සංහරකයින්ට එරෙහිව සංහාරය වුවන් සමරති

0
IMG_2505

රජයේ හමුදා විසින් 2009 මැයි 18 වනදා වෙල්ලමුල්ලිවයික්කාල් වල දී සිදු කරන ලද ජන සංහාරය එරෙහිව ඝාතනය කරන ලද සහ පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද අයවලුන්ගේ ඥාතිහු පෙරේදා (18) එම පිරිස් සිහිපත් කර එම ස්ථානයේ සැමරුම් උත්සවයක් පැවැත්වුහ.

සංහරකයින්ට එරෙහිව සංහාරය වුවන් සමරති

ජායා රූපය අන්තර් ජාලයෙන්

එම උත්සව පැවති අනුප්‍රාප්තික ආණ්ඩුව වල මර්දනය හමුවේ අවුරුදු 17 ක් අඛන්ඩව පවත්වා ඇති අතර එම සැමරුම් උත්සවය මහා විරු දිනය ලෙස නම් කර තිබේ.

1982 නොවැම්බර් 27 වන දින රජයේ හමුදා මරා දමන ලද ‘ලුතිනන් ශංකර්’ නැමැති එල්.ටී.ටී.ඊ. සමාජිකයා සිහිපත් කිරීම වෙනුවෙන් 1989 වසරේ එම දිනය මහා විරු දිනය නමින් ප්‍රකාශයට පත් කෙරිණ.

රජයේ මැර හමුදා ඝාතනය කරන ලද සහ අතුරුදන් කරන ලද පිරිස් වල ඥාතිහු විශාල පිරිසක් මෙවර මහා විරු දිනය සැමරීම සදහා වෙල්ලමුල්ලවයික්කාල් වල පැමින සිටියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල් .ටි.ටි.ඊ. සංවිධානයේ යුද ශක්තිය සහ බලය හමුවේ විපිලිසරව වී සිටියදී, එල් ටි.ටි.ඊ. එක සමග යුද වදින් ආයුධ නැතැයි කියා රාජපක්ෂ පසු බසිද්දී, තියෙන ලබ්බෙන් ගහන්නැයි ඔහුව යුද්ධයට තල්ලු කළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ විසිනි.

ජවිපෙ රාජපක්ෂට පරයා යමින් කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රිකයම සිටි දෙමළ තරුණ ,තරුණියන් අල්ලා වධකාගාර වලට භාර දෙන ලදී.

ඊට අමතරව ජවිපෙ හිටපු නායකුගේ මුලිකත්වයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ අනුදැනුම ඇතිව එල්.ටි.ටි.ඊ. සමාජිකයන් දඩයම් කරන සුප්‍රසිද්ධ මරදානේ ටීපෝලි වධක කදවුරට අනුයුක්තව කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *