වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට ” 53 හර්තාලය” සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !

0
DSC_6274

1953 හර්තාලයට අවුරුදු 73 ක් සපීරිම සමරන මේ මොහොතේ ජිවන වියදම පහත හෙළනු, බඩු මිල අඩු කරනු , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරනු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් මර උගුලෙන් ඉවත්වෙනු යන ඉල්ලීම් වහා ඉටු කරන්නැයි ජාජබ/ජවිපෙ ආණ්ඩුවට බල කර අද (12) සවස 4 ට පා ගනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

ටෙක්නිකල් මංසන්දිය රැස් වු විරෝධතකරුවෝ එම මංසන්දියේ සිට පා ගමනෙන් ඔිල්කට් මාවත ඔස්සේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැමින සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් ආණ්ඩුවට සිය විරෝධතාවය පල කළහ.

වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !

මෙම විරෝධතාවය සංවිධානයකර තිබුනේ සමාජවාදී ජනතා පෙරමුණ මගින්ය. එම විරෝධතාවය 1953 හර්තාලය හා අද අරගලය නමින් නම් කර තිබුණි.

ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය , සම සමාජ පක්ෂය , එක්සත් සමාජවාදී පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පක්ෂය සහ එක්සත් නිදහස් පක්ෂය යන පක්ෂ වලින් සමාජවාදී ජනතා පෙරමුණ සැකැසී තිබේ.

වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !

සුරා කෑමට -එරෙහිව

ශ්‍රමයේ අයිතිය -රකින්න

ජිවන අයිතිය -රකින්න

අපත් සමඟ- පෙරට යමව්

ඉන්දන මිල-බැහැ දරන්න

ගෑස් මිලත් -බැහැ දරන්න

ලයිට් බිලත් -බැහැ දරන්න

බඩු මිලත් -බැහැ දරන්න

ජිවන බර- බැහැ දරන්න

ගසව් ගසව් -කැරලි ගසව්

ගසව් ගසව් -කැරලි ගසව්

වැටුපක් නැහැ – ජිවත් වෙන්න

වැටුප් ඉල්ලා -කැරලි ගසව් යන සටන් පාඨ කියමින් විදුලි බිල අඩු කරනු, අර්ථසාධක අරමුදලට අත නොතබනු , අධිකරණයට අත නොතබනු සහ පළාත් සභා මැතිවරණය වහා පවත්වනු යන පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමනෙන් පැමිනි විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරත වුහ.

වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !
වාමාංශීකයෝ ජාජබ/ජවිපෙ ආණ්ඩුවට " 53 හර්තාලය" සිහි ගන්වමින් ජනතා ප්‍රශ්න විසඳන්නැයි බල කරති !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *