අදහස් ප්‍රකාශ කරන්න ආණ්ඩුවේ අවසරය අවශ්‍ය නැහැ – මේ පනත් කෙටුම් පත අනුව ආණ්ඩුවේ අවසරය අවශ්‍යයි – අන්තිම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම් පතක්-නීතිඥ සංජය විල්සන්

0
DSC_0300-1746x2048

මෙම පනත් කෙටුම් අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ආණ්ඩුවේ අවසර ගන්න ඔිනේ. ආණ්ඩුවේ සහතිකය (sertificate)  නැත්නම් අදහස ප්‍රකාශ කරන්න බැහැ . අර කිව්වා වගේ මුලික භාෂාව පාවිච්චි කිරීම අදහසක් ප්‍රකාශ කිරීම මුලික මුලධර්මයක්. එම මුලධරමයත් එම පනත මගින් උල්ලංඝනය  (violate)  කර ඇති බව නීතිඥ විල්සන් ඔබට අදහස් ප්‍රකාශ කරන්න අද ආණ්ඩුවේ අවසරයක් ගත යුතු නැහැ. නමුත් මේ පනත අනුව ආණ්ඩුවේ පෙන්වා දෙයි .

ඔහු එම අදහස් ප්‍රකාශ කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වරලත් මාධ්‍ය වෘත්තීකයන් සම්බන්ධයේන් ආණ්ඩුව ගෙන එමට නියමිත පනත් කෙටුම්පත පනත පිළිබඳව අගෝස්තු 14 වනදා සවස නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයේදීය.

මේ පනත් කෙටුම්පත අරගෙන කියවන ඔීනෑම නෙනෙක්ට ඒක පැහැදිලි වෙන්න ඔිනා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ගත්තත් මේක කිසි කෙනෙතුට සාධාරණීකරනය කරන්න බැහැ.අපි දන්නවා මාධ්‍යවේදීන්ට ලිය කියන්න කොහොම අයිතිය ලැබිලා තියෙන්නේ කියලා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපට තිබෙනා අයිතියක්  .අපට තිබෙන මුලික අයිතියක් විධියට මානව සමාජය ඇතුලෙත් පිළි අරගෙන තියේනවා . කම්කරු ව්‍යාපාරය කොහොමත් එදා ඉඳලා අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියක් විධියට පිළිගෙන තිබෙනවා. අදහසක් ප්‍රකාශ කිරීම සඳහා ඔබට ආ‍ණ්ඩුවේ නිර්දේශය අවශ්‍යය නැතැයි  ඔහු පැවසීය.

නීතිඥ විල්සන් වැඩිදුරටත් අදහස්දක්වමින් මෙසේ පැවසීය.

වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ කාරනාව ගැසට් කරන්න කලියෙන් මේ පිළිබඳව සාකච්ජාවත් තිබුණා. මාධ්‍ය ඇතුලේ ඒ ගැන හෙළිදරව් වෙමින් පැවතියා. පනත් කෙටුම් පනත ගැසට් කළාට පස්සේ අපි මැදහත්විම කිපයක් කළා.  ඒ පසුබිම යටතේ තමා බිගුන් මේනක සහෝදරයා මේ ගැන කතා කරන්න  මට ආරාධනා  කළේ. මම සම්බන්ධ වන්නේ නීතිඥයෙක් හැටියෙකු වඩා මේ කෙටුම් දිහා අපි බලන්නේ වාම අස්ථානයක ඉඳලා . විප්ලවාදී ව්‍යාපාරය ඇතුළේ  අපි මේ විග්‍රහ කර ගන්නේ කොහොමද කියන කාරණාව සහ මේ පනත විරුද්ධව සටන් කරන්නේ කොහොමද කාරනාව තමයි මම පැහැදිලි කරන්නේ.

මම ඝෘජුවම ට්‍රොස්කිවාදී දේශපාලනයේ නිරත වන කෙනෙක්. දකුණ ආසියාවේ සමාජවාදී නායකත්වය කියන අපේ සංවිධානයක් විධියට අපි වැඩ කරනවා. ලංකාවේ විප්ලවාදී ව්‍යාපාරයේ සමාජවාදී සමානතා පක්ෂයේ වාම කණ්ඩායම විධියට අපි වැඩ කරනවා. thesocialist.lk වෙබ් අඩවිය කරන්නේ අපි.  මුලිකවම අපි අපේ වෙබ් අඩවිය හරහා මෙම කෙටුම්පත ඉදිරිපත් කළා .පස්සේ ජුලි මාසයේ 30  මේ ගැන ඉංග්‍රීසියෙන් ලිපියක් පල කළා CIM Bill Why We are Intervening in the FMM Forum -Independent Class Line for Press Freedom )  මේ ලිපිය ඇතුලේ අපි දිර්ඝ වශයෙන්ම  පැහැදිල කළා. මේ වන කොටමත් පැහැදිලියි. මේතැන ඉන්න මාධ්‍යවේදීන්ට වගේම මේක අහන මාධ්‍යවේදීයේකුට, තරුණයේකුට ශිෂ්‍යයේකුට පවා වැට හෙනවා මේ පනතේ තිබෙන අන්තිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපය. දැනටමත් කරළා තිබෙන පැහැදිලිකම් යටතේ ඒ කාරනාව පැහැදිලි. මේ ලිපිය ඇතුලේ ජුලි 16 වෙන කොට අපි පැහැදිලි කළා මේ පනත් කෙටුම් පනතේ ඇති භායනක කම. ‌

මේ මුලික වශයෙන් කරන දේ යම්කිසි ආයතනයක් පිහිටුවනවා .මට කලින් කතා කළ සිරාල් ලක්තිකලත් දැනටමත් එක පැහැදිලි කළා .  ඒ සම්බන්ධයේන් ඇති තරම් පැහැදිලියි.  මේ පනත් කෙටුම්පත අරගෙන කියවන ඔීනෑම නෙනෙක්ට ඒක පැහැදිලි වෙන්න ඔිනා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ගත්තත් මේක කිසි කෙනෙතුට සාධාරණීකරණය කරන්න බැහැ.

අපි දන්නවා මාධ්‍යවේදීන්ට ලිය කියන්න කොහොම අයිතිය ලැබිලා තියෙන්නේ කියලා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපට තිබෙනා අයිතියක්  .අපට තිබෙන මුලික අයිතියක් විධියට මානව සමාජය ඇතුලෙත් පිළි අරගෙන තියේනවා . කම්කරු ව්‍යාපාරය ඇතුලේ කොහොමත් එදා ඉඳලා අදහස් ප්‍රකාශ කිරීම මුලික අයිතියක් විධියට පිළිගෙන තිබෙනවා. අදහසක් ප්‍රකාශ කිරීම සඳහා ඔබට ආ‍ණ්ඩුවේ නිර්දේශය අවශ්‍යය නැහැ. එත් මේ පනත අනුව අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුවේ පිළිගැනීම අවශ්‍යයි.  ආණ්ඩුවේ පිළිගැනීමක් නැති කෙනාට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක්  නැහැ. ඒ සඳහා ඔයාට සුජාත භාවයක් අවශ්‍යයි .  මහජනතාව තුළ අදහසක් ඇති කරනවා ඔහුට අදහස් ප්‍රකාශ කරන්න සුජාත භාවයක් නැහැ කියලා. අද ඔය ප්‍රශ්නය තවමත් අපට නැහැ. අපි මුහුණු පොතේ ,ටික්ටොක්  සහ  යුටියුබ් වල ලියනවා. හැම කෙනාටම ඒ අයිතිය තියෙනවා. ඔින තරම් කන්ටෙන් ක්රේටස් (content crearor )  ඉන්නවා. මේ පනත ක්‍රියාත්මක වුනොත් කන්ටෙන් ක්රේටස් ආණ්ඩුවේ සහතිකය නැහැ. සහතිකය දෙන්නේ ආණ්ඩුවෙන් . එක දෙන්නේ නැතිනම්  තැනකට ගිහිල්ල මාධ්‍ය ආවරන කටයුතු වල නියැලෙන්න බැහැ . ආණ්ඩුව නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත සම්බන්ධයේන් ඔිවැනි ප්‍රශ්නයක් පැන නැගුනා. නමුත් දැනටමත් ඔය කාරනය වෙනවා. ආණ්ඩුව ජනමාධ්‍යවේදීන්ට හැදුනුම්පතක් නිකතු කරනවා .ඒ  හැදුනුම්පතක් නැත්නම් ආණ්ඩුවේ කැබ්නට් මාධ්‍ය හමුව වාර්තා කරන්න බැහැ. එකට විරුද්ධ වෙච්ච මාධ්‍යවේදීන් ඉන්නවා. ආණ්ඩුවේ මේ කියන හැදුනුම්පත ලබා ගත්තේ අයත් ඉන්නවා .Thesocilist.lk ආණ්ඩුව නිකුත් කරන ඒ හැදුනුම්පත අපි අර‌ගෙන නැහැ. අපි ගන්නෙත් නැහැ . අපි ලියන්නේ සමාජවාදී අදහස් .තව කෙනෙකුට වෙනත් අදහස් ලියන්න පුළුවන් .

මාධ්‍යවේදියෙකු මාධ්‍ය අවරනය කරන කොට පොලිසිය අත්අඩංගුවට ගන්න පුළුවන් . ඒ අවස්ථාවේ අහන්න පුළුවන් කෝ ඔයාගේ මාධ්‍ය  හැදුනුම්පත කියලා  ප්‍රශ්න කරන්න  පුළුවන්. සමහරු හිතන්නේ පොලිසිය මේ කාරනය දන්නේ නැහැ කියලා.නමුත් පොලිසිය දන්නවා මාධ්‍ය හැදුනුම්පත නැතත් අවරණය කරන්න පුළුවන් කියලා .ඔිනෑම පුරවැසියෙකුට තමන්ගේ දුරකතනය පාවිච්චි කරලා රූප පිංතුරු ගන්න හෝ  විඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරින්න  අයිතියක් තියේනවා. එක ඉදිරියේදී කරන්න බැරි වෙනවා. යම්කිසි තැනක ගිහිල්ල මාධ්‍ය ආවරනයක් කරන කොට ඒකට මාධ්‍ය හැදුනුම්පත පමනක් නොව මාධ්‍ය ලයිසන් එකකුත් අවශ්‍යයි.  එතකොට මාධ්‍ය සුජාත භාවය පිළිබඳ ප්‍රශ්නය මතු වෙල ඉවරයි . උද්ඝෝෂණයක් හෝ  වෙනත් දෙයක් වෙන්න පුළුවන්  මාධ්‍ය වාර්තා කරන්න ගියහම  පොලිසිය හෝ වෙනත් බලධරයෙක් වරලත් විගනන සහතිකය ඉල්ලන ඉඩ තියේනවා. ඔබ මේ ආයතනයේ සමාජිකයෙක් ද? එම සහතිකය ඉදිරිපත් කරන්න අපොහොසත් වුනොත් වර්තා කරන්න බැහැ . අන්තිම පැහැදිලියි මේ පනත් කෙටුම්පතින් කරන්නේ මොකොක් ද කියලා . එක  පැත්තකින් මාධ්‍යවේදීන්ට සහතිකයක් දෙනවා.  දැන් ඔබට තිබෙනවා පිළිගැනීමක් එක හරහා යම්කිසි මාධ්‍යවේදීන් කොට්ඨාශයකට  විශේෂයෙන්ම සංස්ථාපිත  මාධ්‍ය ආයතන වල ඉන්න මාධ්‍යවේදීන්ට   . ඉංජිනේරු , ගණකාධිකාරී වෘත්තීන්ට වගේම අපේ වෘත්තීයටත්  වෘත්තීමය පිළිගැනීමක් ලැබෙනවා කියලා හිතනවා. මේ පනත් කෙටුම්පනත එන්න කලියෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළා නියෝජ්‍ය ඇමතිවරියක් . මාධ්‍ය විගන ආයතන පිහිටුවාට  පස්සේ රක්ෂණ ආවරණ, වෙනත් ආකාරයේ වරදානයන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියලා . සමාජාරක්ෂණ ප්‍රතිලාභ මේ හරහා ලැබෙනවා කියලා .  මේ ඉදිරිපත් කරන්නේ මාධ්‍ය සහෝදරවරුවන්ව බෙදන්න. එක කණ්ඩායමක් කැමති වෙනවා .අනෙක් කණ්ඩායම ඊට විරුද්ධ වෙනවා.  අපි මේක ගන්නවා  කියන කොට සමාජය මාධ්‍යයේ වැඩ කටයුතු කරන කන්ටෙන් ක්රේටස්   අමතක කරනවා . ඒ සහෝදරවරු පත්වන ඉරණම මොකක්ද කියන එකාත්  සමස්තයක් විධියට ප්‍රකාශන නිදහසට අත් වන ඉරණම මොකක්ද?  කියන එකත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට සහෝදරවරුන්ට අවස්ථාව නැති කරනවා .ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම බැහැර කරනවා. මේක එක්තරා මාධ්‍ය කණ්ඩායමකට අල්ලසක් දීමක් .

මේ විදියට පැහැදිලි ආණ්ඩු කොච්චර ප්‍රමානයකින් කන්ටෙන් ක්රේටස්  සම්බන්ධයෙන් භිතියක් දක්වනවාද කියලා . මම කලින් කිව්වා මම මේ සාකච්ජාවට සම්බන්ධ වන්නේ වමෙන් කියලා.මම මගේ කතාව පනත් කෙටුම්පතේ වගන්ති වලින් නතර කරන්නේ නැහැ .  කෙටුම්පතේ වගන්ති  වලින් අපට නෙතර වෙන්න බැහැ . මේ පනත් කෙටුම්පත ගත්තාම එක එන්නේ ආණ්ඩුව බලයට පත් වෙලා  දිගින් දිගටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ පිළිවෙල ගැන අරගෙන යන කාලපරිජේදයක් ඇතුලේ. තවමත් කම්කරුවන්ගේ අරගල පැන නොනගින තත්වයක් අපි දකිනවා.  මුල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත මේ ආණ්ඩුව මහජනයගේ අයිතීන් කප්පාදු කරමින් ඉන්නවා . මහජනතාවට එදිනෙදා ජිවිතය ගත කරන්න බැරි තරමටම බඩු මිල ඉහල ගිහිල්ලා . එදිනෙදා ජිවිතයේ තුන් වේල කා ගන්න බැරි  ජනතාවක්  නිර්මානය වෙලා .මෙහෙම තියේද්දීත් කෙනෙකුට ප්‍රශ්නයක එන්න පුළුවන් කෝ උද්ඝෝෂණ කියලා. උද්ඝෝෂණ  කිපයක් පසුගියදා සිද්ධ වුණා. මේ කෙන් පැහැදිලිව පේන දේ තමා  හේතුව තමා ලංකාවේ වෘත්තීය සමිති කම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්න යට ගහගෙන ඉන්නේ කියලා . උද්ඝෝෂණ පැන නැගීමට අඅත්‍යාවශ්‍ය තත්වයක් යටතේ වුවත් කම්කරුවන්  මර්දනය කරගෙන ඉන්නේ වෘත්තීය සමිති .  වෘත්තීය සමිති පාලනය කරමින් ඉන්නවා ආණ්ඩුව .2022අරගලයේන් පස්සේ තවමත් දැක්කේ නැහැ කම්කරුවෝ විදීයට ඇවිල්ලා සටන් කරලා සමස්ත මහා වැඩ වර්ජනයකට යනවා . ආණ්ඩුව මේ තරම් භායනක කෙටුම් පනතක් ගෙනැද්දී  වෘත්තීය සමිති මොනවාද කළේ.

නමුත් සමාජ තුළ  කැකෑරේන  සමාජ අරබුදය කොහේන්ද ?විද්‍යාමාන  වෙන්නේ   බන්ධනාගාර පුපුර යෑම එක පැතිකඩක්. මහජනතාව එද්නෙදා ජිවිවත් වන්න  බැරි තරමට බඩු මිල ඉහල ගිහිල්ලා තියේනවා .මහජනතාව මත බදු බර පැටවලා තියේනවා. මධ්‍යම පන්තියට මේ අර්බුදය තදින් වැදිලා.මේ කැකෑරෙන් සමාජ අර්බුදය ආණ්ඩුව හොදින්  දන්නවා. මාධ්‍යවේදී සහෝදරවරුවන්ට මෙන්ම මේ රටේ කම්කරු -පීඩිත ජනයාට තරුණයන්ට ශිෂ්‍යයන්ට තේරෙන්න ඔ්න  ආණ්ඩු කරමින් ඉන්නේ මොකක්ද?කියලා. ආණ්ඩු 22වන ව්‍යවස්ථා සංශෝධනය, මාධ්‍ය වෘත්තීකයන්ගේ පනත , එන්ජිඔ් පනත යන පනත් වල තියේන්නේ එකම ශපාලන හරයක්. මහජනයා තමගේ කැකෑරෙන සමාජ අර්බුදය  සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් ඉන්නවා. එහෙනම් මේසමාජ මාධ්‍යය වාරණය කරන්න අවශ්‍යයි.මේ සමාජ මාධ්‍ය පාලනය (control) කරන්න අවශ්‍යයි. ආණ්ඩුව සමාජ මාධ්‍ය දකින්නේ කඹය නැති අශ්වයා වගේ  ඔහේ යනවා. ආණ්ඩුවට අවශ්‍ය සමාජ මාධ්‍ය පාලනය කරන්න. එක තමා ආණ්ඩුවේ ගණන් බැලිම. අපි පැහැදිලවම කියනවා මේ රටේ වෘත්තීය සමිති ආණ්ඩුවත් සමග සම්මුඛ වෙලා ඉන්නවා කියලා. කරම්කරුවෝ මේ තත්වය වැඩි කල් බලාගෙන ඉන්නේ නැහැ. ආණ්ඩුවව සමඟ වගේ විපක්ෂය සමඟ සිටින වෘත්තීය සමිතිත් මේ පද්ධතිය ආරක්ෂා කරනවා.  මේ සියලුම දෙනාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙල සමඟ එකට පෙළ ගැහිල ඉන්නවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සමඟ සිට ගන්නා කිසිම කොනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හෝ  මේ කෙටුම්පත් වලට විරුද්ධ වෙන්න  බැහැ. ජාත්‍යන්තර මුල්‍ය කතිපාධිප්‍යයේ අවශ්‍යතාවයන් සමඟ පෙළ ගැහිලා තමන් මර්දන නීති කරළියට එන්නේ.

එදා විලක්ෂයේ ඉන්න කොට  ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල විචේචනය කළ ජවිපෙ ආණ්ඩුව අද රනිල් වික්‍රමසිංහටත් වඩා හොදින්  එම මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙල ක්‍රියාවට දමනවා.  මේ සමාජ අර්බුදය නැමැති බෝමබය කොයි වෙලාවේ පුපුරයි දන්නේ නැහැ. 2022 අරගලය අවේ එහෙමයි . පාලක පන්තිය එක අවබෝධ කරගෙන ඉන්නේ .එක යටපත් කරගෙන ඉන්න නම් මර්දන නීති අවශ්‍යයි.

මේ අණපනත් පරාජ කළ යුතුයි. කොහොම පරාජය කරන්නේ. ඒ සඳහා වැඩ පිළිවෙල වල් කීපයක් තියේනවා. එකාක් උසාවි ගිහිල්ලා මේ පනත් වලට අභියෝග කරනවා.  එකෙත් දේශපාලනයක් තියේනවා. මොකක්ද ඒ දේශපාලනය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල් අභියෝග කරලා තියේනවා.මේ ගෙන අණ පනත් සමාජ ආර්ථික ක්‍රමයට හෝ මුල්‍ය අරමුලේ වැඩ පිළිවෙලට කිසිම සම්බන්ධයෙක් නැහැ .උසාවි ගිහිල්ලා බේර ගන්න පුළුවන් කියන මතය. ව්‍යවස්ථා විරෝධී කියලා ඊට එරෙහිව පෙත්සමක් ගොනු කරනවා.  එම පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පටහැනි නම් උසාවිය එම පනත් කෙටුම්පත සකස් දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ 3/2 ජන්දයෙන් සම්මත කළ මේක නීතියක් බවට පත් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පැහැනි නම් බොහෝ වෙලාවට ජනමත චිවරනයකට යන්න කියලා උසාවිය නියම කරනවා..මිට කලියේන්  පනත් කෙටුම් පනතක් සම්බන්ධයේන් ජනමත විචාරනයකට ගිහිල්ලා නැහැ. නමුත් අපි දන්නේ උසාවිය මොන වගේ සංශෝධන ඉදිරිපත් කරයි ද? කියලා. නමුත් පනත් කෙටුම් පතේ මුලික එල්ලය මොකක්ද?


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed