හිටපු ආරක්ෂක ඇමති අලස් වැටුප් නොගෙවා ETF වංචා කර ඇතැයි මාධ්‍යවේදීන් චෝදනා කරති !
මව්බිම සහ ස්ලොන් ටුඩේ පුවත්පත් වල සේවය කළ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ වැටුප් නොගෙවා සහ ඊ.පී එෆ් , ඊ.ටි.එෆ් මුදල් සේවක අර්ධ සාධක අරමුදලට බැර නොකර සහ සුභසාධක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එහි අයිතිකරුවන හිටපු ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට විරෝධය පා රැකියා අහිමි වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් අද (03) උදේ රොස්මිඩ් පෙදෙසයේ පිහිටි කාර්යාලය ඉදිරිපිටට රැස් වුහ.
මව්බිමේ පාලනාධිකාරීය මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට මව්බිමේ කාර්යාලයට ඇතුළු විමට නොහැකි වන පරිදි වාහන හරස් කර තිබුණි.
කම්කරු දෙපාර්මේන්තුවට මේ සම්බන්ධයෙන් එම පුවත්පත් දෙකේ සේවකයන් සහ මාධ්‍ය සංවිධාන පැමිනි කළ ද මේවන තෙක් නිසි විමර්ශනයක් සිදු කර එම මුදල් අය කර ගැනීමට හෝ වැටුප් ප්රශ්නය විසඳා දීමට එම දෙපාර්මේන්තුව කටයුතු කර නැතැයි රැකියා අහිමි වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයෝ පවසති.
ටිරාන් අලස් ජනාධිපති අනුර කුමාරගේ ගජ මිතුරෙකු නිසා, කම්කරු දෙපාර්මේන්තුව අලස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන බව රැකියා අහිමි වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයෝ පවසති.
මව්බිමේ පාලනාධිකාරීය සේවකයින්ට නොදන්නා මාර්තු මස සිට අත්තනෝමතිකව පුවත්පත් දෙකා වසා දමා ඇත.
මේ අවස්ථාවට මාධ්‍ය සංවිධාන සඳහා ආරාධනා කර තිබුන ද සහභාගි වී සිටියේ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධයවේදින්ගේ සංමයේ නියෝජිතායා පමනි.

මව්බිම පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ බිගුන් මේනක අදහස් දක්වන අයුරු.


මව්බිමේ කාර්යාලයට ඇතුළු ස්ථානය අවහිර කර ඇති අයුරු.