය ලෙස සෝදිසි කිරීම් සිදුකිරීම පිළිබඳ පැමිණිල්ල.
ගරු පොලිස්පති තුමනි
2026 මැයි මස 09 වන දින රත්මලාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මාගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමි.
1. සිද්ධියේ විස්තරය:
එදින (2026 මැයි මස 09 දින – ප.ව 02.45 – ප.ව.03.15 අතර) මා හට නිවසේ කටයුත්තක් සඳහා ත්‍රිරෝද රථයක් අවශ්‍යව තිබූ බැවින්, මා පදිංචි නිවසේ සිට මීටර 150ක් පමණ දුරින් පිහිටි රත්මලාන දුම්රියපොළ පාරේ, ‘දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය’ ඉදිරිපිට මහමාර්ගයේ රැඳී සිටියෙමි. ඒ අවස්ථාවේදී අංක ABV 2568 දරණ ත්‍රිරෝද රථය මා අසල නතර කළ අතර, එහි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු සිටියහ.
2. අනන්‍යතාවය තහවුරු කිරීම:
ඔවුන් මාගෙන් “මොකද මෙතන කරන්නේ?” යැයි ප්‍රශ්න කළ අතර, ඔවුන් කවුරුන්දැයි මා විමසූ විට ඔවුන් පොලීසියෙන් බව පැවසූහ. ඔවුන්ගේ හැඳුනුම්පත් මා පරීක්ෂා කිරීමෙන් අනතුරුව, මාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මාගේ ජාතික හැඳුනුම්පත ඔවුන් වෙත ඉදිරිපත් කළෙමි. මා එහි රැඳී සිටින්නේ ත්‍රිරෝද රථයක් පැමිණෙන තෙක් බවද ඔවුන්ට පැහැදිලි කළෙමි.
3. සෝදිසි කිරීම සහ බලහත්කාරී නියෝග:
ඉන් අනතුරුව මා සෝදිසි කළ යුතු බව ඔවුන් පැවසූ අතර, ඊට එකඟතාවය පළ කරමින්, නීතියට ගරු කරන පුරවැසියෙක් ලෙස මාගේ තොප්පිය සහ සාක්කු ඇතුළු සියළු දෑ පරීක්ෂා කිරීමට ඉඩ ලබා දුන්නෙමි. එහිදී කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් හෝ සැකකටයුතු කිසිදු දෙයක් මා සන්තකයේ තිබී ඔවුන්ට හමු නොවීය.
කෙසේ වුවද, ඉන් නොනැවතුණු එක් නිලධාරියෙක් “කට අරින්න” යැයි මට අණ කළේය. පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට එවැනි ක්‍රියාවක් කිරීමට මා නීත්‍යානුකූලව බැඳී නැති බවත්, යම් හෙයකින් ‘සාධාරණ සැකයක්’ පවතී නම් එවැනි ශාරීරික පරීක්ෂාවක් කළ හැක්කේ නීතිය පිළිගත් වෛද්‍යවරයෙකුට පමණක් බවත් මම පෙන්වා දුන්නෙමි. මාගේ ‘කට’ පරීක්ෂා කිරීමට පොලිස් නිළදාරියෙක්ට කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැතිබවත් එය නීතියටත් පටහැනි බවත් මා පෙන්වා දුන්නෙමි. කෙසේ නමුත් ඔවුන්ගේ දැඩි බලකිරීම මත මට මගේ කට විවෘත කර පොලිස් නිළධාරීන්ට පෙන්වීමට සිදුවිය.
4. අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ නීතිමය පදනම:
මා වෙත එල්ල කරන ලද මෙම බලපෑම පහත සඳහන් මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක් ලෙස මම පෙන්වා දෙමි:
අගෞරවනීය සැලකිල්ලෙන් නිදහස (11 වන වගන්තිය): ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය ප්‍රකාරව, කිසිදු තැනැත්තෙකු වධහිංසාවලට හෝ අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට භාජනය නොකළ යුතුය. මහජනතාව ගැවසෙන පොදු ස්ථානයකදී, සාධාරණ සැකයකින් තොරව මගේ ‘කට’ පරීක්ෂා කිරීම මාගේ මානුෂීය ගරුත්වයට බරපතල ලෙස හානි කරන්නකි. මෙය පුරවැසියෙකු අගෞරවයට සහ අවමන් සහගත සැලකිල්ලට ලක් කිරීමක් ලෙස මම සලකමි.
නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය (14(1)(ඌ) වගන්තිය): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) වගන්තිය මගින් සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාව තුළ නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය තහවුරු කර ඇත. නීත්‍යානුකූල හේතුවක් හෝ වරෙන්තුවක් නොමැතිව, මහා මාර්ගයේ රැඳී සිටි මා නතර කර ප්‍රශ්න කරමින්, පෞද්ගලිකත්වය පරීක්ෂා කරමින් සිදුකළ මෙම බාධා කිරීම මාගේ නිදහස් සංචරණයට සිදුකළ අයුතු බලපෑමකි.
පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy): ‘පෞද්ගලිකත්වයට ඇති අයිතිය’ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සෘජුවම ලේඛනගත කර නොමැති වුවද, එය මූලික අයිතිවාසිකම්වල අනිවාර්ය අංගයක් බවත්, පුරවැසියෙකුගේ ගරුත්වයේ කොටසක් බවත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවිධ නඩු තීන්දුවලදී පිළිගෙන ඇත. ‘කට පරීක්ෂා කිරීමට’ කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති පොලිස් නිලධාරීන් විසින්, බලකරමින් මගේ ශාරීරික අවයව (කට) පරීක්ෂා කිරීම, මෙම පෞද්ගලිකත්වයේ සීමාවන් අත්තනෝමතික ලෙස ඉක්මවා යාමකි.
තදුරටත්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සහ මානුෂීය ගරුත්වය මෙම අත්තනෝමතික සහ අනීතික නියෝගය හරහා උල්ලංඝනය කර ඇත. එසේම සෝදිසි කිරීමේදී කිසිදු සැකකටයුතු හෝ නීති විරෝධි කිසිදු දෙයක් හමු නොවී තිබියදී, “කට අරින්න” වැනි නියෝග නිකුත් කරමින්, මගේ ශරීර අවයව(කට) පරීක්ෂා කිරීම හරහා මානසික පීඩනයක් ඇති කිරීමටත්, මාගේ මානව හිමිකම් කෙළෙසීමටත් එම නිලධාරීන් කටයුතු කර ඇත.
පසුව එම නිලධාරීන්ගේ ඉල්ලීම මත මා පදිංචි නිවස ඔවුන්ට පෙන්වීමට ද මම කටයුතු කළෙමි.
5. මා විසින් කරනු ලබන ඉල්ලීම්:
I. මෙම සිද්ධියට අදාළ අංක ABV 2568 දරණ ත්‍රිරෝද රථයේ පැමිණි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්,
II. “කට අරින්න” යැයි කියමින් කට පරීක්ෂා කිරීම පුරවැසියන්ගේ මානව හිමිකම් සහ පුද්ගලිකත්වය ට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට පොලිස් නිලධාරීන්ට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවට අවශ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙසත්,
III. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව හි අදාළ පොලිස් නිළධාරීන් වගකිව යුතු බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමි.
එසේම මෙම අත්තනෝමතික ක්‍රියාව සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.
මෙයට විශ්වාසී,
………………………………………………..
(මංජුල සම්පත් ඥාණසිරි බණ්ඩාර සමරකෝන්)
දිනය: 2026/05/13