PSTA කට හැරියොත් හිරේ – වෘත්තිය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය කියයි !
PSTA පනත වහා හකුළා ගන්නැයි ආණ්ඩුුුවට බල කර අද (06) සවස 4ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.
එම විරෝධතා උද්‌ඝෝෂණය වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය මගින් සංවිධානය කරන ලදි.
මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේගයේ , එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති වල නායකයින් හා සමාජිකයින් සහභාගි වී සිටියහ.
PSTA කට හැරියොත් හිරේ ,ත්‍රස්ත පනත වහා හකුළා ගනු සහ PSTA ගෙනාවොත් GSP අහෝසි වෙනවා යනුවෙන් ලියන ලද පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ.













