ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට

0
DSC_5945

දරුවන් අපේ නිහඩතාවය බිදීමු ! අපයෝජනයට එරෙහි වෙමු යනුවෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද (19) සවස 3 ට කොළඹ අලුත් කඩේ නීතිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණ.

මෙම විරෝධතා උද්ඝෝෂණය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි.

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට සහ ආණ්ඩුව අටමස්ථානිධිපතිගේ එම සිද්ධිය සංවේදි කරුණක් යැයි කියා සැකකරුව ආරක්ෂා කිරීමට ගත් වෑයම හෙළා දකිමින් එම උද්ඝෝෂණය පවත්වන ලදී.

අධිකරණ පරිශ්‍රයට අයත් භුමිය තුළ සටන් පාඨ හඩ නගා ප්‍රකාශ කිරීම තුළ ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් ,එසේ නොකරන්නැයි පොලිසිය උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ප්‍රශ්නයක් පැනනැගුන හොත් එහි වගකිම විරෝධතාකරුවන් විසින් බාර ගන්නා බව පොලිසියට දැන් වුහ.

දෙසීයකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් එම විරෝධතා උද්ඝෝෂණය සදහා සහභාගි වී සිටි අතර සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් නීතිපති දෙපාර්මේන්තුවේ කාර්යාලයට පිවිසෙන ගේට්ටු්ටු ඉදිරිපිට විරෝධතාවේ නිරත වුහ.

ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට
ළමා අපයෝජකයන් රකින ආණ්ඩුවට සහ නීතිපතිට එරෙහිව මහජනයා පාරට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *