අස්මාන් අයියා කෙඳිරි ගලා වතුර ඉල්ලුවා- සුළු තුවාල තිබුනු අයට ප්‍රතිකාර කරලා තමයි අස්මාන්ට ප්‍රතිකාර කළේ -මැගසින් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් රැඳවියෙකු පවසයි
බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට කම්බිකූරු වලින් සහ පොලු වලින් පහරදීලා බන්ධනාගාර රෝහලට රැගෙන ගිය බවත් අස්මාන් සහ සම්පත් ඇතුළු පහර කෑමට ලක් වු රැඳවියන් එම රෝහලේ බිම දාලා දමා තිබු බවත් රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය මුලින් ප්‍රතිකාර කළේ සුළු තුවාල තිබු අයට වන අතර පාන්දර අස්මාන් කෙදිරිගාමීීන් වතුර ඉල්ලු බවත් අනෙකුත් රැඳවියන්ට ප්‍රතිකාර කර අවසානයේ අස්මාන් ප්‍රතිකාර කළ බව මැගසින් බන්ධනාගාරයේ ප්‍රහාරයට ලක් වී ජිවිතය බේරා ගත් රැඳවියෙකු ඊයේ (12) ඇප මත නිදහස් වී පැමින අද (13) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දකවමින් අනාවරනය කළේය .
මෙසේ මාධ්‍යයට අදහස් දක්වන ලද්දේ විසිහතර හැවිරිදී (24) මහාවිදානගේ නවෝද්‍යා දිල්ෂාන් සෙනවිරත්න නැමති තරුණයා විසිනි.
මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් පසුගිය 06 වෙනිදා රාත්‍රියේ සෙල් කඩා රැදවියන්ට එළියට ගෙන එල්ල කළ ප්‍රහාරයෙන් මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන් නැමති රැඳවියා මිය ගොස් තවත් රැඳවියන් 10 දෙනෙකුට තුවාල සිදු විය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් එම මාධ්‍ය හමුව කැදවා තිබුණි.
සිද්ධිය වෙන වෙලාවේ මම හිටියේ නිදාගෙන බවත් නිලධාරීන් නම් කතා කරනවා ඇහිලා ඇහැරුනු බවත් නිලධාරීන් යකඩ කූරු වලින් ඉබි යතුරු කඩා ලිස්ට් එකකට අනුව අස්මාන් ,සම්පත් සහ තවත් රැඳවියන් පිරිසක් සෙල් එකෙන් එළියට රැගෙන පහර දුන් බවත් නිලධාරීන් අස්මාන්ව සහ සම්පත්ව එළියට ගත්තේ තොපිව අද මරනවා කියා බවත් නිලධාරීන් අස්මාන්ටයි සම්පත්ටයි යකඩ කූරු වලින් සහ පොලු වලින් අමානුෂික පහර දුන් බව දිල්ෂාන් සෙනෙවිරත්න එළි කළේය.
අස්මාන් ඇතුළු රැඳවියන්ගේ නම් කියා සෙල් එකෙන් එළියට ගත්තේ ඉසුරු නැමති බන්ධනාගාර නියාමකයා වන අතර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා බුද්ධික ,රණසිංහ සහ සල්ගාදු යන අය පහරදුන් අය අතර සිටි බවත් අනෙකුත් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටි අතර ඔවුන් දැක්කොත් හදුනා ගත හැකි බවත් ඔහු පැවසීය.
නිලධාරීන් අස්මාන් ,සම්පත් ඇතුළු රැඳවියන්ට පහරදී බීම දිගේ යකඩ ගේට්ටුව ලඟට ඇඳ ගෙන ගිය බවත් ගේට්ටුව ලඟ සුමුඳු මහත්තයාත් එතැන සිටි බවත් අපි පැනලා යන්න උත්සහ කළා වගේ තමයි කැමරා වලට පෙන්නලා ඒ අසල සෙල් එකකට දමලා නැවතත් පහර දුන් බවකි දිල්ෂාන් සෙනෙවිරත්න තමා බේරුනේ සම්පත්ගේ සහ අනෙකුත් රැවියන්ගේ ලේ තවරා ගෙන මම පණ නැතුව වගේ සිටිය බවත් පහර දීම නිසා ඔහුගේ දතක් කැඩි ගොස් ඇති බවත් පෙන්විය.
නොසන්සුන්කාරී තත්වය ඇති වුනේ රැඳවියන් අතර නැතිනම් නිලධාරීන් අතර දැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතරු දෙමින් ඔහු පැවසුවේ නිලධාරීන්ට රැඳවියන් පහර දුන්නේ නැහැ නිලධාරීන් ඊ වාට්ටුවේ රඳවා රැඳවියන් 45 නේ තොරාගත් අය පමනක් එළයට අරගෙන පහර දුන් බවත් අපි හිටයේ විශේෂ ආරක්ෂාව යටතේ බව පැවසීය.
සමාන්‍යයෙන් වාට්ටු වහන්නේ සවස 05 ට ඊ වාට්ටුවේ කාමර පාටි අස්මාන් අයියා නිසාත් ඔහු සමඟ මහත්තරු ලගින් ඇසු කරපු නිසා මහත්වරු ඊ වාට්ටුව වැහුවේ රාත්‍රි 09 යට බව දිල්ෂාන් සෙනෙවිරත්න පැවසීය.
මම බන්ධනාගාර ගත වුනේ 2024 දෙසැම්බර් 09 වෙනිදා අයිස් ග්‍රෑම් 50ක් දලා පොලිසියෙන් මාව රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් බන්ධනාගාරයට යන අලුතෙන් රැඳවියන්ට ආපු ගමන් ගහන අතර කෑම ගැන නම් කතා කරලා වැඩක් නැති බවත් නිලධාරීන් රැඳවියන්ට පහර දෙන්නේ තිරසනුන්ට හපන් විධියට බව පැවසීය.
ආණ්ඩුව සහ ආණ්ඩුව හිතපක්ෂ පාතී මධ්‍යෙ වර්තා කරන්නේ බන්ධනාගර කැරැලි පැන නගින්නේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න උත්සහ කළාම කියලා මෙහි සත්‍යතාවයක් තියේනවා දැයි මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතරු දෙමින් බන්ධනාගාරගතව සිට නිදහස් වු රැඳවියා මෙසේ පැවසීය. ඊ වාට්ටුවේ 45 ක් ඉන්නවා එහෙම නම් ඇයි 11 දෙනෙකුගේ පමනක් තෝරලා අරගෙන පහර දුන්නේ.
එක පාරටට නිලධාරීන් අස්මාන් අයියා ඇතුළු රැඳවියන්ට පහර දුන්නේ ඇයිද කියලා බරපතළ සැකයක් මතු වන බවත් අස්මාන් අයියා සමඟ හෝ සම්පත් අයියා සමඟ නිලධාරීන් කිසිම අමනාපයක් නොතිබුනු බව ඔහු වැඩිදුරටත් පැවසීය