ප්‍රජාතන්ත්‍රවාදයේ පුජනීය පරමාර්ථ වලට එරෙහිව නාභිගත කුඩා කණ්ඩායමක් ඇති කළ අර්බුදයක්.-ඩලස් අලහප්පෙරුම

Dulles-Alahapperuma

අගමැතිවරයා ප්‍රමුඛ කබිනටි මණ්ඩලය ඉල්ලා අස් වි සර්ව පාක්ෂික රජයක් ගොඩඟන අභියෝගය ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දෙන්නැයි හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් ඉල්ලයි .

මිට වසර දෙකකට ඉහත දී ජනතාව අප පිළිබඳව තැබු විශ්වාසය ඉතා බරපතළ ලෙස නාය ගොස් තිබෙන බවත් එසේ විමට කේන්ද්‍රීය හේතුන් කුමක්දැයි අප අවංකවම හදුනාගත යුතුව බව අලහප්පෙරුම සඳහන් කර ඇත .

මෙම අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදයේ පුජනීය පරමාර්ථ වලට සහ ආකෘතින්ට පිටුපා නාභිගත කුඩා පුද්ගල කණ්ඩායම් විසින් සිදුකළ ආණ්ඩුකරණයක් බව සක්සුදක් සේ පැහැදිලි යැයි අලහප්පෙරුම තවදුරටත් එම ලිපයේ සඳහන් කරයි .

එම ලිපියේ වැඩ්දුරටත් මෙසේ සඳහන් වෙයි.

අපගේ දේශපාලන දිවිය තුල මුහුණ පා සිටින බරපතළ ආර්ථික අර්බුදය නිර්මානය වු වර්තමානයට අප ද ඊට වගකිව යුතුයි .

පසුගිය දශක හතරක රාජ්‍ය පාලකයන් විසින් අනුගමනය කරනු ලැබු අතාර්තික අදුරදර්ශී මෙන්ම ඇතැම් විට අනීතික ආර්ථික සහ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය අවසාන ප්‍රතිඵලය ලෙසයි . එම අවිචාරවත් රාජ්‍ය මුල්‍ය පිරිහිමට අමතරව කොවිඩි වසංගතය විසින් සමස්ථ රාජ්‍ය දේහයම ඔත්පල කොට පුරවැසියා අපේක්ෂාභංගත්වයේ මාවතකට යොමු කර ඇත .

WhatsApp Image 2022-04-22 at 11.31.45 PM
WhatsApp Image 2022-04-22 at 11.31.46 PM