ගා.අ.කො. අල්මේදා මැරුවේ පාතාලයේ කොන්ත්‍රාත් එකකටද? – සැකකරුවන්ගේ ගිණුම් පරික්ෂා කිරීමට අ.ප.දෙ. අධිකරණයේන් අවසර ඉල්ලයි !

0
DSC_6092

අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර මරා කොන්ක්‍රීට් කනුවක ගැට ගසා ගිං ගඟට දමා තිබියදී සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රමේෂ් ලක්ෂාන් සහ ප්‍රසාද් දිසානායක යන සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබා දෙන ලෙසට මහා බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අද (24) රේජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ රමේෂ් ලක්ෂාන් සහ ප්‍රසාද් දිසානායක යන සැකකරුවන්ගේ ගිණුම් පරික්ෂා කිරීමට අවසර බලා ගැනීම සඳහා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීයෙකු අධිකරණයේන් කළ ඉල්ලීම සලකා බලමින්ය .

රමේෂ් ලක්ෂාන් සහ ප්‍රසාද් දිසානායක යන සැකකරුවන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ අයවලුන් වෙති.

කොන්ක්‍රීට් කනුවක ගැට ගසා තිබු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගිං ගඟේ වක්වැල්ල පාලම අසල රැදී තිබියදී පොලිසිය විසින් සොයා ගැනිණ. එම මෘත දේහය අහුන්ගල්ල ලෝකන් වත්තේ පදිංචි තාරුකාර විරාජ් රශ්මික ද සිල්වා නොහොත් අල්මේදා බව පසුව හදුනා ගත්තේය.

රමේෂ් ලක්ෂාන් සහ ප්‍රසාද් දිසානායක සැකකරුවන් අල්මේදාව අත්අඩංගුවට ගෙන ගාල්ල අපරාධ කොට්ඨාශයට රැගෙන ආ පොලිස් දෙපාර්මේන්තුවට අයත් 251-3031 අංකය දරණ වැන් රථය සම්බන්ධයෙන් රස පරික්ෂණ වාර්තාවක් කැඳවා , ලක්ෂ හතලියක බැදුම්කරයකට යටත් මාතර රථ වාහන කොට්ඨාශයට එම වැනි රථය බාර දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ සිද්ධිය සම්බන්ධයේන් සැකපිට අත්අඩංගුවට ගත් ලක්ෂාන් නැමති සැකකරු අද(24) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් නොතිබුනු අතර ඔහු වස්ට්ඇෆ් මාර්ගයේන් නඩුවට සම්බන්ධ විය. ලක්ෂාන් මොනරාගල බන්ධනාගාරයේ රඳවා සිටී. දිසානායක නැමති සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔහුව ද මොනරාගල බන්ධනාගාරයට මාරු කර යවන්නැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි අතර සිරකරුවන් මාරු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් සිරුකරුවන් මාරු කිරීමට අධිකරණ සේවා කොමිසම් සභාව මගින් චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇති අතර ඊට අනුව එය සිදු වන බවත් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඒ ගැන ඉල්ලීමක් කරන්නැයි පැවසු මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඒ සම්බන්ධයෙන් අවධානය පිනිස දැනුම්දිමක් කළ හැකි බවත් කීය.

ලක්ෂාන් නැමති සැකකරු රඳවා සිටින මොනරාගල බන්ධනාගාරයට දිසානායකවත් මාරු යවන්නැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඉල්ලා සිටින්නේ ලක්ෂාන් අල්මේදාගේ ඝාතනයට ආදාල සියල්ල පාපෝච්චාරනය කළ හොත් සියලුම දෙනාම මාට්ටුවන නිසා දිසානායක ලවා ඔහුට බලපෑම් කිරිමට බව විශ්වාසනීය තොරතුරු අප වෙත ලැබි ඇත. ලක්ෂාන් නැමති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින්ය. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පාපෝච්චාරනයක් කිරීමට කැමැත්ත පල කර ඇති අතර පසුව කරන්දෙණිය සුද්දා නඩුවේ වියදම් බාර ගැනීමත් සමඟ ලක්ෂාන්ගේ ස්ථාවරය වෙනස් වී ඇතැයි වාර්තාවේ.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේදී යකඩයා කොහේ දැයි එහි නිලධාරීන් තමාගෙන් අල්මේදා ගැන විමසු බවත් පසුව ඔහුව පෙන්නා හදුනනවා දැයි විමසු බව හේවාගේ විහඟ දෙනෙත් ජයසිංහ නැමැත්තා අල්මේදා මරා දැමිමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දෙන ලදී.

අල්මේදාව අත්අඩංගුවට ගත් ගාල්ල අපරාධ කොට්ඨාශය ඔහුව ලොකු පැටිගේ විරුද්ධ පාර්ශ්වය වන කොස්ගොඩ සුජි සහ කරන්දෙණිය සුද්දාට කෝටි දෙකක මුදලට ලබා දී ඇති බවත් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය අල්මේදාව අමානුෂික ලෙස වධ බන්ධනයන්ට ලක් කර මරා දමා කොන්ක්‍රීට් කනුවක ගැට ගසා ගිංගඟට දැමු බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අල්මේදා අත්අඩංගුවට ගත් බව විද්‍යුත් නාලිකා විකාශනය කළේය. නමුත් ඒ වැනි පුද්ගලයෙකු අත්අඩංගුවට නොගත් බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය පැවසීය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ‌ සේනක පෙරේරා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *