මැගසින් බන්ධනාගාර නිලධාරීන් අස්මාන් ෂෙරීෆ්ඩීන් පහර දී මරා දමන්නේ බඩෝවිට අසංකගේ කොන්ත්‍රාත්තුවකට බව -අස්මාන්ගේ ඥාතීහු පවසති !
ශාන්ත විජේසුරිය විසිනි.
මැගසින් බන්ධනාගාරයේ හදිසි ක්‍රියාකාරී ඒකකය (Emergency Response Unit) හෙවත් බන්ධ පොලිස් නිලධාරීන් එහි රඳවා සිටි මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන්ට කම්බි කූරු වලින් ඇණ සහ පොලු වලින් පහර දී කෲරු ලෙස ඝාතනය කර ඇත්තේ දෙහිවල බටෝවිට අසංකගේ කොන්ත්‍රාත්තුවකට බව අස්මාන්ගේ ඥාති සහෝදරයා පවසයි.
අස්මාන්ව බන්ධනාගාර ගතව සිට ඇත්තේ ගල්කිස්ස වටරප්පල පාරේ සහ සීදුව සිව් පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි. ඔහුව ගනේමුල්ල සංජිව ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ද මුල දී අත්අඩගුවට ගැනීමට පොලිසිය ඔහු පසු පස හඹා ගියේය.
ටෙනිස් බෝලයක් සම්බන්ධ සිද්ධියක් මුල් කර ගෙන අගෝස්තු (06) වැනිදා රාත්‍රි 10 .20ට පමන නිලධාරීන් සහ රැදවියන් අතර ගැටුම හට ගෙන ඇති බවත් පසු නිලධාරීන් යකඩ කූරු සහ පොලු වලින් සන්නද්ධව පැමින සෙල් එකට කඩා වැදී අස්මාන්ව සහ සම්පත්ව ඊ සෙල් එකෙන් ඇඳ අරගෙන එම සෙල් එක ඉදිරිපිට බිම දාගෙන පහර දී ඇත. බන්ධනාගාර නිලධාරීන් අස්මාන්ට දණ ගසන්නැයි නියෝග කර ඇති බවත් තමන් දණ ගසන ඇයි දැයි ඔහු බන්ධනාගාර නිලධාරීන් පෙරළා විමසා ඇත. එත් සමඟ නිලධාරීන් යකඩ කූරු වලින් අස්මාන්ගේ දණහිස් වලට ඇණ පහර දී හිසට ජින්බල් එකකින් පහර දුන් බව රැඳවියෝ පවසති.

පිටතින් දමන ලද ටෙනිස් බෝලයක් අගෝස්තු 06 වනදා ඊ සෙල් එක ඉදිරිපිට විවෘත භුමියේ රාජකාරීයේ නිරතව සිටි නිලධාරීයා එම බෝලය අහුලා ගෙන යෑමට එරෙහිව රැඳවියන් සෙල් කඩා ගෙන එළිය පැන ඇත. ඉන් ටික වෙලාවකට පසු නිලධාරීන් රෝත්තක් කඩකූරු,මන්නා සහ පොලු රැගෙන පැමින සම්පත්ව රැගෙන ගොස් අති අතර පසු අස්මාන්ව එළියට ගන්නයි නිලධාරීන් පිරිසක් තවත් නිලධාරීන් පිරිසකට කෑ ගසා කියා ඇත. ඒ අවස්ථාව වන විට අස්මාන් සෙල් එක මහත්වරුන්ට අරින්න බැරි වන විවිධියට දොර බේස්සීට් එකකින් ඔතා අල්ලා ගෙන සිට බව රැඳවියෙකු පවසයි. සෙල් දොර කඩාගෙන එළියට ගියේ සම්පත් නමුත් නිලධාරීන් ඇවිල්ලා ඇහුවේ සහ ගහලා මැරුවේ අස්මාන්වයි. සියලුම දෙනාගෙන් ඔහු පමනක් ඝාතනය කිරීම උඩ බරපතළ සැකයක් පවතින බව ඥාතිහු තදින් අවධාරනය කරති.
නිලධාරීන් රැඳවියන්ට පහරදීම සඳහා පැමින ඇත්තේ බිමත්ව යකඩ කූරු ,පොලු සහ මාන්නා රැගෙන බවත් මන්නයෙන් පහරදීම නිසා කකුල් කැපුනු රැදවියෙකු එම තුවාල පෙන්වන විඩියෝවක් ලියුම්කරුට දැක ගන්නට ලැබුණි. එය ප්‍රසිද්ධ කළ නොහැක්කේ එම විඩියෝව නඩු භාණ්ඩයක් වන බැවිනි.
අස්මාන් සහ සම්පත් අයියාවයි මහත්තරු එළියට අරගෙන ගියා . යකඩ පොලු වලින් ගහනවා මොනවා හරි කරලා බේර ගන්නැයි දුරකතනයෙන් එළියේ පුද්ගලයෙකුට කියන හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලාව තුළ සැරිසරයි.
ගොදුරක් ඩැහැ ගත් වනචාරි රැළක් මෙන් නිලධාරීන් අස්මාන්ට යකඩ කූරු වලින් සහ පොලු වලින් පහර දී බාගෙට මරා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ රාත්‍රි 12 ටය. පසුදා එනම් අගෝස්තු 07 වනදා 06 වෙන කම් ඔහුට පණ තිබු බව අස්මාන්ගේ වැඩි මහල් සහෝදරීයට දැනගන්න ලැබුනු බව ඇය යුටියුබ් නාලිකාව් සමඟ පවසා තිබුණාය. පහරදීම සිදු වුයේ රාත්‍රි 10.20 ට වන අතර රාත්‍රි 12 වන තෙක් අස්මාන්ව බන්ධනාගාර රෝහලට රැගෙන නොගොස් මරෙන්නට ඉඩ හැර ඇත . අමානුෂික පහරදීමකට ගොදුරු වී සිටි ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු පියවර නොගත්තේ මැර නිලධාරීන්ගේ බලපෑම මත යන්න බරපතළ සැකයක් පවති.
අස්මාන්ගේ මෘත ශරීරයේ තැලිම් කෑලලී සහ තුවාල 58 ක් තිබු බවත් මනුෂයෙකුට මේ තරම් දරුනු විධියට පහර දෙන්නේ කෙසේ දැයි ඔහුට හිතාගත නොහැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරීයා දැසේ කඳුළු පුරවාගෙන තමා සමඟ පැවසු බව ඔහුගේ වැඩි මහල් සහෝදරිය අප සමඟ කීවාය.
“ඔහුගේ මුළු පිටම කළු වෙලා, දත් සියල්ලම කඩා දමලා , මුහුණට පහරදීම නිසා නහය ඇද වෙලා සහ ඇසක් සම්පුර්ණයෙන් කළු වී තිබු අතර අතපය කඩා දැමීම නිසා අතපය නයයෙකුගේ හැඩයක් ගෙන තිබු අයුරු මෘත ශරීරාගාරයේදී තමන් දුටු බව” අස්මාන්ගේ ඥාතී සහෝදරයා ලංකා ස්කයි නිව්ස් සමඟ පැවසීය.
“අස්මාන් කියන්නේ මගේ මාමාගේ පුතා ,අපි දෙන්නා කුඩා කාලයේ ඉඳලා හැදුනේ එකට ,සිද්ධිය වුණු දවසේ (06)රාත්‍රි 8 ට විතර මට දුරකතනයෙන් කතා කළා. ඇප තියලා එළියට බැස්සාට පස්සේ නුගේගොඩ පාගොඩ පාරේ යුනිට් එකෙන් ගහන්න ඉන්නේ කියලා අස්මාන් මා සමඟ පැවසුවා. බන්ධනාගාර සිද්ධීන් හෝ ඔවුන් එදා රාත්‍රියේ බන්ධනාගාරය තුළ කරන්න යන දේයක් ගැන කතා කළේ නැහැ. එළියට බහින කම් කචල් එකාක් දා ගන්නේ නැතුව ඉන්න ඔිනේ කියලත්” මා සමඟ පැවසුවා.
බන්ධනාගාර නිලධාරීන් සමඟ අස්මාන්ට සමීප ඇසුරක් තිබු බවත් නැතිනම් ෆොන් පවිච්චි කරන්න බැරි බවත් ඔහු මරා දමන්න දින කිපයකට පෙර නිලධාරියෙකුගේ ගිණුමට ඇතුළේ සිටි රැඳවියෙකු ගිණුමක් මාර්ගයෙන් රුපියල් 50.000 ක් දමා ඇති බව අසමාන්ගේ මිත්‍රයෙකු අප සමඟ කීය. අස්මාන් බන්ධනාගාර නිලධාරීන් සැලකිය යුතු පිරිසකට මුදලින් ආධාර කර ඇති බවත් වාර්තාවේ. ඔහුගෙන් සල්ලි ලබා ගත් සමහර නිළධාරීන් ද මෙම මිලේච්ජ ඝාතනයේ සැකකරුවෝ වෙති.
ඔහු කොස් මල්ලීගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය සමඟ සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා කොස් මල්ලීගේ පාර්ශ්වය සහ බටෝවිට අසංකගේ පාර්ශ්වය එකින්නෙකා මර ගැනීමේ යුද්ධයක නිරතව සිටිති. අපාරාධ කල්ලී අතර මරා ගැනීම වෙනුවට එම කල්ලී සමාජකයින්ගේ ඥාතීන් මරා දැමීම දක්වා ප්‍රතිවිරෝධය දිග්ගැස්සී තිබේ.
අස්මාන් අත්අඩංගුවට ගැනීම
අස්මාන්ව 2025 වර්ෂයේ අම්පාර බක්කි ඇල්ල පොලිසිය මගින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තා යැයි අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොනරාගල රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇත.
බක්කි ඇල්ල පොලිසිය අස්මාන්ව අත්අඩංගුවට ගත් පසු ඔහුව ගල්කිස්ස පොලිසියට අවශ්‍ය පුද්ගලයෙකු දැයි විමසා ඇති බවත් එහි දී වටරප්පර පාරේ සහ සීදුව ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙකු බව දැනුම් දී තිබේ. පසුව ගල්කිස්ස සහ සීදුව පොලිසි මගින් එම ඝාතන සම්බන්ධයෙන් අස්මාන්ට එරෙහිව නඩු පවරන ලදී.
ගල්කිස්ස වටරප්පර පාරේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ලක්ෂ පහක ශරීර ඇප දෙකාක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත අස්මාන්ව මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් සීදුව ද්විත්ව ඝාතන නඩුවට ඇප ලැබීමට නියමිතව තිබු බව ඔහුගේ ඥාති සහෝදරයා අප සමඟ වැඩි දුරටත් පැවසීය.
ගනේමුල්ල සංජිව ඝාතන සම්බන්ධයෙන් අස්මාන් පොලිසියෙන් අත්අඩංගුවට ගන්න රට පුරා මෙහෙයුම් දියත් කළා . පස්සේ බාර වෙන්න කියලා තිබුනා .අහක යන පරිප්පු කන්න බැහැ කියලා ඔහු හැංගිලා හිටියා.පස්සේ ඒ සිද්ධිට සැකපිට පුද්ගයෙකු අත්අඩංගුවට ගත්තා . ඊට පස්සේ පොලිසිය අස්මාන් පසුපස එළවන එක නතර කළ බව ඔහුගේ ඥාතී සහෝදරයා අප සමඟ වැඩිදුරටත් පැවසීය.
අස්මාන්ගේ ළමා සහ පාසැල් අවධිය
අස්මාන්ගේ ගම හෝමාගම වන අතර ඔවුන් හෝමාගම ෆාතිමා මාවතේ පදිංචි සිට ඇත.ඔහුගේ පියා මනෝජි මොහොමඩ් ෂෙරීෆ්ඩීන්ය.ඔහු කලාකරුවෙකු වන අතර හෝමාගම ප්‍රසිද්ධ චරිතයකි. අස්මාන්ගේ මව ෆාතිමා අමිදා ෂෙරීෆ්ඩීන් වන අතර ඇය කෑම ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. ඔහුගේ පවුල සමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත වන අතර අස්මාන් පවුලේ තුන් වැනියා. ඔහුට සහෝදරියන් දෙදනෙකු සහ සහෝදරයෙකු සිටි.

අස්මාන් මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ හෝමාගම ජනාධිපති විද්‍යාලයෙන්ය. ඔහු සමාන්‍ය පෙළ දක්වා ඉගනුම ලබා තිබේ. අස්මාන් දක්ෂ දැල් පන්දු ක්‍රීඩයෙකු වන අතර ඔහු හෝමාගම ක්‍රීඩා සමාජය නියෝජ්‍ය කරමින් ක්‍රීඩා කර ඇත. පසුව අස්මාන් හමුදාවේ දැල් පන්දු කණ්ඩායමට අනුයුක්තව කටයුතු තිබේ. හමුදාවේ සිටියදී ඔහු විවාහ වන අතර ජිවත් වීමට පඩි මදි යැයි හමුදාවෙන් ඉවත් වී ඇත. පසුව අස්මාන් ජිවත් වීම සඳහා විවිධ රැකියාව නිතර වී තිබිණ. අස්මාන්ගේ ජිවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ මෙතැනදීය. මත්ද්‍රව්‍ය වලට මෙන්ම සංවිධානාත්මක අපරාධ වලට යොමු බහුතරයක් දෙනා සමාජය තුළ කැපීපෙනු සංවේදී සහ විවිධ දක්ෂතා පෙන්නු තරුණයෝ වෙති.
ඔහුගේ බිරිඳ සීදුව ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඔවුන්ට දාව අවුරුදු නමයක පිරිමි දරුවෙකු සිටි. අස්මාන් නිතර නිතර පොලිස් අත්අඩංගුවට පත් වීම ගැන කලකිරුනු බිරිඳ ලේබනයට ගොස් ඇත. මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් විසින් පහර දී ඔහුව ඝාතනය කර ඇතැයි සැල වු විගස ඇය ලංකාවට පැමිනියාය.
මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වු ගැටුම මහර ,කුරුවිට සහ පල්ලන්සේන දක්වා පැතිර ගොස් තිබේ.මීගමු බන්ධනාගර කැරැල්ල එම බන්ධනාගාරයේ රැඳවියන් අතර කාලයක් තිස්සේ පැවති ප්‍රතිවිරෝධය පුපුරා යෑමකි. එම කැරැල්ලට තදබදය මෙන්ම රැදවියන් හට සතුන්ටත් වඩා අන්ත විධියට සැලකීමේ වෛෂික කාරණා ද බෙහෙවින් බල පෑවේය. නමුත් ආණ්ඩුව දැනුවත්ව රැඳවියන් මුහුණ දෙන වෛෂික කාරනා වසං කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරායන් සහ ඊට ප්‍රතිවිරුද්ධ රැදවියන් අතර හට ගැටුමක් බව මවා පෙන්වීමට උත්සුක විය. නමුත් දැන් දැන් මීගමුව කැරැල්ලට පාදක සැබෑ තතු නිදහස් වු රැඳයන්ගෙන් දොරේ ගලා එන්නට පටන් ගෙන තිබේ.
මහර බන්ධනාගාරයේ ඇතිවු කැරැල්ලත් සමඟ ආණ්ඩුව බන්ධනාගාර පිපිරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාකත්මක වන බව සැකයක් ඇතැයි පවසති. නමුත් ආණ්ඩුවට මේ කුමන්ත්‍රණය පිටු පස සිටින්නේ කවුද යන්න හෙළි නොකිරීමට වග බලා ගනී. ආණ්ඩුවේ අර්බුදය කොතරම් තිව්‍ර වී ඇද්ද යත් තේ කොප්පයෙත් කිඹුලන් සොයයි.
බන්ධනාගාර වල දැඩි තදබදය , වැසිකිලි සහ අනෙකුත් පහසුකම් නොමැති කම සහ දින නියමක් නොමැතිව සිරකර තැබීම නිසාත් මීගමුව බන්ධනාගාර සිද්ධියේදී බන්ධ පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 03 දෙනෙකු මිය යෑමත් සමඟ බන්ධනාගාර නිලධාරීන් රැදවියන්ගෙන් ඇසට ඇසක් දතට දතක් වශයෙන් දියත් කර ඇති පලි ගැනීම නිසා රැඳවියන් නිලධාරීන්ට එරෙහිව වෛරයෙන් කැරැලි ගසති.
මහර බන්ධනාරයේ රැඳවීමට අනුමත සංඛ්‍යාව 991 කි නමුත් 4400 යක් සිද්ධි වන අවස්ථාවේ රඳවා සිට ඇත. කුරුවිට බන්ධනාගාරයේ අනුමත රැඳවියන් සංඛ්‍යාව 362 නමුත් සිද්ධිය වන අවස්ථාවේ රඳවියන් 1047 දෙනෙකු රඳවා සිටියේය. රඳවියන් මුහුණ දෙන වෛෂික කොන්දේසී පුපුර යන තැනට තෙරපීම ඇති කළේ නිලධාරීහු වෙති. බන්ධනාගාර පාලනය කරන්නේ දුෂිත මෙන්ම මැර නිලධාරීන්ගේ උවමනා එපාකම් මතය. මැගසින් බන්ධනාගාර සිද්ධිය ඊට කදිම නිදසුනකි. රැඳවියන් අතර හට ගත් ගැටුමක් නොව නිලධාරීන් සහ රැදවියන් සුළු පිරිසක් අතර ඇති වු ගැටුමකි. එම ගැටුම ප්‍රයෝජනයට ගත් නිලධාරීන් අස්මාන්ව මරා දැමිණ. බන්ධනාගාර ප්‍රශ්නයට ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩු මුළුමනින් වගකිව යුතු එය මහජනයාගෙන් වසං කිරීමට පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදාගෙන රැඳවියන් එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදා හරින ගමන් සමාජ බිය ගැන්වීමේ උත්සහයක නිරත වෙයි.
මානව වර්ගයා මුහුණ දෙන කිසිදු සමාජ ආර්ථීක ප්‍රශ්නයකට හෝ පාරිසර ප්‍රශ්නයකට ධනපති ක්‍රමටය විසඳුම් නැති තතු යටතේ බන්ධනාගාර තලා දමා ප්‍රශ්නය යට ගැසීම හැර ජාජබ /ජවිපෙ ආණ්ඩුවට වෙනත් විසඳුමක් නොමැත.