නියෝජ්‍ය පොලිපති දේශබන්දු තෙන්නකෝන් ගෝඨා ගෝ ගමට පහාරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති නීතිඥ වන්නිනායක ගුනරත්න කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් හෙට (25) සලකා බැලීමට නියමිතයි .
ගෝඨා ගෝ ගමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයන් පහාර දෙන අවස්ථාවේ එම ස්ථානයේ සිටි උසස්ම පොලිස් නිලධාරිය නියෝජ්‍ය පොලිපති තෙන්නකෝන් වන බවත් තෙන්නකෝන් රාජකාරිය පැහැර හරිමින් මැරයන්ට උදව් කළා යැයි මෝසම මගින් ඔහුට චෝදනා ගොනුකර ඇත .