21 කඩාකප්පල් කළහොත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය අතහරිද?

අධ්කරණ ඇමති විජේදාස රාජපක්ෂ 21 වන සංශෝධනය අද (24) කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යයි.

21 වන සංශෝධනය යටතේ නැවත විගණන, පොලිස්, ප්‍රසම්පාදන රාජය සේවා සහ තොරතුරු ඇතුළු කොමිසන් සභා බලාත්මක කිරීමට නියමිත ඇති අතර ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ සංශෝධනයක් ද ඊට ඇතුත් කර ඇත .

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය ලබා ගැනීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවල දී 21වැනි සංශෝධනය ගෙන ඒමට එකගවී ඇති බවත් එම එකඟත්වය අනුව වික්‍රමසිංහ අගමැති ධුරය භාර වික්‍රමසිංහ මහතා එකග ඇති බවත් වාර්තාවේ
.
21 වන සංශෝධනය ගෙන එමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රජපක්ෂ ගේ කණඩායම කටයුතු කරමින් සිට්න බව වාර්තා වන අතර රට මුහුණ පා ඇති අර්බුදය හමුවේ දැන් අවශ්‍ය කරන්නේ ,21 වන සංශෝධනය නොව බඩු මිල අඩු කර ජනතාවට සහනදීම බව එම කණ්ඩායම පවසති .

මේ වන විටත් 21 වන සංශෝධනයේ ද්විත්ව පුරවැසි භාවය ඇතුළු වැදගත්ම වගන්ති ඉවත් කිරීමට දැඩි බලපෑමක් බැසිල් ගේ කණ්ඩාය සිදු කරමින් සිටින බවත් 21 වන සංශෝධනය කැබිනට් අනුමැතිය නොලැබු හොත් අද සවස හෝ හෙට දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

dtnext_2022-05_d9d3123c-86ae-4d58-8d8f-d7a7124bb8d4_Ranil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *