මානවහිතවාදය සහ ඊනියා වමේ ප්‍රෝඩාව හෙළිකරන ත්‍රස්ත පනත!
ශාන්ත විජේසුරිය විසිනි
ජවිපෙ /ජාජබ ආණ්ඩුව රජයේ බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේව පාස්කු සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. එම පනත අහෝසී කරන්නැයි ඉල්ලා සිටින ව්‍යාජ වම්මු ,රාජ්‍ය නොවන සංවිධාන සහ ඊනියා මානව හිතවාදීන් සලේ මෙන්ම සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව දක්වන පක්ෂපාතිභාවය, ඔවුන්ගේ මධ්‍යම පාන්තික දෙබිඩිබව හෙළිදරව් කරති.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සලේට මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන පිල්ලෙයාන්ට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම දමිළ ජනයාට එරෙහිව ගෙන ගිය ජන සංහාරක යුද්ධයට ආදාළව බරපතළ චෝදනා එල්ල වි ඇත. ඔවුන්ට එරෙහිව ඉල්ල වී ඇති එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර , අවශ්‍ය නම් නිත්‍යානුකුල පියවර ගත හැකිය. නමුත් ආණ්ඩුව අත්තනෝමතිකව රාජපක්ෂලාට එරෙහිව නඩුවක් ගොනු කිරීමේ අරමුණින් සලේ සහ පිල්ලෙයාන්ව රදවාගෙන සිටිනවාටත් වඩා PSTA පනත යුක්ති සහගත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ ඔවුන්ව බිලි දී තිබේ.

හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ

සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්
එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගිවීම සදහා රජයේ මුදල් අවභාවිතා කළා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගෙන දින දාහතරක් (14) රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ආණ්ඩුව වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නේ තැපැල් සේවකයෝ දිප ව්‍යාප්තව වැඩ වැරූමක නිතරව සිටි සහ රට තුළ අඩංගුවට එරෙහිව සටන් රැල්ලක් මෝදු වෙමින් පැවති අවස්ථාවකය. වික්‍රමසිංහ මුදල් අවභාවිතා කළා යන සිද්ධිය පාදක කර ගෙන ආණ්ඩුව රනිල් වැන්නෙකු අත්අඩංගුවට ගන්නේ කම්කරු -පීඩිත මහජනයා බිය ගැන‍්වීමටය. “රනිල් කියන්නේ නයෙක් ඔහුව අතහැරීම භායනකයි” රනිල්ට දඩුවම් කරන්නැයි ව්‍යාජ වම්මු ධනපති ජාජබ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ පනත සංශෝධනය කරන මුවාවෙන් ඊටත් වඩා භායනක නීති ඇතුළත් කර රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම නමින් පනත ගෙන එමට ජවිපෙ/ජාජබ ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටි. යහපාලන ආණ්ඩු සමයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශේධනය කරන මුවවෙන් ප්‍රති ත්‍රස්ත පනත නමින් පනතක් සම්මත කර ගැනීමට ප්‍රයත්න දැරීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සිට අනුර කුමාර දක්වා බලයට පැමිනි විගස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසී බවට පොරෝන්දු දී මහජනයා නොමග යැවුහ.
හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් ජවිපෙ සමාජිකයින් ඇතුළු හැටදාසක පමන තරුණ තරුණියන් පිරිසක් පැහැර ගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කර මරා දමන ලදී.තවත් පිරිසක අතුරුදන් කර විය. ධනපති රජය යටතේ එවැනි සංහාරයකට මුහුණ දුන් ජවිපෙ වර්තමානයේ රාජය බලය හොබවමින් ධනපති රජය ත්‍රස්වාදයෙන් බේරා ගැනීම නමින් පනතක් ගෙන එමට සැරසෙයි. කැස්ත්‍රොස්වාද , මාඔිවාදය සහ ස්ටාලින්වාදය නැමති අච්චාරුවක් මත පදනම්ව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් ලෙස කරළියට පැමිනෙන ජවිපෙ ධනපති ක්‍රමයේ අනිවාර්ය ලක්ෂණයක් වන අසමානතාවය විරැකියාව සහ දුප්පකම නිසා කලකිරුණු සහ කොපාවිෂ්ට වු තරුණ ,තරුණියන් සමාජවාදී මාවත තෝරා ගැනීම හතුරු ලෙස වළකමින්, රතු රේදි තවරා ගෙන තරුණ තරුණියන් ධනපති දන්ගෙඩිය දක්වමින් සිදු කළේ ද වර්මානයේ රාජය බලය හොබවමින් ජවිපෙ සිදු කරන්නේ ද ධනපති රාජය ආරක්ෂා කිරීමය. ධනපති රාජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම වැනි වදන් ගලා එන්නේ අහම්බෙන් නොව ජවිපෙ පන්ති ස්වභාවයෙනි.
පැවති අනුප්‍රාප්තික ආණ්ඩු පරයා යමින් ජවිපෙ/ ජාජබ ආණ්ඩුව පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගෙන තිබේ. සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළ වෙඩි තබා ඝාතනය කළ සසිදු දිල්ෂාන් පියුමංග කදනාරච්චි නැමති සැකකරු අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින්නේ ද ත්‍රස්තවාදී පනත යටතේය. ත්‍රස්තවාදී නොවන ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් එම පනත යටතේ අත්ඩංගුවට ගත් පලමු පුද්ගලයා මොහුය. එම සැකකරු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි ලියුම්කරු පොලිස්පති , ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් කැදවා ජන මාධ්‍ය අමාත්‍යශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී ප්‍රශ්න කළ විට ඔවුන්ට එම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දී ගත නොහැකිව ගොළු වුහ.
ආණ්ඩුව පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි කියා විදේශ රට වලට සිට මෙරටට රැගෙන සැකකරුවන් රදවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේය. පාතාල මර්දනයට සමාජයෙන් ලැබෙන අවසරයෙන් ආණ්ඩුව තමන්ගේ විරුද්ධවාදීන්ට,මාධ්‍යවේදින්ට සහ සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) දිගේලි කරනු ඇත.
පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි කී සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍යවරයා එම ක්‍රියාකාරකම් මැඩ පැවැත්විමට එම පනත යොදා ගැනීම මගින් අනතුරු අග වන්නේ කම්කරු -පීඩිත මහජනයාටය.
ගෝඨාභය රාපක්ෂ රටින් පැන ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වු පසු ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කෙරිණ. පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ , කැලණි විශ්ව විද්‍යාලයේ හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමි යන අයවලුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියේ
හෂාන් ජිවන්තව සහ පුජ්‍ය ගල්වල සිරිධම්මව දින අනුවකට (90) පසුව ඇප මත මුදා හැරීන ලදී. කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ප්‍රසන්න අල්විස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ආදාළව මුදලිගේ සිදු කර නැතැයි දින එකසිය හැටකට (160) පසු ඔහුව නිදොස් කොට නිදහස් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන්ම තමාගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි මුදලිගේ ශ්‍රේඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී. එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ත්‍රස්තවාදී පනතෙන් ඔහූගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණ වී ඇතැයි තීන්දුවක් ප්‍රකාශයට පත් කළහ.
මුදලිගේ සම්බන්ධයෙන් ධනපති ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවෙන් පවා ගම්‍ය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් මහජනයාගේ භාෂණයේ ප්‍රකාශනයේ , විරෝධතා දැක්වීමේ සහ නිදහසේ ජිවත් වීමේ අයිතිය ධනපති පාලකයන් විසින් බරපතළ ලෙස අහිමි කර ඇති බව ධනපති අධිකරණය පවා පිළි ගෙන තිබේ. අධිකරණය එය අනුමත නොකළත් ධනපති රාජයට එහි ඇති අනතුර අවබෝධ කර ගත් අධිකරණය මුදලිගේ මුදා හැරීමට නියෝග කෙරීණ.
පාස්කු ප්‍රහාරයකයින් සමග සම්බන්ධතා පැවැත් වුවා යැයි නීතිඥ හජිස් හිස්බුල්ලා 2020 අප්‍රේල් 14වන දින අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. අභියාචනාධිකරණ නියෝගයක් මත 2022 පෙබරවාරි නීතිඥ හිස්බුල්ලා ඇප මත මුදා හරින ලදී. ඔහුව අවුරුදු තුනකට ආසන්න කාලයක් රදවා තබා ගෙන සිට ඇත. පසුව හිස්බුල්ලාව නිදොස් කොට නිදහස් කෙරිණ.
අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් 2024 සැප්තැම්බර් 21 දින සිට මේ දක්වා විසි දෙනෙකු (20) පමන පිරිසක් සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ලේ මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් සහ රෂීස් මොහොමඩ් ද එම පිරිසට අයත් වේ.

මොහොමඩ් සුහායිල්
මොහොමඩ් සුහායිල් 2025 සැප්තැම්බර් 23 වැනිදා දෙහිවල අල්විස් ප්‍රදේශයේ ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාලය අසල දී පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු සන්තකයේ හැදුනුම්පතක් නැතැයි දෙහිවල පොලිසිය 2025 සැප්තැම්බර් 24 වන දින සුහායිල්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ හැදුනුම්පතක් නොමැති නිසා ළමයිව අත්අඩංගුවට ගෙන හිරිහැර කරන්න එපා යැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියට අවවාද කර ඔහු නිදොස් කොට නිදහස් කළාය. මහේස්ත්‍රාත්වරියගේ අවවාදයට කිපුනු දෙහිවල පොලිසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් එදිනම රාත්‍රියේ ( සැප්ගැම්බර් 24) සුහායිල්ගේ මාවනැල්ල නිවසට ඔහුගේ දෙමව්පියන්ගේ විරෝධය මැද සුහායිල්ව රැගෙවිත් ඉන්ස්ටර් ග්‍රෑම් හරහා ඊශ්‍රායල් කොඩියක් පාගාගෙන සිටින කොඩියක් හුවමාරු කළ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලදී. මාස නමයකට පසු ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධමය වරදක් කර නොමැති නිසා ඔහුට ඇප ලබා දෙන්නැයි දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. පසුව නීතිපතිගේ උපදෙස් අනුව සුහායිල් ඇප මත මුදා හරින ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය සුහයිල් නිදොස් කොට නිදහස් කළ අතර ඔහුලේ මුලික අයිතිවාසිකම් කඩ කළ දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට රුපියල් ලක්ෂ විස්සක් මුදලක් සුහායිල් හට ගෙවන ලෙසට එම අධිකරණය නියෝග කළේය.
සුහායිල් ,මුදලිගේ සහ නීතිඥ හිස්බුල්ලා යන අයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලද්දේ, ඔවුන් එම පනත යටතේ අපරාධමය වරදක් කළ නිසා නොව , පුද්ගලිකව මෙන්ම දේශපාලන වශයෙන් පලි ගැනීමටය. එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලකයන් සහ ඉහල පොලිස් නිලධාරීන් තම විරුද්ධවාදීන් මර්දනය කිරීමට, බිය වැද්දීමට සහ තලාපෙලීමට යොදා ගත්හ.
ධනපති ආණ්ඩු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති (අයි.සී.සී. පී.ආර්.) පනත යොදා ගෙන රම්සි රාසීක් , අහ්නෆ් ජසීම් ,සත්තක සත් කුමාර ,ෆාතිමා සහ නතාෂා එදිරිසුරිය යන කලාකරුවන් දඩයම් කළේය.මෙසේ දඩයම් කළ සියලු දේ එම පනත යටතේ වරදක් කර නැතැයි අධිකරණය නිදොස් කොට නිදහස් කෙරිණ. ධනපති ක්‍රම තුළ අසමානතාවය තුළ පැනනගින ජාතීන් අතර කා කොටා ගැනීම් සහ අවිස්වාසය පනත් මගින් විසදිය නොහැකි අතර පනත් මගින් සිදු කරන්නේ පීඩිතයා මර්දනය කිරීමකි. අවසාන අර්ථයෙ මෙම පනත් ගෙන එන්නේ ධනපති ක්‍රමයට එරෙහිව කතා කරන ,ලියන සහ සටන් වදින පිරිස් දඩුකදේ ගැසීමටය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත , එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද පනත ,මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබද පනත ඇතුළු කම්කරු -පීඩිත මහජනයාට එරෙහිව පිහිටුවා ඇති සියලුම අණ පනත් වලට එරෙහිව සටන් වැදීම හැර ධනපති ක්‍රමය තුළ විසදුමක් නැත.

නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව කො.ක්‍රි.ක. කොටුව අධිකරණය ඉදිරිපිටට
ත්‍රස්තවාදී පනත ඇතුළු කම්කරු- පීඩිත මහජනයාට විනකටින සියලුම පනත් අහෝසී කරන බවට පොරෝන්දු දී බලයට පැමිනි ජවිපෙ/ජාජබ ආණ්ඩුව පැවති මර්දන පනත් මුවහත් කරමින් ගමන් කරන්නේ පොලිස් රාජයක් දිසාවටය.
ජනතාවට පෙර පරිදි ජිවත් වීමට නොහැකි වන විට පාලකයින්ට ද ජනතාව පෙර පරිදි පාලනය කිරීමට නොහැකි වෙයි.ඒ විට පාලකයින් මුලින් කරන්නේ මර්දන නීති මගින් පාලනය කිරීමට උත්සහ දරණ අතර එසේ නොහැකි වන විට පොලිසිය සහ හමුදාව යොදා ඔවුන් වනසා දැමීමට කටයුතු කරති.ධනපති ක්‍රමය තුළ වර්ධනය වන අසමාන සංවර්ධනය විසින් දිගින් දිගටම කැරැළිකාරීත්වයන් නිර්මානය වනු ඇත. ධනවාදයට තමන්ගේ හමෙන් එළියට පැමිනිය ද එම අර්බුදය විසදා ගත නොහැකිය. ඊට ඇති එකම විකල්පය සමාජවාදය සදහා සටන් වැදීම පමණි.
කම්කරු -පීඩිත මහජනයා මර්දනය කරන සියලුම අණ පනත් වහා අහෝසී කරනු!